.

.

Oct 6, 2011

ළෝක ගුරු දිනය - Teacher's Day


කොල්ලනේ මෙහෙ වරෙව්
කෙල්ලනේ මෙහෙ වරෙව්
ඇවිත් බිම පෙරලියව්
බුලත් දී වැඳපියව්

පොතක් එලියට ගනිව්
කියන දේ ලියපියව්
ලියන්නට බැරි උනොත්
මේ දේත් අහපියව්

ඉස්කොලේ වෙලා මදි
සිලබසෙත් කලා මදි
ඇවිත් මා හමුවෙයව්
හැන්දෑවේ නිවසේදී

ගෙදර කට්ටිය වැඩියි
ඇටෙන්සොන් අමාරුයි
ඉන්ඩිවිජුවල් කලොත්
උඹට මම ආදරෙයි

සල්ලි ඇත්නම් පුතේ
ජීවිතේ සරුවෙතේ
ඒවා නැත්නම් පුතේ
නාවාට කම් නැතේ

එකෙක්වත් නෑ කැමති
දුෂ්කරවූ සේවයට
දෙනවාද මාරුවක්
කොළඹ ඉස්කෝලෙකට

ඉගෙන ගත්තත් නැතත්
නෙක්ස්ට් ක්ලාස් උඹ සමත්
පාර්ලිමන්ට් යන්නටත්
දීපල්ලා සප් එකක්

ළෝක ගුරු දිනය වෙනුවෙන් ළෝකේ කාලා වතුර බොන ගුරුවරුන්ට උපහාර පිණිස.

දැන් ඉතින් මාව මරන් කන්නේ නැතුව, ගුරු දෙවියන් වෙනුවෙන් ලියපු කවිය මෙතනින් බලන්න.

26 comments:

  1. අපූරු කවි ටික...ඔය වගේ ගුරු හොරුත් ඉන්නවා වගේම හොඳ ගුරුවරුත් ඉන්නවනෙ මාතලන්...

    ReplyDelete
  2. @ දිල්
    ඇයි අනේ පෝස්ට් එකේම ලින්ක් එකත් දාලා තියෙන්නේ..

    ReplyDelete
  3. නියම කවි ටික. මම හිතන්නේ දැන්නම් වැඩිහරියක් ගුරුවරු මෙහෙමයි. හැබැයි ගුරුදෙවිවරුනුත් ඉන්නවා. ඔවුන්ට උපහාර වේවා!!

    ReplyDelete
  4. @ වෙද මහත්තයා
    එයාලට පුදපු උපහාරයට ලින්ක් එක පෝස්ට් එකේම තියෙනවා

    ReplyDelete
  5. සැබැ ගුරුවරුන්ට උපහාර වේවා!

    ReplyDelete
  6. මොනවා හරි කරල උගන්නපු ගුරොත් උන්න අපිත් එක්ක. එකනෙ අපි මෙහෙම

    ReplyDelete
  7. ගුරු හොරු වගේම, විශිෂ්ඨ ගුරු වරුත් ඉන්නව, ඒ කාලෙත් හිටිය. දෙවිදියෙම අය මතක් වෙනව. ලින්ක් එකෙන් ගිහින් බැලුවෙ නැහැ, වැඩ ඇරෙන වෙලාව ළඟය්, ගෙදර ගිහිල්ලම බලන්නන්.

    ReplyDelete
  8. ගුරු හොරුන් අතරේ දෙවි වරු වන් ගුරු උතුමන් සහ උත්තමාවියන් ද ඉන්නවා මචන්,,

    ජය,,

    ReplyDelete
  9. @ සබිත්
    අනිවාර්යයෙන්. ඔබ හොඳ පෝස්ට් එකක් දාලා තියෙන්නේ. අදත් මගේ ගුරුවරුන්ට මම වඳිනවා. (ඒක විශේෂ වන්නේ මම මගේ පුතාටවත් මට වඳින්න ඉඩ දෙන්නේ නෑ.)

    ReplyDelete
  10. @ ලොකු ජෝන්
    එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඒකේ ආයේ දෙකක් නෑ.

    ReplyDelete
  11. @ ඔබ්සර්වර්
    ඒකේ තියෙන්නේ දෙවිවරු ගැන

    ReplyDelete
  12. @ ගයාන් රූපසිංහ
    අපෝ ඉන්නවා. දැන් නම් අඩුයි හැබැයි. ඒක තවත් රස්සාවක් විතරයි.

    ReplyDelete
  13. සැබෑ ගුරුන්ට හැමදාම ගුරු දිනය. ගුරු හොරුන්ට ගුරුදා විතරක් ගුරු ගුරු දාය.

    ReplyDelete
  14. බොහොම ස්තුතියි මාතලන් අයියා!
    ගුරු උත්තමයන් ගැන මගේ ලිපියකුත් තියනවා..කැමති අය ගිහින් බලන්න!

    ReplyDelete
  15. මූට ගහපියව්....!

    ඔය කිව්වට මං දන්නවනේ එකෙක්වත් අත උස්සන්නේ නෑ කියලා... අද මටත් පොඩි පාට් එකක් දැම්මනේ බුලත් අතක් ගෙනාවේ නැද්ද කියලා නඩුකාරියි, කුමාරිකාවයි. එතකොට තමා මං දන්නේ අද ගුරුදිනේ කියලා....

    ReplyDelete
  16. තෑන්ක්‍ මාතලන් පස්ට කවි ඈ ..

    එල කිරි ගුරුවරුන් අතර මේ වගේ අයත් ඇත්තෙම නැත්ද ?

    ReplyDelete
  17. කොහොම ද පංතියෙ ළමයින්ගෙ චන්දයකින් විෂය උගන්වන ගුරුතුමිය/තුමාව තෝර ගන්න ඉඩ ලැබෙන දවසක් ආවොත්?

    ටියුෂන් පංති යද්දී සල්ලි ගෙවලා නේද කාගෙන් ද ඉගෙන ගන්නෙ කියල තෝර ගන්නේ?!!!

    ReplyDelete
  18. @ ඉන්දික උපශාන්ත
    කතාව සම්පූර්ණ ඇත්තයි..

    ReplyDelete
  19. @ සබිත්
    අගය කළ යුතුදේ අගය කළ යුතුයි...

    ReplyDelete
  20. @ ප්‍රසන්න86කේ
    ගහන්නේ මක්කටෙයි. මරාගෙන කාපියව්. වාසනාවකට ස්වාධීනව හිතන්න පුරුදු කරපු ගුරුවරුන් අපට හමුවුනේ.

    ReplyDelete
  21. @ හිස් අහස
    ටැන්කූ. ඉන්නවා ඕන තරම්. දරුවන්ට අතවර කරන උනුත් ඉන්නේ.

    ReplyDelete
  22. @ අරුණි ශපිරෝ
    අරුණි නොදන්නව උනාට ටියුෂන් වලට වඩා ඉස්කෝලෙට වියදම්, අරකට කියයි, මේකට කියයි, ඊට වඩා හොඳයි ඉන්ටර්නැෂනල් දැම්මනම්. අඩු ගානේ රිසීට් එකක් වත් ලැබෙනවනේ. මේ දෙන සල්ලි බහිරවය ගිලිනවද කොහෙද.

    ReplyDelete
  23. මට හොඳක් කලත් නරකක් කලත් මට බාලාංශ පංතියේ උගන්නපු දෙවට කුඹුරෙ ටීචගෙ ඉඳල ඇඩ්වාන්ස් ලෙවල් විබාගෙට කලිං අන්තිම පංතිය කරපු ග්‍රේරො සර් දක්වා හැම ගුරුවරයෙකුටම හිස නමා ආචාර කරනව . . . . ගුරු දිනයට විතරක් නෙමේ . . . හැමදාටම

    ReplyDelete
  24. දැන් හැමකෙනාටම දවසක් තියනවනේ. නරකද ගුරුවරුන් එකතුවෙලා එයාලගෙන් වැඩක් ගෙන, ජීවිතයට හොඳට මුහුන දුන්නු ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට උපහාර කලොත්?

    නෑ ඉතින් මම නිකමට කීවේ...:D

    ReplyDelete
  25. @ ඕනයා
    හොඳ ගෝලයෙක්....
    අපිනම් වැරදි උන්ට වැරදියි කියනවා...

    ReplyDelete
  26. @ පොඩි කුමාරිහාමී
    ඔයාගේ මේ පාර පෝස්ට් එක මාරයි. හොඳ යෝජනාවක්.

    බර පැන උපහාර ලබන අයටම දරන්න වෙයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න