.

.

Jun 10, 2011

බූරූ කතාවක් - A Smart Donky



මේ කතව ලියන්න හේතුව උනේ අපෙ කතන්දර ශූරින්ගේ බොගේ, මෙන්න මේ පොස්ට් එක... හැමදාම වගේ උන්නැහේ ඒ මගින්, ආදර්ශමත් කතාවක් සාකඡ්චාවට භාජනය කරල තිබුනා.

ඒක කියවපුවයින් පස්සෙ, මට හිතුන මම අහල තිබුන මෙන්න මේ බූරූ කතාව ලියල දාන්න.

*************

ඔන්න එකමත් එක රටක හිටිය වෙළෙන්දෙක්. මේයා කරන්නේ සතුන් වෙළඳාම. දවසක් මේ වෙළෙන්දට ආරංචියක් ලැබුන අල්ලපු නගරයෙ පල්ලියේ බූරුව විකුණනව කියල. බූරුව විකුනන්න හේතුව වෙළෙන්ද දැනගෙන හිටියේ නෑ. නමුත් අඩු මුදලකට ගන්න පුළුවන් කියළ ආරංචිය ලැබුන නිසා, මේයා ඔක්කොම වැඩ නවත්තල මේ බූරුව මිලදී ගන්න ගියා.

සුපුරුදු පරිදි හෙට්ටු කරල හෙට්ටු කරල, පූජකතුමා කියපු ගානටත් වඩා අඩුවට බූරුව මිළදී ගන්න වෙලෙන්දට පුළුවන් උනා. මේ බූරූව ඉතා හොඳට පුරුදු කරපු බූරුවෙක් බවත්, ස්වාමියා දෙන අණ ඉහලින්ම පිළිපදින බූරුවෙක් බවත්... “හාලේ ලූයියා….!!! ” කියා අණ කළ විට බූරුවා ගමන් කරන බවත්, “ආමේන්…!!! ” කියූ විට නවතින බවත්  පූජකතුමා සඳහන් කර සිටියා.

බූරූව මෙතරම් අඩු මිළකට විකිනීමේ හේතුව.., ඌ නිතරම ලවක් දෙවක් නැතුව කෑ ගහන බූරුවෙක් බව වෙළෙන්දාට තෙරුම් ගියා   . අනෙක් සියළුම සතුන්ටත් නගරයේ මිනිසුන්ටත් බූරුවාගේ කෑ ගැසීම ඉතා අප්‍රසන්නන දෙයක් මෙන්ම මහා කරදරයක් වූවත්, වෙළෙන්දාගේ ප්‍රියතම බූරූවා බවට මේ බූරූව පත්වුනා.

වෙළෙන්දා ළඟ ආරක්ෂාව සඳහා බල්ලන් සිටියත්, ඒ බල්ලන්ගේ වැඩත් කලේ මේ බූරුවා. සොර සතුරෙක් එන බව ඉවෙන් දැනී බල්ලන් බුරන විට,. බල්ලන්ගේ හඬ අභිබවා, බූරූවා කෑ ගසන බැවින් බල්ලන් සද්ද නැතූව සිටියා. තමා  සොර සතුරන්ගෙන් පාවා ආරක්ෂා කර ගන්නේ මේ බූරූව බව වෙළෙන්දා විශ්වාස කළා.

දව්සක් වෙළෙන්දා බූරූවත් සමඟ දුර ගමනක් යන්න පිටත් උනා. ඈත නගරයක සත්ව ගාලක්, ඉතා අඩු මිළට විකුනන බවට ලද ආරංචියක් අනුව ගමනට අවශ්‍ය කෑම බීම සහ සියළුම දේ බූරූවා පිට පටවාගත් වෙළෙන්දා උගේ පිටට නැගී “හාලේ ලූයියා…..!!!”  කියූ පමණින් බූරූවා ගමන ආරම්භ කළා.

ගමන තරමක් දුර  බැවින්, වේගය වැඩි කර ගැනිම සඳහා... “හාලේ ලූයියා….!!!” කියා කීප විටක්ම ශබ්ද නගා කී විට බූරූවා වේගයෙන් දුවන්න පටන් ගත්ත.

කඳුකර  ප්‍රදේශයක තැනිතලාවක් මත වේගයෙන් දිව යන බූරූවා නවත්වා නොගතහොත්, තමාත්, බූරූවත් අව්සන් බව තෙරුන වෙළෙන්දා බූරූවාට, “නවතිනු…!!!” කියා අණ කළ නමුත් බූරූවා නැවතුනේ නෑ. කාළයක් බූරූව සමගින් ගමනක් නොගිය බැවින් වෙළෙන්දාට බූරූවා නවත්වා ගන්න ආකාරය අමතකව තිබුනා. “නවතිනු,…!!! නවතිනු..!!!” කියා අණ කළ විට බූරූව තව තවත් වේගය වැඩිකළා, “බයිබලය…”, “පාස්කුව…”, “අල්තාරය…” “පූජකතුමා…” වැනි තවත් වචන ගනනාවක් කීවත්  බූරූව නොවේ නැවතුනෙ… තවත් සුළු මොහොතකින් ස්වර්ගස්ත වන බව දැනගත් වෙළෙන්දා, දෙවියන් වහන්සේට අවසාන යාඤ්ඤාව කළා..

“අනේ දේවයන් වහන්ස මම අහිංසක වෙළෙන්දෙක් මා මාගේ වෙළදාම කළේ ඉතාමත් සාධාරන ලෙසයි. මා ගැන අනුකම්පා උපදවා... ඔබ වහන්සෙගේ නාමයෙන්... මේ බූරූවා නවත්වා දෙන සේක්වා….!!!!   “ආමේන්…..!!!!!!”

බූරූවා, මහා පාතාලයට අඩියක් මෙහායින් ඉද්ද ගැසුවාක් මෙන් නැවතුනා.

“හාලේ ලූයියා…………….!!!”

 ප්‍රීතියට පත් වෙළෙන්දා පලාතටම ඇසන ලෙස කෑ ගැහුවා......

***********

රුසියානූ ජන කතාවක් ඇසුරෙන් පරිවර්ථනය කොට, හුදී ජනතාවගේ දැනගැනිම පිණිස,
මාතලන් වන මා විසින් ලියා පොරසිද්ද කලේය…..

23 comments:

  1. ඒ කියන්නේ ආපහු පාරක් දුවන්න පටන් ගන්න ඇති එහෙම නේද? ඇයි අන්තිමට ආයේ දුවන පදේනේ කිව්වේ

    ReplyDelete
  2. වෙළෙන්දා විසින් කරන ලද යාඤ්ඤාව අවසාන යාඤ්ඤාවම විය...!!

    ReplyDelete
  3. බූරුවන්ට හොඳ කාලයක් නෙමේ පුතෝ මේක!

    ReplyDelete
  4. මාර අර්ථයක් තියන කතාවක්

    ReplyDelete
  5. @ නලිනි චන්දිමා

    නැවතුනේ..... හෙහ් හෙහ්...

    ReplyDelete
  6. @ මනුසත්

    ආයෙ ඉතින් අරූ බූරුවෙක්නේ....

    ReplyDelete
  7. @ හිතමිතුරු

    ආමේන්.....!!!!

    ReplyDelete
  8. @ කතන්දර

    අයි නෝ... අයි නෝ... හෙහ්... හෙහ්...

    ReplyDelete
  9. @ All in one

    ඔහේට කතාව තේරූම් ගියා වගේ.....

    ReplyDelete
  10. “හාලේ ලූයියා…………….!!!”

    මූ මාර බුරුවෙක් .........ආමේන් ....

    ReplyDelete
  11. මේ කතාව මම කියෙව්වෙ රීඩර්ස් ඩයිජස්ට් සගරාවක තිබිලා.බූරුවා වෙනුවට හිටියෙ අශ්වයෙක්.ඉතිරි හරිය සමානයි.මේක රුසියානු කතාවක් කියල දැනගත්තේ අද.සගරාවේ ඒ බව්ක් තිබුනේ නැහැ.බලාගෙන යනකොට අතීතය වගේම තමයි නේද?එක එක රටවල ජනකථා ඒ ඒ රටට හරියන විදිහට සංස්කරනය වෙලා තමන්ගෙ වගේ පලවෙනවා :)

    - Ramachandra

    ReplyDelete
  12. @ සොඳුරු සිත

    මාරම බූරුවෙක්දත් අහනව....

    ReplyDelete
  13. @ Ramachandra

    එපමනක් නෙමෙයි.. වර්ථමානයෙත් සජීවීව නරඹනව....

    ReplyDelete
  14. හලේ ලූයියා ......
    ඊට පස්සෙ පොර ස්වර්ගස්ත වෙන්න ඇති නේ .....

    ReplyDelete
  15. පව් වෙලෙන්දා.. බූරුවා පාතාලෙට පනින්න ඇති.ඕකෙ තව තව වර්ෂන් තියනවා මයෙ හිතේ...

    ReplyDelete
  16. @ කල්හාර දිසානායක..

    තාම ඒ පැත්තේ ගියේ නෑ.... හෙහ් හෙහ්...

    ReplyDelete
  17. @ තීර්ථ යාත්‍රිකයා

    අපොයි ඔවු... ගොඩක් තියෙනව.....

    ReplyDelete
  18. බූරුවව පුරුදු කරල තියෙන්නෙත් ඒ වර්ගයේම කෙනෙක්ද?

    ReplyDelete
  19. සම හරක් එසේ නොකියන්නේද නොවේ...!!!

    ReplyDelete
  20. //@ ගිම්හානී

    අපේ පැත්තෙ නේන්නේ... තරහ වෙලයි....? //
    ......
    ඔබතුමා මෙසේ ඇසුවේ ඇයි???

    ReplyDelete
  21. නෑ ඉතින් නිතරම මේ පැත්තේ එන කෙනෙක් නිසා...

    මොකෝ උනේ....???

    ReplyDelete
  22. අපි වාගෙ හාල් කෑලි (දොස්තර නොනගෙන් උපුටා ගන්න ලදී)පේන්න නෑති උනාමත් පොඩ්ඩක් අපි ගැන සොය බලපු එකට ස්තුති.


    වෙලාවකට කාලය මදි වටේම රවුම් ගහන්න.ඇයි අම්මේ කීයක්නම් කියවන්නද?කියෙව්වත් comment කරන්න කාලය මදි වෙනව.ඒකයි පුරස්නෙ.ඉඩලද විගස ඔක්කොම කියවනව.

    හැබෑට දැනුයි දන්නෙ මම අයියගෙ යාලුවෙක් වෙලා හිටිය
    කියල(joke)

    ස්තූතියි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න