.

.

Mar 18, 2012

කඩු ගිලීම - Magic Swords


කටුගේ තියෙන රන් කඩු නමයක් නැති             යා
මහ රෑ ආපු හොරු ඒවට කෙලියෝ                      යා
තිර පිටපත හරියට ලියවී නැති                            යා
කැමරා පද්දතිය ගැන මුන් අමු පච කෙලි            යා

චෝර සොළී එළාරලා පෙති කැපු                        වා
පෘතුගිසි ලන්දේසී ලබුගෙඩි මෙන් කැපු               වා
ඒ විතරක්ද සුද්දට පැන පැන කෙටු                       වා
මෙව්වා ඔහොම තියලා වැඩකට නැතු                  වා

දුම් ගහ ගහා දුම් මැස්සේ වෙලේන                      වා
පෙට්ටගමේ ඇඳ යට මලකඩ කන                       වා
මුවහත තබා අරගනු දැන් වැඩ එන                      වා
ඔබා අපිට කෙලවන්නට සෙට් වෙන                   වා

ජිනීවා එකේ තද බල කේස් ය                                ති
සුද්දා ඇමරිකන් මෙහි එනු කැස කව                     ති
අඩෝ ඔබා ඒවා නම් ලේසී නැ                               ති
කපනවා අපේ කඩුවෙන් තොපි පෙත්තෙ පෙ       ති

කටුගෙයි තියාගෙන ඉන්නේ රෙද්දට                  ද
මෙව්ව එහෙම තියලා ඇති වැඩක් වෙ                 ද
බලෙන් අරන් යමු ශ්‍රි වික්‍රම එක                           ද
යුද්දෙට නැති කඩු ඇයි බං කොස් කොටන්න      ද

යුද්දෙට යන්න කඩු නමයට විද්දා                       ද
ඉන් කඩු එකක් හෝ වඳුරට ලැබේවි                   ද
ගේම ඉල්ලමින් මල පැන ඉන්න ස                     ඳ
මහ රජතුමාටත් ඒකෙන් කෙලීවි                          ද

.oOo.

63 comments:

  1. කොහොමහරි වදුරගෙ අතට කඩුවක් ගියානං මරු

    ReplyDelete
    Replies
    1. ළොකු අයියත් කනට ගහපු එකේ වඳුරට කොටන්නත් බැරි නෑ..

      Delete
  2. මං ඒත් බැලුව අර ඕට්ටේලියාවේ ඉන්න ඔබා අයියට බනින්නෙ අහවල් එකකටද කියලා. මේ අනිත් ඔබානෙ. දැක්කොත් බුවා. නැත්නං එබුවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ අපේ අහිංසක ඔබා මාම කියලා.

      Delete
    2. ඒ ඔට්ටේලියන් ඔබා මේ ඇමෙරිකන් ඔබා

      Delete
  3. අම්මද බොල දැන් තේරුනේ. කඩු ගත්තෙ ඔබාට කොටන්නද ?

    පලි - ඔබා කීවේ බ්ලොග් ගිලින ඕස්ටේලියන් ඔබා මාමා නෙවේය. ඇමරිකන් එක්කෙනාය.

    ReplyDelete
    Replies
    1. සොරි.. ගිලින නෙවේ ලියන.. ;)

      Delete
    2. ආයි අහලා. එන්න කියහන්.. පෙති ගහනවා

      Delete
  4. හරියටම පහලොස් වෙනිද වෙනකොට කැමරා පද්දතිය අක්‍රීය වෙලා. හරි පුදුමයි.

    ReplyDelete
    Replies
    1. මාරයිනේ. කොමසාරිස් තුමය කියන්නේ එව්වා නියමෙට වැඩ කියලා..

      Delete
  5. හත්ඉලව්වට ගහපි කලාබරේ කිව්වලු... දැන් එතකොට ඔබාමට ගහන්න යන්නෙ කඩු වලින්ද?...

    ReplyDelete
    Replies
    1. බැරිම උනොත් කිනිස්සෙන් හරි අනිනවා. ගල් කටසුත් තියෙනවනේ..

      Delete
  6. රටේ අභිමානයේ යාව ජීව සැමරුම් රකින්න එක බල්ලෙක් නෑ! කාලකන්නි රකින්න උන්ගේ වාහන ඉස්සරහින් පිටිපස්සෙන් බුරුතු පිටින් යන්නෙ!

    ReplyDelete
    Replies
    1. පුරා වස්තු වගේද වත්මන් වස්තු ඒවා ජාතික වස්තු නේ..

      Delete
  7. ගනු කඩු එනු සටනට...

    ReplyDelete
  8. බිබිලි නඟින බෙලි කටු.. කිවුවලු ... එල කිරි :)

    ReplyDelete
  9. මේ දවස්වල කස්ටිය කරන වැඩ දැක්කාම නම් හිතෙන්නේම වඳුරට කඩුව අහුවෙලා වගේ කියලා තමා. . .

    අනේ ඉතිං ජාතික කෞතුකාගාරෙ වත් රැකගන්න බැරි ආන්ඩුවක් රටේ ජනතාව වෙච්චි අපිව කොහේ රකින්නද මෙයා . . .

    ReplyDelete
    Replies
    1. කෞතුකාගාරේ කොහේ රකින්නද එයාලා රකින්න කියලා අපටනේ කියන්නේ. ඇයි අපි චන්ඩිද

      Delete
  10. කෞතුකාගාරයත් හොරු පනීනම් අනිත් දේ ගැන කුමක් කියන්නද?

    ReplyDelete
  11. අනේ මන්ද මේ දවස් වල ලියන ඔක්කොම කතන්දර වල තිර පිටපත් අන්තිම සවුත්තුයි. කොළොන්නාවේ ටෙලිය , විභාග ටෙලිය , පෙට්ට්‍රල් ටෙලිය, කැළණි ටෙලිය, ගූ-ගල් ටෙලිය , ඔක්කොම අප්සට් ඒවා. මීට වැඩ හොඳයි අර පවුලේ නාලිකාවේ (අපේ පවුලේ නෙවෙයි) මෙගා ටෙලි


    WWW.THUNSITHA.TK

    ReplyDelete
    Replies
    1. මේවා වල විතරක් නෙමෙයි. සෝ වලත් එහෙමයි. ඒවත් මාෆියා එකකින්නේ කරන්නේ..

      Delete
  12. ෂෙල් වෙඩි මිසයිල්ද උඩ ඉගිලෙන කාලේ
    කඩුවෙන් කොස් කොටන්නට වත් බැහැ රාලේ

    කටුගෙයි වලන් දැක්කම සමහරුන්ට හිතෙනවලු අපරාදේ උයන් පිහන් කන්න පුළුවන් වලන් නේද මේ කියල . ඒ වගේ කාට හරි හිතුනද දන්නේ නැහැ මේ කඩු වලින් වැඩක් ගන්න .

    ReplyDelete
    Replies
    1. අපරාදේ මුතු මැණික් පිරිලා. ඕවා අපිට දුන්න නම් මගුල් ගෙදරකදි හරි ප්‍රදර්ශනේ කොරනවනේ..

      Delete
  13. දැන් බඩේ කඩු ගිණි ගනන්. (පද පෙරලි භාෂාවෙනි)

    ReplyDelete
  14. මට මේවගක් කල්පනාවට ආවෙම නෑනේ. හරි! ජිනීව කේස්එකට පස්සෙ ඔය කඩුටික ආපිට අපේ අතට ලැබේවි. නිකං නෙවේ අලුත් ‍ඓතිහාසික වටිනාකමකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. එතකොට වටිනාකම මීටත් වැඩියි..

      Delete
  15. යුද්දෙට කඩුව ගත්තේ ඉස්සර කාලේ
    ගැමුණුගේ කඩුව හොයන්නටලු මේ තාලේ
    ඔබ-මා මොනවා කෙරුවත් අපි නම් බාලේ
    මිහි තෙල් එපා අපි කමු රට නැහැ හාලේ

    ReplyDelete
    Replies
    1. ගැමුණුගේ කඩුව තියෙනා තැන දන්නා
      ඇට මැස්සාට ඊයේ ඔත්තුව දුන්නා

      Delete
  16. එහෙනම් කඩු හොරකම් කරලා තියෙන්නේ ඇමරිකාවට ගේම දෙන්න...

    ReplyDelete
    Replies
    1. ආයි අහලා නෝනේ. එක කඩුවෙන් සීය දෙසීය මරලා තියෙන්නේ..

      Delete
  17. කඩුව ගන්න ඇත්තේ සුවර් අර ලංකාවේ ගූගල් අයියා වෙන්න ඇති මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්දියන් බඩුත් ගන්න එපා කියයි

      Delete
  18. ලස්සන කවි පෙලකි..

    ReplyDelete
    Replies
    1. පාට පාටින් තියෙන නිසැයි..

      Delete
  19. කියවන්නෙක් පමණිMarch 18, 2012 at 10:41 PM

    කෑගලු දිසාවේ ජන්මය ලබා ඇති
    උරැමය නොවේ මෙය අපේ කරැමයක් වෙති
    මිනිහට වඩා ගෑනි කරලියේ රගති
    මේ ඇමතියා සුරැට්ටු බී නිදති

    හොද වැඩ නරක වැඩ කිසිවක් නොකරන්නේ
    ගෙදරට යන පාරවත් නෑ මොහු හදන්නේ
    ජාතික උරැමයන් රැකුමට තනන්නේ
    මෙතුමා රකින්නේ පාරේ වලවල්නේ

    ReplyDelete
    Replies
    1. මේ ගැන ඔහේ මක්කාටෙයි දුක් වන්නේ
      සීයට අනුවක් වැඩ බැරි උන් ඉන්නේ

      Delete
  20. මේ ගොබ්බයො හොරකමක් වත් හරියට කරන්න දන්නේ නැහැ.ඇමති වරයාගේ කතා අනුව ඔහු පෙනී සිටින්නේ මංකොල්ල කරුවන් වෙනුවෙන් වගෙයි දැනෙන්නේ.සිංහලයන්ගේ අයිතිකාරයෝ වුන හෙළ උරුමයේ පින්වත් මහත්වරුන්ගේ කටේ කුරහන් පිට්ටු හිරවෙලා වගේ.රටකට ගිය කලක්.

    ReplyDelete
    Replies
    1. එයාලට හාමුදුරුවරු එච්චර මනාප නෑ වගේ

      Delete
  21. Replies
    1. ඊට සැකයි සෞන්දර්ය පීඨයේ උන්..

      Delete
  22. කඩුව කොහොමත් වඳුරගෙ අතේ.. ඌ කොච්චර කෙටුවත් අනික් උන්ට පේන්නෙ නැති එකනෙ වැඩේ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. මසුරං කතාව.. කට ඇරහන්කෝ කඩුවක් ඔබන්න

      Delete
  23. කඩුවලින් පුළුවනි කිරි පැණි කන්න අගේට!

    ReplyDelete
    Replies
    1. කිරි පැණි කෙසේ වෙතත් ටින් කිරි නම් කවනවා

      Delete
  24. අර වයසක ඔබා මාමව පෙතිකපල ඇති වැඩේ මොකද්ද... ??

    ReplyDelete
    Replies
    1. කොහේ වයසක්ද උඹලට වටා යන්ග්

      Delete
  25. නෝනා කිව්වා කැමරා ටික වැඩ කෙරුවා
    පොලිස් මාමා ඒ බව අනුමත කෙරුවා
    කව්දෝ මන්දා මහතෙක් එතැනට ආවා
    අර දෙන්නගෙ රෙදි එතැනම ගැලවූවා

    චීයා අනේ.....

    - මහා කවි උඩුඇන්දෙ ධණ්ථඵාළ

    ReplyDelete
    Replies
    1. නෝනා නෙමෙයි මහත්තයයි නා ගත්තේ
      ඒ මුත්තා තිර පිටපත කියවා නැත්තේ
      උන්දැත් දැන් බයිලා කියමින් ඇත්තේ
      කවුද යකෝ මේ කඩු ටික ගිල ගත්තේ

      Delete
  26. රොබින් හුඩ්ගේ කඩුව තමයි මතකයෙ ඇත්තේ
    නයිට්වරුයි කඩුයි රවුම් මේසය පැත්තේ
    අපෙ කටු ගෙයිකඩු හොරකම් කරන්න ඇත්තේ
    රොබින් තමයි හොරගෙඩියා සැක කරන්න හැක්කේ

    කඩු මොකටද යුධ වදින්න ඔබා මාමා ලග
    යුධ කරන්නේ මාධ්‍ය වීඩියෝ වලින් අප
    එහෙන් හදන එකට රිටන් හදල යවන අය
    ඒ යුද්ධය ෆිල්ම් එකක් වගේ පෙනෙයි මට

    කඩු විතරද රන් කහවනු අරන් ගිහිල්ලලු
    මම හිතන්නේ ටයිම් මැෂින් එකෙන් එන්න ඇති
    අතීතයේ ඉදන් ආපු කෙනෙක් වෙන්න ඇති
    රන් කහවනු සොරා ගත්තේ ඒක වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. රන් කහවනු ඩොලර් ගන්න වෙන්න ඇති
      මුදු අරගෙන කන් වල දාගන්න ඇති
      බීඩි බීලා ආතල් එක ගන්න ඇති
      ගේම දුන්නේ රොබින් හුඩ්ම වෙන්න ඇති

      Delete
  27. මාතලන් පරෙස්සන් වෙයං, තව දවස් දහයයි ඔබා ලංකාවෙ. සපෝට් එකට ඕනය, පිස්ස, එහෙමත් එනව කියල ආරංචියි.

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු. ඔබාගෙන් කොමෙන්ට් එකක්. ෂොරි අය්යා. ෂොරිම වෙන්න ඕන. අපි අරි අහිංසක අයියා...

      Delete
  28. වඳුරෝ ලංකර ගත්තනම් ඉතින් කඩුපාර කාපන් රජා කිව්වලු..

    ReplyDelete
    Replies
    1. ඔය කෙටුවේ ආයේ මොනව කොටන්නද

      Delete
  29. කටුගෙට පැනල හොරුටික කඩු ටිකටත්, රන් කාසි මල්ලටත් කෙළියා නම්,අපේ ගෙවල්වලට හොරු නොපනීවි කියන්නේ කොහොමද?
    ඕකට තමා කියන්නෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා..

    ReplyDelete
    Replies
    1. මට දුක කඩු නැති උනාටත් වඩා. කොමසාරිස්තුමිය රස්සාව බේර ගන්න කෙප්ප කෙලින එකට

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න