.

.

Jun 5, 2011

චීනයෙන්, යුරෝපයට දැඩි ප්‍රහාරයක් - China won the war against Europe


මම පොඩි කාළේ ඉඳල ක්‍රිකට් වලටත් වැඩිය ප්‍රියකරන්නේ ටෙනිස් ක්‍රීඩාව. ඒකෙත් කෙල්ලොන්ගෙ ටෙනිස්. (ජානවල ප්‍රශ්නයක් මයේ හිතේ). මම ආස කරන ටෙනිස් ගහන කෙල්ලොන්ගේ පෝස්ට් එකක් බොගට දාගන්නෙ කොහොමද කියන ප්‍රශ්නේ සෑහෙන කාළේක ඉඳල හිතට වද දුන්න ප්‍රශ්නයක. නමුත් දැන් ඒකට හොඳ මාතෘකාවක් තියෙනව.

29 හැවිරිදි ලී නා ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය ජයගත්ත එක තමයි ඒකට හේතුව. මේක ආසියාවටම ගෞරවයක්. (මම විශ්වයට අයිති ජීවියෙක් කියල හිතුනට ගෝත්‍රික ගතිත් තවම තියෙනව, පෘතග්ජන මිනිස්සුනේ.)ළෝකේ මහා ටෙනිස් තරඟ (Grand Slam) හතරක් තියෙනව. ඒවා නම්,  එංගලන්තේ විම්බල්ඩන් කප් (Wimbledon Cup), ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් කප් (Melbourne Cup) , ඇමරිකාවේ ඇමරිකන් ඕපන් (American Open), සහ ප්‍රංශයේ රෝලන්ඩ් ගරෝස් (Roland Garrottes).

ෆ්‍රැන්සෙස්කා ශිවෝනී සමග
කිම් ක්ලයිස්ටර්ස් අනුපිටපත සමග
අවසාන තරඟය පැවැත්වුනේ චීනයේ ලී නා සමඟ ඉතාලියේ ෆ්‍රැන්සෙස්කෝ ශිවෝනී අතර. ගියවර කුසලානය දිනාගත් ක්‍රීඩීකාවක් සමඟ චීනයේ ක්‍රීඩිකාවක් අතර තරඟයක් බැවින් මේ තරඟය මුළු ළෝකයේම අවධානය දිනාගත්ත. නමුත්.. ටෙනිස් ඉතිහාසයට අළුත් පිටුවක් එක් කරමින්, ලී නා තරඟ වට දෙකක් පිට පිටම ජයග්‍රහනය කරමින් කුසළානය දිනාගත්තා. මේක එක අතකින් නුදුරේදීම ළොව දේශපාලන බලවතා වන චීනය ලද ජයග්‍රහනයක් බැවින් මුලු ළෝකයේම අවධානය යලිත් වරක් චීනය දෙසට යොමු උනා.

ලී නා මේ වසර මුලදී ඔස්ට්‍රේලියානූ විවෘත තරඟාවරියේ අවසාන මහා තරගයට තෙරුනත් එහිදි කිම් ක්ලඉස්ටස් ට පරාජය වුනා. ඇයට හිමි උනේ අනු ශූරතවය. කිම් කලයිස්ටර්ස් කියන්නේ මනුස්ශ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් බඳු ඉතා නිහතමානී ක්‍රීඩිකවාක්. බෙල්ජියම් ජාතික ක්‍රීඩිකාවක් වන ඇය එක් දරු මවක්.

ෂැරපෝවාද..? සැර පොවාද..?

ලී නා ප්‍රංශ ශූරතාවයේ අවසාන තරඟයට සුදුසුකම් ලැබුවේ රුසියාවේ මරායා ෂැරපෝවා පරාජයට පත් කරමින්. ෂැරපෝවා රුසියානු ක්‍රීඩිකාවක් උනාට ජීවත්වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ. මේ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩිකාවන්ගෙන් වැඩිම මුදලක් ඉපැයු ක්‍රීඩිකාව වන්නේ ඇයයි. මන බදිනා රූ සපුවකින් හා සුන්දර මුහුණකින් හෙබි ෂැරපෝවා පිටියෙදී ඉතා තදබල චරිතයක්. සමහර විට ඒක එයාට උරුම වෙන්න ඇත්තේ එයාගේ පුහුණුකරු වන පියාගෙන් වෙන්නත් පුළුවන්.
සරාගී ඇනා කර්නීකෝවා



එයා වැඩිම මුදලක් සොයන්නේ වෙළඳ දැන්වීම් වලින් සහ එයාගෙම නමින් තියෙන සුවඳ විළවුන් නිෂ්පාදන වලින්. මෙයාට කළින්, මේ ආකාරයටම මුදල් හම්බකරපු රුසියානූ ක්‍රීඩීකාව උනේ ඇනා කර්නිකෝවා. එයත් සුන්දර මුහුණකින් හා වශීකරවන් සුළු අඟ පසඟින් හෙබි හුරුබුහුටි ක්‍රීඩිකාවක්.

සකුරා මල - අයි සුගියාමා

ලී නා ට කළින් ළෝක ටෙනිස් පිටියේ ජයකෙහෙළි නංවපු ආසියානු ක්‍රීඩීකාවෝ දෙන්නෙක් තමයි, ජපානයේ අයි සුගියාමා සහ ඉන්දියාවේ සානීයා මිර්සා, සුගියාමා නිසා ජපානයේ ටෙනිස් ක්‍රිඩාවට අලුතෙන එකතුවුනු පිරිස විශාලයි.

සානියා මිර්සා ඉන්දියාවේ ලබන්න පුලුවන් ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන පිඳුම් ලැබු ක්‍රීඩිකාවක්. ඉන්දියාවේ කොච්චර හැන්ඩියෝ හිටියත් එයා විවාහ උනේ පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සොහෙබ් මලීක් සමගයි.

වෙඩි වගේ සානියා මිර්සා

ටෙනිස් වලට පිස්සු හැදෙන්න ප්‍රධානම හේතුව උනේ ස්වාධීන රූපවාහිනය. (මොළේ කචල් චැනල්) විම්බල්ඩන් ශූරතාවය සජීවීව විකාශය කළා ඒ කාළේ. ඒ කාළේ ටෙනිස් ශූරිය උනේ චෙකොස්ලෝවැකියානූ ජාතික මාටිනා නවරැටිලෝවා. ඇය මහා ටෙනිස් තරඟ 18 දිනපු සුපිරි ක්‍රීඩිකාවක්. එයාට අභියෝගයක් එල්ල කලේ පසු කාලීනව මහා ටෙනිස් තරඟ 22 දිනපු ස්ටෙෆී ග්‍රාෆ්. ජර්මන් ජාතික ක්‍රීඩිකාවක් වූ ඇය ටෙනිස් ළොව පෙරලි කළ ඇමරිකානූ ජාතික අන්ද්‍රේ අගාසි සමඟ විවාහ උනා.
ජය පිට ජය නැංවූ - මාටිනා නවරැටිලෝවා
ආදරනීය - ස්ටෙෆී ග්‍රාෆ් අගාසි සමග




එක්තරා තාත්තා කෙනෙක්, මොළේ හොඳ නැති පිස්සෙක් කියල හැමෝගෙන්ම අහගෙන, දහ දුක් විඳගෙන, ආර්ථික අමාරුකම් මැද්දේ තමන්ගේ දියනියන් දෙදෙනෙකුට ටෙනිස් ඉගැන්නුව. පසු කාළීනව මේ කළු කෙල්ලො දෙන්න සුද්දියන්ට වෙන් වෙච්ච ටෙනිස් ක්‍රීඩාව කනපිට පෙරලපු විලියම් සහෝදරියෝ ලෙස මුලු ළෝකෙම ජයගත්ත. මහා ටෙනිස් තරඟ 21 දිනපු සිහින් සිරුරක් ඇති වීනස් විලියම් එක්කෙනෙක්. අනෙක් කෙනා පිටියේ චන්ඩියෙක් වූ අංග සම්පූර්ණ සිරුරකින් හෙබි වාර්ථා පිට වාර්ථා තැබූ මහා ටෙනිස් තරඟ 27 දිනපු සෙරේනා විලියම්ස්. චොකලට් වලට කැමති රසිකයින් අතර ජනප්‍රියම තරුවක් තමයි සෙරේනා.


ආඩම්බර තාත්තගෙ දූල දෙන්න - සෙරේනා හා වීනස්
සුන්දර - එමලි මුරෙස්මෝ

 තවත් මගේ ප්‍රියතම ක්‍රීඩීකාවක් තමයි එමලි මුරෙස්මෝ. මෙයත් පිටියෙදි හරිම තදයි. ප්‍රංශ ජාතික ක්‍රීඩිකාවක් වන ඇය විම්බල්ඩන් හා මෙල්බන් ශූරතා දෙකක් දිනාගත්ත.










2008 දී ප්‍රංශ ශූරතාවය දිනපු යුගෝස්ලෝවියානූ ජාතික ඇනා ඉවනොවික් තවත් ප්‍රියන්කර පෙනුමකින් හෙබි සුන්දර නිහඬ ක්‍රීඩිකාවක්. අපේ රටෙත් මේ වගේ මුහුනුවර තියෙන කෙල්ලො ඉන්න නිසාද දන්නේ නෑ එයත් මගේ ප්‍රියතම ක්‍රීඩිකාවක්.
 

ළෝක ශූරතා පහක් දිනූ ස්ලොවේකියානු ජාතික මාටිනා හින්ගිස් හුරුබුහුටි ජනප්‍රිය ක්‍රීඩීකාවක්. මෑතකදි මෙයාට තහනම් උත්තේජක ප්‍රශ්නයක් මත වසර දෙකකට තනමක් පැනවීමෙන් පසු ක්‍රිඩාවෙන් සමුගත්ත.








2009 දී ප්‍රංශ ශූරතාවය දිනාගත්, ස්වෙට්ලානා කුස්නෙට්සෝවා මම ඉතාමත් ප්‍රිය කරන කාන්තාවක්. ශක්ති සම්පන්න සිරුරකට හිමිකම් කියන ඇය පිටියේ පෙරලිකාර චරිතයක්. ඇයත් සුන්දර හා දක්ෂ ක්‍රිඩීකවන් රැසක් බිහිකල රුසීයානූ ක්‍රීඩිකාවක්.
 




අමුතුම සුන්දර සිනාවකින් සිටියත් සමහර විට අපන් ඇමරිකානූ ගතිය මතුවී විනිසුරුවරියන් හා නිතර පැටලෙන ජෙනිෆර් කැප්‍රියාටී මගේ සිත් ගත් තවත් සුන්දර ක්‍රීඩීකාවක්.












කොල්ල කාළේ යටලීයෙන් නිතරම පීදෙන මලක් තමයි ආර්ජන්ටීනීයනූ ජාතික ගැබ්‍රියේලා සැබාටිනී. පුදුම සුන්දර මලක් නේද.?.කොහොමත් ආජන්ටීනාව වෙනිසියුලාව බ්‍රසීලය වගේ රටවල කෙල්ලොන්ගේ අමුතුම සුන්දරත්වක් තියෙනවනේ.







අවසාන වශයෙන් මෙයා ගැන සඳහන් නොකෙරුවොත් පොස්ට් එක සම්පූර්ණ නෑ. මෙයාට මම කිව්වේ හා බෙට්ටා කියල. මොකද අර යට ඇඳුම අස්සෙ ගහගන්න, වැඩිපුර බෝලේ රඳවන්න, මෙයාගේ ස්කර්ට් එක පිටිපස්සෙ රඳවනයක් තිබුන. ඒකේ බෝලේ රැඳෙව්වම හා පැටියෙක් වගේ. සුන්දර සුරතල් සැන්චෙස් වකාරියෝ ස්පඤ්ඤ ජාතික ක්‍රීඩිකාවක්. බබා වගේ හිටියට මහා තරඟ පහක්ම දින්න.

ඒ කාළේ මෙයාලගේ පෝස්ටර් වලින් මගේ කාමරේ පිරිල තිබුන...



: ලි: ඔය ටෙනිස් ගහන කෙල්ලන්ගෙ පේනවයි කියන බනිස් ගැන දන්නෙම නැති අය ඉන්නවනම් මෙතනින් බලන්න.දන්න අයත්, ඕනමනම් එතනින්ම බලන්න. ඉස්තරම් සීනී බනිස් 4 ක්ම තියෙනව.

18 comments:

  1. යකෝ මෙකා වැදගත් ලිපිත් ලියනවානේ..:D

    ReplyDelete
  2. මං හිතන්නෙ ලියපු හොඳම එක... කිචී වගේ... හෙහ් හෙහ්

    ReplyDelete
  3. ආයේ ඒකේ දෙකක් නැහැ..හොඳම එක තමයි..ඇයි බං මෙච්චර දවසක් පරක්කු කොලේ...හික් හික්...

    ReplyDelete
  4. නියමයි මාතලං සිඤ්ඤෝ . . . .නියම ලිපියක් . .

    ඕන් ඉඳලා හිටලා ටැනිස් බලන මටත් ටැනිස් උන බෝවෙයිද දන්නේ නෑ මේ ලිපිය කියෙව්වට පස්සේ . . .

    ReplyDelete
  5. පේනවනේද හෙමිජ්ජ වගේ ඉඳගෙන බලල තියෙන එව්වා.
    හික්ස්..

    ලස්සන ලිපියක්.

    ReplyDelete
  6. Football වලට පස්සේ මගේ ප්‍රියතම ක්‍රීඩාව.

    ReplyDelete
  7. මාතලං මාමේ... අර කිව්වත් වගේ ලිව්ව හොඳම එකද මන්දා මේ... :)
    කොහොම හරි හැමෝම ගැන ලියලා එක්කෙනෙක් ගැන ලියලා නෑනේ... ඔහේට අර කෝට් එකේදී පිහියා ඇනුමක් කාපු මොනිකා කෙල්ලව අමතක උනෙයි...

    ReplyDelete
  8. @ දුකා

    ක්‍රිකට් එපා වෙල තිබුනේ. දැන් 20-20 නිසා ආයෙත් බලනව. ටෙනිස් වලත් කොල්ලන්ගේ ඒවට වේලා යනව ඒත් ෆයිනල්ස් බලනවමයි. කෙල්ලොන්ගෙ තරඟෙත් කෙටියි ඇඳුමත් කෙටියි... හෙහ් හෙහ්

    ReplyDelete
  9. @ Gimhani

    මගේ අප්පේ ඔගෙත් කෑවයි බනිස්....

    හෆෝ................යි..

    ReplyDelete
  10. @ රොබින්

    මගෙත් ප්‍රියතම. නමුත් ලංකාවේ නෙමෙයි.. යුරොපියන් කප් මැචස්. ප්‍රියතම බාසීලෝනා. ඉස්සර රියාල් මැඩ්‍රිඩ්...
    අනෙක කොල්ලො කොහොමත් කැමතියිනේ ෆුට්බෝල් වලට හෙහ් හෙහ්

    ReplyDelete
  11. @ පුතා

    අනේ අමතක උනා නෙමේ පුතේ.. ඒකෙන් පස්සෙ නේ ගාඩ් එක දෙන්නෙත්.. තව ආස අය ගොඩයි.. නමුත් මේක දැනටමත් දිගයි.. මේරී පියර්ස්... අර අඬන ෆේස්...

    ReplyDelete
  12. ෂහ්, අපූරුවට ලියලා තියෙනවා, නිකම් සඟරාවකට වගේ. හොඳ කෙටි හැඳින්වීමකුත් එක්ක. ටෙනිස් නොබලන අයට ටෙනිස් බලන්න හිතෙන විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete
  13. බෝලේ ගන්න විදිය දන්න අයට තමයි මාත් කැමති!

    ReplyDelete
  14. @ නලිනි චන්දිමා

    තෑන්ක්ස් හොඳේ... දොස්තර නෝන ලියන එක නැවැත්තුව වගේ....

    ReplyDelete
  15. @ කතන්දර

    ඔහේගේ පොස්ට් එකේ මගේ කොමෙන්ට් එකට රිප්ලයි එකටයි.. මේ කොමෙන්ට් එකටයි... මැ:හි:.......අවංකවම...

    ReplyDelete
  16. මේවගේ ක්‍රීඩාවකට හිත යන්වා කියන්නේ අහන්නත් දෙයක්ද,ඈග කිලිපොලා යන ත්‍රාසය,පොලෝ වල ඔහොම නම් සෙල්ලම කොරද්දි කොහොමට ඇද්ද...අඩේ අප්පේ පිස්සු වගේ

    ReplyDelete
  17. @ අසංක

    අනේ කොළුවෝ.. පිස්සු හදා ගන්නැතුව ඕන දෙයක්.. මොකෝ මිනිස්සු ටිකයි ඉන්නේ...

    ReplyDelete
  18. ටෙනිස් ගැන හොඳ ලිපියක් දාලා නේන්නම්.

    එකම අඩුපාඩුව මගෙ ෆොටෝ එකක් නැතිකමයි!!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න