.

.

May 29, 2011

රණවිරු සුපර් ඉස්ටාර් - ජනමූල, ලොක්කට අමාරුයි - Ranaviru Supers Star

සුපර් ඉස්ටාර්ලා සැරසෙන කිට් එකකින් සැරසුනු ජනාධිපතිතුමා. නෝනලාට සැරසෙන්නට කාළයක් යන බැවින්, කිතුල් පැනි දැමූ ප්ලෙන්ටියක රස බලමින්, සාලයට පැමින අසුන් ගත්තේය. කාමරය දෙසින් කිසීම හාවක් හූවක් නැති බැවින්ද, විනාඩි 30 පමණ ගතවූ බැවින්ද, ලොක්කා හඬ අවදි කලේය..
"මේ නෝනේ ඔහේ ලෑස්ති වෙලා ඉවරෙයි..? පරක්කු වෙනව.."
"ලෑස්ති වෙන්න කොහේ යන්නද..?"
"හෑ.. මං හිතුවේ ඔහේ ලෑස්ති වෙලත් ඉවරෙයි කියල.."ඇයි අදනේ අර රනවිරු ෂෝ එකේ ෆයිනල් එක, ඔහේ දන්නෙ නැතෙයි...?"
 "ආ ඇත්තද..?..මමනම් එන්නෙ නෑ ඔහේ ගිහින් එන්න.."
"එහෙම හරි නෑනේ නෝනේ මල්ලිගේ වැඩේනේ. අනික ලයිව් දෙනවත් එක්ක.." ජනාධිපති තුමා ටිකක් හුරතේලෙට කීවේය.
"අපෝ ඒකට වැඩිය හොඳයි ස්වර්ණවාගිනියේ ඩාන්සින් ස්ටාර්, මට ඒක බලන්න තියෙනව..ඔහේ ගිහින් එන්න.." ශිරන්ති නෝනා ටිකක් සැරෙන් කීවාය
 "යං... යං ඔන්න ඔහේ ගිහින් එමු... ෆයිනල් එකනේ.. ඔතනින් ඉවරයිනේ... හොඳ ෂෝ එක.." සමහර දිනවල නරඹා, අජූවක් බවත් දැන දැන.. ජනාධිපති තුමා ෂේප් න්‍යාය අනුගමනය කරමින් පට්ට පල් කෙප්පයක් පතබෑවෙය.

"හොඳ ෂෝ එක... ඔහේට හොඳ ඇති.. ඔහේට ඉතිං ඕන කුණු ගොඩක් හොඳයිනේ. ඕකට වැඩිය හොඳයි දෙරණෙ ලිට්ල් ස්ටාර්.. ඔහේට ඕනනම් ගිහින් එනව මට කරදර නොකර..."
තව දුරටත් මල පන්නවාගෙන නෝන තරහ කර ගත්තොත්, මන මොහන් සිං තරහ කර ගත්තාටත් වඩා කෙලවෙන බව දැනගත් ජනාධිපති තුමා සුගතදාස ඉන්ඩෝර් බලා වහාම පිටත්වී ගියේය.

හැමදාම කුස්සියේ වලන් සෝදන කළාකරුවන් විසින් සන්නසක් දී බිම දිගාවී ජනාධිපති තුමා පිළිගෙන විශේෂ ආසනය වෙත කැඳවාගෙන ගියේය. ගෙදරත් අප්සට් වී පැමිණි ජානාධිපති තුමාට නිවේදකයාගේ සරම දැක්ක ගමන් මල පැන්නේය.
"මොකාද යකෝ මේ...???  මූ සරම කැහැපට ගහගෙන නේ ෂෝ එක කරන්නේ ...කොහෙන්ද මේ මූසලය හොයාගත්තෙ...???  මූව බෙයාෆුට් එකේ කෙල්ලෙක් ගාවට යවපං ..උං උගන්නයි මූට සරම් අඳින හැටි ජනාධිපති තුමා මල්ලිගේ කනට කර කීවේය.

එහේං මෙහෙන් බේස් පාරක් එහෙම වැදී මියුසික පාරක් එනකොට කවදත් ආතල් එකේ ඉන්න ජනාධිපති තුමාට පොඩි ආතල් එකක් ගියේය. වට පිට බැලූ ජනාධිපති තුමා දැක්කේ මල්ලිගේ නෝනත් පුටුවේ ඉඳගෙනම ආතල් එකක් ගන්නා ආකාරයයි.. ටික වේලාවක් ගත වන විට මෙය ජැකාගේ කරදිය මංගල්ලේ ඉතිරි කොටස බව ජනාධිපති තුමාට තේරුම් ගියේය.
"මූ එහේදී නෑවේ මඩ විතරයි, මෙහේ කක්කිත් නානව.. ලොක්කා මල්ලිට කීවේය.

"අපි අපේ ලේකම් තුමාගෙන් ඉල්ලනව ෂිශ්‍යත්වයක් දීල මේ ගයකයො වැඩිදුර රට යවන්නෙයි කියල" විකාරද එඩ්වඩ්ගේ ඉල්ලිමට ජනාධිපති තුමා මල්ලිගේ කනට කර,
"මල්ලි උඹ අහුවෙන්න එපා ඕකට.. මේ සිංදු කියන්න බැරි ඒවුන් රට යවන්න කියන්නෙ, දැන් මුන්ට ෆොරින් ෂෝස් නැති නිසා ඒ පානෙන් රට සවරි ගහන්න.... දීල තියෙන ඒව හොඳටම ඇති... කැරකෙන රෝදේ පුංචි කරත්තෙ ගියපු එවුන්ට මම දීල තියෙන්නෙ නැව්, තව දෙන්න ඕන නෑ" කීවේය.

මිසිස් කල්හරිගේ බෙලෙක් කපන හඬ ඇසු ජනාධිපති තුමාට බඩ කරකවාගෙන එන බවක් දැනී. නෝනාට කෝල්  කර
"ඔහේ කියපු එක හරි.. මගේ බඩත් අප්සට්.. කමක් නෑ ගෙදර ආවම පියෝ ටී වී එකේ ඩාන්සින් ස්ටාර් බලල නිදාගන්නවා..." කීවේය..

මුං කරන්නේ සිංදු කියන්න බැරි එවුන් ටිකක් දාගෙන, මුං පිම්බෙන එකයි සිතූ ජනාධිපති තුමා
"මුන්ට වැඩියෙ හොඳට අපේ මර්වියයි, ගීතයි, රන්ජනුයි, දුමින්දයි කොමෙන්ට්ස් දෙනවනේ යකෝ.. මුං කොමෙන්ට්ස් දෙන්නෙ නැතුව බයිල නේ කියන්නේ"  කියා ඝෝඨාභය මල්ලිට කීවේය.

නිවේදිකාවන්ගේ කිට් එක හා වාග් විලාශය දුටු ජනාධිපති තුමා අරිසෙන් වියතානන් මිය ගිය එක ගැන සතුටු වූ අතර අනර්කලීලා වැහි වැහල ඇති බවත් තේරුම් ගියේය. ඒ අතර ජනාධිපති තුමාගේ බඩ කරකවන ගතිය වැඩිවී පොඩි ඔක්කාර ගතියක් දැනුනේය.

"අනේ නොනේ ඔහේ කියපු එක ඇත්ත.., මල්ලිගේ වැඩේ නිසා ආව මිසක් මීට වැඩිය හොඳයි හිමාෂ මනුප්‍රිය ගෙනල්ල ගෙදර පොඩි පාටියක් දැම්මනම්... මම මල්ලිට කිව්ව මුන්ව රට නෙමෙයි හිමාෂ ගාවට යවන්න කියල.... මට ටිකක් අමාරුයි වගේ... අප්පිරිය ගතියක් එක්ක වමනෙට වගේ එනව... තෑගි දෙන්න ඔහේට එන්න බැරියෙයි"... කියා බැගෑපත් ලෙස කීවෙය..

විකාරද කම්පාගේ හතරවරම් දෙව් කතාව ඇසූ ජනාධිපති තුමාට, මල, බාජ් දුබායි වලටත් ඉහලින්ම පැන්න අතර වමනය ගතියද වැඩිවී.. ජනතාව ඉදිරියේ කබරයා දැමීම සුදුසු නැති බැවින් වට පිට බැලූ විට දුටුවේ ඝෝඨා නංගීත් නිදා සිටි ආකාරයයි...
"තව දුරටත් මෙතන හිටියොත්.. මට වෙන්නේ සිදුහත් කුමාරයාට වෙච්ච දේයි ..."
මල්ලීට කියු ජනධිපති තුමා එළියේ ගොරොද්ද ඇද ඇද සිටි තම සේනාවත් අවදිකරගෙන වහාම ටෙම්පල් ට්‍රීස් බලා පිටත්ව ගියේය.

වාහන ගොඩක් පැමිණි සද්දේ ඇසු ශිරන්ති නෝනා ඉස්තොපුවට දිවගියේ මොකක් හෝ ජිල්මාලයක් වී ඇති බව සිතාගෙනය. එක අතකින් කට වසාගෙන අනෙක් අතින් ඉකමනට ඇඳගෙන ෂෝ එකට යන්න යයි හස්ත මුද්‍රාවෙන් කියූ ජනාධිපති තුමා කෙලින්ම වොෂ් රූම් එකට දුවගෙන ගියේය..

"ඕක්... ඕ..ඕ.. ඕක්"

වහාම දොස්තර ඒලියන්ත හා දොස්තර රණවකව වොෂ් රූම් එකට යවන්නැයි අණ කළ ශිරන්ති නෝනා දඩි බිඩි ගා ලෑස්තිවී තෑගී දීම සඳහා පිටත්ව ගියේය...

13 comments:

  1. hahaha.මැක්සා මචො..මුන් මොන රෙද්ද කලත්,කොච්චර සල්ලි තිබුනත් පෞද්ගලික නාලිකාවක තියන කොලිටිය ගන්න බැහැ නොවැ
    www.sabithl.blogspot.com

    ReplyDelete
  2. හමුදාවෙ මේජර්ල එලෝලු විකුනනවන්නයි කෝළම්මු කරවන්නයි සේනාධිනායකය වගකිවයුතු නැත්ද එතකොට? හීනියට ලොක්කව බේරල කුණු රට පටවල වගේ!

    ReplyDelete
  3. නියමෙට ලියලා තියෙනවා

    ReplyDelete
  4. හොඳ රචනාව.
    රැවුලත් බේරගෙන පොරිජ්ජ කාල තියෙන්නේ.

    ReplyDelete
  5. @ Sabith
    පිස්සුද බන් කිට්ටු කොරන්නවත් බෑ..

    @ රත්ගමයා
    ඇයි මොකෝ "හික්" ගාන්නෙ..?

    @ ඉන්දික උපශාන්ත
    නැතුව යුද්දෙ නැති වෙලාවේ අහවල් එක කොරන්නෙයි..?

    @ buwa
    තෑන්ක්ස් හොඳෙයි..

    @ Observer
    කොහෙද ගොයියෝ වහං උනේ..?

    @ බුද්ධී
    තෑ..න්ක් ඌ..

    @ කතන්දර
    ඕං ඉතිං ... "වැඩියෙ සද්ද කොරන්න එපා.. ලොක්කට ඇහෙයි"
    තවමත් මම එයාට කැමතියි.. වෙන එකෙක් නැති නිසා...

    ReplyDelete
  6. ඔව් එතුමා කලින් ගියානම් තමා.දැන් නෙව කාරණාව හරියට දැනගත්තේ..

    ReplyDelete
  7. මහ එවුන් රටට කරන්නෙත් ඔයටිකම තමා!!!!! උනුත් නානව රටත් කනවා!!

    ReplyDelete
  8. මාත් little star බලල නිදාගත්ත.මෙච්චර දවසක් නොබලපු 1 final කියල මොනව බලන්නද?සමහරු කියනව නියමයිලු,තවත් සමහරු කියනව හොදයිලු.තවත් අය කියනව වැඩක් නෑලු.

    @ ඉන්දික උපශාන්ත
    "හමුදාවෙ මේජර්ල එලෝලු විකුනනවන්නයි"
    කතාවට මගෙනුත් ලකුණු ඔන්න.

    ReplyDelete
  9. @ අනොනිමස් 1
    මොකා ආවත් ඔච්චර තම්යි.. විජයගේ ඉඳලම.. හා බොරුද කියහන්..

    @ අනොනිමස් 2
    එක එකාගේ ටේස් එක වෙනස් නොවැ...

    ReplyDelete
  10. @ ගිම්හානී

    දැන් තේරූනා නේද සැබෑ කාරණාව...?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න