.

.

Jun 10, 2010

දික්තල කාළගෝල නාට්ටිය.. - Vesak Drama Festival

.
පොඩි කාළේ වසවර්ති මාරයෝ උනත්, ගමේ ළමා සමාජයේ යාව ජීව සාමජිකයෙක් තමයි මම. ඔන්න ඉතිං වෙසක් උත්සවයට නාට්ටියක් පෙන්නවන්න එකමුතු තරුණ කැළ (හැමදාම වලී) තීරණය කළා. නාට්ටිය එච්චරම දිග නැති නිසා. භක්ති ගීත, පොඩි නාට්‍ය ජවනිකා එහෙම නාට්ටියට කළින් පෙන්වනවා. ඒකට ළමා සමාජයේ අපිත් වැඩියිටියොත් කවුරුත් එකතුවෙනවා.

මේවර පෙන්වන රජකාලේ ජවනිකාවලට අවශ්‍ය ඇඳුම් සඳහා අනුග්‍රහය අම්මලගෙන් (පරණ සාරී විනාසයි.) පසුතල නිර්මාණවලට ඒ කාළේ ලිප්ටන් බෝඩ් ඇඳපු මාමගෙන් ෆුල් සප් එක. වේදීකාවේ තිර, ඇඳ ඇතිරිලි, ඒවා පූට්ටු කර දීමෙන් සාදර අනුග්‍රහය දක්වන්නේ සේන ටේලර්ස්. පොල් කොට උඩ ලෑලී දාල හදන ස්ටෙජ් එක, ගෙදර පුටුවක්වත් නැති නන්දේ මාමාගෙන්.

ඔන්න පළවෙනි මංගල දර්ශනය පෙන්වන වෙසක් පෝය දවස. පන්සලේ නායක හාමුදුරුවො. ගමේ කෙරුමො ඉස්සරහ පේලීවල පුටුවල, ඊට පිටිපස්සෙ හොටු පෙරාගත්ත කොල්ලො කෙල්ලො, ඊට පස්සෙ ගමේ මාමල නැන්දල. ඊට පස්සෙං ගමේ රස්තියාදූකාරයෝ. ඔය අතරෙ කරපු පව් සමාකරන්න කැළණි යන අයත් ඉන්නවා. සෙනග සූ ගාලා.

පොල්තෙල් පහන් දල්වල, ජාතික ගීය කියල, භක්තී ගීත ගායනයකින් වැඩසටහන ආරම්භ වුනා. ඊළගට තිබුනු අංගය තමයි දික්තල කාළගෝල. ඔරිජිනල් නාට්ටියේ ගායනා දෙකට (ආලේ බැන්ද මාගේ රම්‍ය වන් සහ ඇන්නෑවේ මේ මළ කෝළං.) ඉදිරිපත් කරන රංගනය.

ඔන්න එනවුස්මන්ට් එක දුන්නයින් පස්සෙ තිරය ඇරුනා. හෝ ගාලා චියර් එක. මොකද මේකේ කාළ ගෝළයට ඉන්නෙ තරුණ සංගමේ සභාපති මිනිහ හෙන ජනප්‍රියයි. දික්තලට ඉන්නෙ පැත්තෙ ඉන්න හැන්ඩිම කොල්ල, කෙල්ලට ඇඳලා, මිනිහත් හෙන ජනප්‍රියයි.

කාළගෝලයයි දික්තලයි වේදීකාවේ. පසුබිම් සංගීතයට සාර්ථක රංඟනයක යෙදෙනවා. ඒ කියන්නෙ කාළගොල දෙකට නැමිලා බොහොම සතුටින් දික්තල ලැබුන එකට. දික්තලා ඉතාම කනගාටුවෙන් කැත මිට්ටෙක් සමඟ දීග යන්න උනාට. කාළගෝලය ආදරෙන් ලංවෙන කොට, දික්තලා නොරුස්නා ආකාරයෙන් ඉවත් වෙනව.

ටික වෙලාවෙයි ගියේ, තාත්වික රංගනය වෙනස් වෙලා චරිතවල ඉරියව් වෙනස් උනා. ජනප්‍රිය සිංහල ච්ත්‍රපටියක වගේ. දැන් කාළගෝලයට මළ පැනල දික්තලා ලඟටවත් එන්නෙ නෑ. දික්තල ලං වෙන කොටම කාළගෝල කෙලින් වෙනවා. ආයිත් නාටිටිය මතක් වෙලා දෙකට නැමිල, දික්තලගෙන් ඉවත්වෙනවා. දික්තල හරිම සන්තොසෙන් කාළගෝල ළඟටම යනවා

දෙවන ගීතයේදී තත්වය තවත් දරුණු උනා. ගීතය ඉවර වෙලා තිරේ වහන්නත් කලින් දික්තල වෙදිකාවෙන් බැහැල රෙදිත් උස්සගෙන සෙනඟ මැදින් දිව්ව. කාළගෝල කොන්දත් කෙලින් තියාගෙන දිකතලා පස්සෙ. ඊළඟ ජවනීකාවලට ඉන්න රජවරු බිසෝවරු උන් දෙන්නගෙ පස්සේ. කොල්ලො එකසිය ගානට හූ තියනවා.

ටිකක් දුර දුවපු දික්තලා කාළගෝලයට අහූවුනා, දෙකයි අනින්න උනේ අනිත් රජවරු ඉදිරිපත් වෙලා දික්තලා බේරගත්ත.

දික්තලා එයාගේ යාලුවොත් එක්ක ගෙදර ගියා. ප්‍රධාන නට්ටියේ ප්‍රධාන චරිතය රඟන්න හිටපු කාළගෝල රජවරු බිසෝවරු එක්ක වේදීකාව පැත්තට ගියා.

මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ...?,

දික්තලා ඇල්පෙනෙත්තක් තියාගෙන අහුවෙන හැම සැරේම කාළගොලයට ඇනල. කාළගෝලය සමරිසි වැඩේට කප් ගහපු එකෙක්. පුහුණුවීම් වෙලාවේ මූ දික්තලාට අනවශ්‍ය දෙයක් කරළ, ඒකට රිටන් එක තමයි නාට්ටියේදී හම්බ උනේ..

ප: ලි:
මේක මතක් උනේ ටැබූගේ සමරිසි කතන්දර දැකල. නාට්ටියේ දික්තලාට හිටපු හැන්ඩි කොල්ල කවුද කියල ඔහේලට හිතා ගන්න පුලුවන් නේ...?
ඊළග දවස් දෙකේ මේ අංගය නැතුව තමයි නාට්ටිය පෙන්නුවේ.

12 comments:

  1. තාමත් කෙල්ලට අඳිනවද?

    ගෙදර සාරි හෙමත් ඇතිනේ, ඉස්සර වගේ අම්මගේ පටණ සාරි නෙමේ හොඳ කැෂ්මියර් ඒව.

    ReplyDelete
  2. @ කතන්දර

    කසාද බඳින්න ඉස්සෙල්ල සිංහ, දැන් ගෙදරදි නම් කන්‍යා. නෝන බඳින්න පෙර කන්‍යා, දැන් මකර... හෙහ් හෙහ්....

    මොන පිස්සුද අනේ මඟුල් ගෙවල් වල අඳින්නෙත් කළසම් කෝට්. ඔෆීස් එකේ බේරෙන්න බැරි නිසා කාළයක් සාරි ඇන්ද. දැන් ඒකත් නැහැ

    ReplyDelete
  3. අනේ අපොයි! මාතලන් කිව්වට හොරෙක්ගෙ පෙනුම නෑ වගේ!! හික් හික්!!

    ReplyDelete
  4. @ blog gadol

    ඒකම නෙමෙයි හේතුව. කාළගෝලයට කිසි ටේස්ට් එකක් නෑ ඕන එකෙක්. බැන්දෙනම් ඒ පැත්තෙ හිටපු ලස්සනම කෑල්ල...

    ReplyDelete
  5. බඳින්න ඉස්සෙල්ලෙ සිංහ, දැන් වෘෂභ, නේද ඇත්ත කතාව.
    මේ, කාලගෝලගෙ ගේ පැත්තෙ යන්න එහෙම තියාගත්තෙ නෑ නේද.
    ඕකට යන ඇම්ඩගෙ කතාවක් තීනව, මං කපන මන්ඩ්ඩලේට අහු නොවෙන්න සංස්කරණය කරල ඔන්න දාල තීනව.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මාතලන් ගොයියත් හොඳ හොඳ ජවුසම් නටපු පොරක් වගේ :)

    ReplyDelete
  8. අපොයි දෙයියනේ.. හික් හික්!

    ReplyDelete
  9. බු හා..හා.. හාාා බි.පෙ.සි. නිදා සිටින ගෙදර මිනිස්සු ඇහැරි මාව එළියට දමන්න කලියෙන් සිනහව ගිල ගනිමි....!රසවත් සටහනක්...!

    ReplyDelete
  10. උඹ මාර බඩුවක් ගොයියෝ . .

    ReplyDelete
  11. @ උපසාන්ත
    උඹේ පෝස්ට් එක මරු කොලුවො.. පොඩි කොක්කක් නේද...?

    @ හසිත
    හුහ්... එහෙනං... අපි නටපු ජවුසම් බොළාට කිව්වොත් හෙම.....

    @ වැම්පයර්
    අපේ අම්මත් කිව්වෙ ඔය ටිකමයි....

    @ ෆා ද බ්ලොගී
    බොළ කෙල්ලේ.... සිනා නොමසෙන් දසන් දක්වා....

    @ දුකා
    අපි එහම තමා මචෝ.. තව දෙන්නම්කො පස්සෙ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න