.

.

Mar 11, 2013

ඇනෝ වාරණය (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයී) - No More Anonymous (Strictly for Adults)


මං හිතාගෙන උන්නේ පරිගනයක් පාවිච්චි කරන්න දන්න එකා යම් තරමින් හෝ උගත් වැදගත් මහත්මයෙක් කියලාය. ඒ නිසා ඒ කාළේ මාත් ඇනෝලාට ආදරය කළේය. මොකෝ බොහෝ දෙනෙක් ඉතා වැදගත් අදහස් ඇනෝවරුන් ලෙස ඇවිත් දාලා ගිය නිසාය. කෙනෙක් පොරසිද්ධියේ යම් කිසි අදහසක් වෙනුවෙන් පෙනි සිටින්නෙක් උනත්. තමන් කවුදයි නොකියා තමා පෙනී සිටන මතය කුමක් වූවත්, ඇනෝ කෙනෙක් ලෙස ඇවිත් හදවතේ ඇති දෑ, අකුරුවලින් සටහන් කරන්නට තිබෙන කඳිම අවස්ථාවක් නිසාය.

ඒ කෙසේ වෙතත්, පරිඝනයක් පවිච්චි කිරීමට තබා, සිවිල් සමාජයේ මිනිසුන් අතර ජීවත් වීමටවත් සුදුසු නැති, තිරිසනුන් හා සමකල හොත් උන්ටද අපහාස වන, අමුතුම ජීවීන් වර්ගයක් මෑතක සිට, බ්ලොග් තුලින් තම පහත් අශාවන් ඉටු කර ගැනීමට තැත් කිරීම දැක්කාමනම් හිතෙන්නේ, අනුකම්පාවක්මය. ඇත්ත වශයෙන්ම මොවුන් මානසික ලෙඩුන්ය. මොවුන්, අනෝවරුන් ලෙස පෙනි සිටීමින්, තැන තැන දමා ඇති කොමෙන්ටු වලින් මතුකරනා කරුණු කිහිපයක් ගෙන බලමු..

බ්ලොග් කල්ලි සෑදී ඔවුන් පමණක් වැජබීම -
ඇනෝලාට මේ ගැන කතා කරන්න ඕනෑ නැත. මේ බොග දාන කස්ටියය. බ්ලොග් එකක් ලියා ඔහේ බලාගෙන හිටියාට බලු බල්ලෙක් ඒවා බලන්නේ නැත, කොතරම් හොඳ බ්ලොග් අඩවියක් උනත්, කොමෙන්ට්ස් වලට රිප්ලක් නොකරයි නම්, අනෙක් බ්ලොග් වලට කොමෙන්ටුවක් නොදමයි නම්, ඒ බ්ලොග් එක බැලුවත් කොමෙන්ටු නම් ලැබෙන්නේ නැත.

කෙමෙන්ට්ස් බලාගෙන බ්ලොග් ලියන්නෝ -
ඇනෝලාට මේ ගැන කතා කරන්න ඕනෑ නැත. මේ බොග දාන කස්ටියය. එහෙනම් මලදානෙටද ඔබේ අදහස් දක්වන්න කියලා කොමෙන්ට් පෙට්ටිය ඕපන් කරන් කට ඇරගෙන බලාගෙන ඉන්නේ අර පොරි හැලෙන්න දෙන "මරුවා" වගේ පෙට්ටිය වහලා දැම්මම ඉවරනේ. මේකට කියන්නේ බොරුව නෙමෙයි පාජාව.

හිට්ස් බලාගෙන බ්ලොග් ලියන්නෝ -
ඇනෝලාට මේ ගැන කතා කරන්න ඕනෑ නැත. මේ බොග දාන කස්ටියය. මම නම් මුල ඉඳලාම හිට්ස් වලට බොහොම මනාපය. ඒ නිසා හිට්ස් කවුන්ටරයකුත් දාගෙන තිබේ. එහෙම හිට්ස් බලාගෙන නොලියනවනම්, හිට්ස් කවුන්ටරේ අහක් කලාම අපි හිතන්නේ අම්මට බොල මූට මාර සෙනගක් එනවා ඇතිනේ කියාය. හිට්ස් බලාගෙන ලියන්නෙ නැත්නම් බ්ලොග් එකේ කොමෙන්ට්සුත් වහලම දාන්න.

කුණුහබ්බ ලියනවා -
ඇනෝලාට මේ ගැන කතා කරන්න ඕනෑ නැත. මේ බොග දාන කස්ටියය.ලියනවා කියන් වචනෙන්ම ඒක මාට්ටු වෙනවාය. මම නම්, කුණුහබ්බ ලියන එකම බොගක්වත් දැකලානම් නැතිය, ඒත්, ශෘංගාර රසය පිරි බ්ලොග් අඩවි මෙන්ම, බ්ලොග් පෝස්ට්ද, ඕනෑ තරම් දැකලා තියෙනවාය. බුකියේ මල් කඩලා මහ රෑට සිරියයනේ සැතපිලා, යටලීයෙන් එන නාරිලතාලත් එක්ක සෙට් වෙලා, සරම ගැලෙව්වම කාඩ්බෝඩ් වගේ හිටින බ්ලොග් ලියන චූටී මල්ලිලාට නම් මේව කුණුහබ්බ වෙන්න පුළුවන්ය. එහෙම අයට නොබලා ඉන්න 13+, 18+, දැම්මත් මේවා අස්සේ රිංගලා, ඊතල විද විද අහන ප්‍රශ්න වලට උත්තර බදීන්න ගියාම මළ වදේය, ඒ නිසා එයාලා බොග දාන්නේ නැති තරමට හොඳය. පොඩි උන්ට ඉන්ටර්නෙට් දෙන එක වඳුරන්ට දැලි පිහි දෙනවා වාගෙය. අපේ එකා ඉන්ටනෙට් ගහනවා නම් කවුරුන් හෝ ළඟින් ඉන්නවාමය. ඌට 13+ පැන්න ගමන් ඒ බෑන් එක ඉවත් කරනවාය. ඒ නිසා, අපිනම් හැම එකාටම ඕන දෙයක් ලියනවාය. පාසල් නිවාඩු කාලේ සෙක්ස් වැඩියෙන් හොයලා රෙකෝඩ් එකක් තියලා තිබුනේ ඒ නිසාය. ඒ හන්දා ඔය පොඩි උන් ඉල්ලන හැම රෙද්දම අරගෙන දෙන ගොන් බූරු දෙමව්පියන්ට කියන්න තියෙන්නේ, පොඩි එකා සෙක්ස් බලා, මාට්ටු උනයින් පස්සේ අඬනවාට වඩා, දෙයක් අරගෙන දෙන්න ඉස්සෙල්ල, ඒ ගැන දෙවරක් නොව දහ වරක් හිතන්න කියලාය.

අපිට බ්ලොග් යාලුවෝ ඕන නෑ, අපිට වෙන යාළුවෝ ඉන්නවා -
ඇනෝලාට මේ ගැන කතා කරන්න ඕනෑ නැත. මේ බොග දාන කස්ටියය. මෙහෙම කියන්නේ එක යාලුවෙක්වත් නැති එකාය. මානසික ලෙඩුන්ය. අපට නම් කෙසේ හෝ මිතුරු සමාජය වැඩි කර ගන්න පුළුවන්නම් ඕන දෙයක් කරනවාය. ළෝකේ වටේම යාලුවෝ ඉන්නේ බ්ලොග් හින්දාම නෙමේය, දකින දකින එකා එක්ක හිනා වෙලා කතා කරනා නිසාය.

අපි හරි බිසි වෙලාවක් නෑ කොමෙන්ට්ස් කරන්න -
මෙහෙම කියන්නෙත් බොග දාන උන් මිස ඇනෝලා නොවේය. කොමෙන්ට්ස් ගැන කතාකරන කොටම ඒ බොග දාන එකෙක් කියලා මාට්ටු වෙනවාය. එහෙනම් බ්ලොග් එකත් නොලියා, ඇම් ඇස් ගේ වර්ඩ් වල ටයිප් කර, පෙන් එහෙක දා කරේ එල්ලන් ගියාම අහවරය.

දැන් ඔහේලාට මේ ලෙඩ්ඩු කව්දැයි කියා තේරෙනවා ඇතිය. ඇනෝලාට ආදරේ උනාට, දැන් අපිට එයාලත් එක්ක එකතු වෙන්න බයය. ඒ නිසා කොන්ඩම් එකක් පළඳින්න සිඳු උනාය. ඒ ගැන ඇත්ත ඇනෝලා අමනාප වෙන්න එපාය. මේක අතිශයින්ම වැඩිහිටියන්ට කියලා දැම්මේ, අර ගොන් බූරූවෝ වගේ තුන් තිස් පැයේම මේකේ එල්ලිලා ඉන්න වෙන්නෙ නැති නිසා, සම හරක් මේකේ අමු තිත්ත කුණුහබ්බ ලියලා තියෙන්න පුළුවන් නිසාය. ඒත් මාතලන් දැක්ක ගමන් ඒවාට අබ සරණය.

ඉස්සර මම ඇනෝලාට ආදරය කර හැටි මෙතනින් බලන්න...

156 comments:

  1. අනේ මන්දා... මට නම් මේ දවස් වල වෙන එව්වා දැක්කහම හිතෙන්නෙ මුන්ට පිස්සුද කියල...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිස්සුවක් තමයි, මේකට කියන්නේ පොර මේනියාව.. හා හීනමානය.. ඇනෝ නැවත්තුව නිසා ලෙඩා මාට්ටු උනා.

      Delete
  2. හෙහ් හෙහ් මේක පිස්සු & හැටි දෙකේම මික්ස් එකක් ;)

    ReplyDelete
  3. Replies
    1. Thanks buddy, I have never take anything seriously

      Delete
  4. මේකට තවත් විසදුමක් තිබෙනවා නේද? කොමන්ට් සමාජගත කරන්න හොඳ ද නරකද කියලා බලලා Approval දෙන එක.

    ReplyDelete
    Replies
    1. (මත වාරණයක් නොව)

      Delete
    2. ඒ වැඩේට මම කැමති නෑ. ඒකෙන් වෙන්නෙ කොමෙන්ට් දැමිල්ල එපාවීමක්..

      Delete
    3. මාර රැගක් තමයි.
      නමුත් සැබෑ ප්‍රශ්නය නිර්නාමිකත්වය නොවෙයි නේද?

      Delete
    4. නිර්නාමිකයෝ වැහි වැහැලා ඉන්නේ ඔබේ බ්ලොගයේ තමා. අපිත් හාස්‍යයට කැමතියි. ඒත් බ්ලොග් එකක ට ඇවිත් හාස්‍ය වෙනුවට කුණ හරුප දමන එකයි වරද?. එවන් තැනකට නොවැටී හොඳ බ්ලොග් කලාවක් බිහි කරනවානම් එයට මුල් විය හැකි සුදුසුම පුද්ගයලා ඔබයි කකා..එවන් තැනකට මේ කලාව ගන්න ඔබ මුල්වන්න කකා..

      Delete
    5. අමු තිත්ත කුණුහබ්බ ලියන්න දෙන්න බෑ. මගේ දරුවොත් මේවා බලනවා. මුන් ශෘංගාරයෙයි, කුණුහබ්බ වලයි වෙනස අඳුනන්නේ නෑ. මේ පැහැදිලි ඉරිසියාව. එකෙක් කිව්වා බ්ලොගර් එකට කියලා හරි නවත්තනවා කියලා. ඒත් ආයෙත් ලියන එක ලියනවාමයි.

      Delete
  5. හැම තැනක කිව්ව දේ තමයි කියන්න තියෙන්නේ , මම ඇනෝ සංකල්පයට එකඟයි . මගේ ඕනිම බ්ලොගක් ඇතුලේ ඇනෝ ඔට්ටුයි . මොනම හේතුවක් මතවත් බ්ලොක් කරන්නේ නෑ . හැබැයි මකනවා පහත කැටගරි වලට අහුවුනොත්

    01). තුන් වන පාර්ශ්වයකට එරෙහිව අසභ්‍ය වචන
    02). නොනවත්වා පලකරන අදාල නොවන කමෙන්ටු (ඩොක්ට සුජිවය ඇනෝ නොවීත් මකන්න වුනේ ඕකෙන් )
    03). කාන්තාවකට එරෙහි කුමන හෝ පෞද්ගලික අපහාසයක්

    ReplyDelete
    Replies
    1. මමත් ඇනෝලාට මනාපයි. ඒත් මේ එක බූරුවෙක් කරන දේ නිසා, බැනුම් අහන්නෙ ඔක්කෝම ඇනෝවරු. මේ මහත්මයෙක් ලෙසින් පෙනි සිටිනා ගොනෙක්..

      Delete
    2. මාතලන් ඔබේ ප්‍රශ්නය ඇනෝනිමස් කමෙන්ටු දැමීමට ඉඩ දිම නොවේ.

      බාලචන්ද්‍රන් ගේ මරණය ගැන ලිපියක් ලිවීමයි. ඒ ලිපිය ලිවීමෙන් ඔබ ආනන්තර්ය පාපකරමයක් කර ගත්තා.

      Delete
    3. මම බාලචන්ද්‍රන් ගැන කිසිම ළිපියක් ලිව්වෙ නෑ..

      Delete
    4. බාලචන්ද්‍රන් ගැන මාතලන් හිටිය මතයේ මම , කතන්දර ඇතුලු ගොඩ දෙනෙක් හිටියා, ඇයි මාතලන් විතරක් අල්ල ගන්නේ ?

      Delete
    5. මට තියෙන ප්‍රශ්නෙත් එකමයි. නමුත් මම උත්තරේ හොයා ගත්තා. ඒක මම දැනගත්තාම හොඳටෝම ඇති.

      Delete
    6. ඔන්න ඕක තමා මටනම් පෙන්නන්නම බැරි වැඩේ.. අරක ලියන්න එපා, මේක ලියන්න එපා.. යකෝ කාගෙවත් තහංචි වලට බයේ ලියනවා නම් එක බ්ලොගක් වෙන්නේ කොහොමද? බ්ලොග් කියන්නෙත් මාධ්‍යයක්. පුද්ගලික මාධ්‍යයක්. බාලචන්ද්‍රන් බැරිනම් ඕනේ එකෙකු ගැන ලියන්න බ්ලොගාට නිදහස තිබිය යුතුයි.

      එකඟ වීම හෝ නොවීම කියවන එකාගේ අයිතිය.

      Delete
  6. ඇනෝලා නැති බ්ලොග් ලොව... ජුන්ඩන් නැති කොල්ලන් වගේය..'' දැන් උබ අවජාතක මදිවට නපුන්සකත් වෙලා කියන එක ඇත්ත එහෙනම්

    ReplyDelete
    Replies
    1. අවජාතකයා හා නපුංසකයා කව්දැයි දැන් සියල්ලෝම දන්නේය. ඒ ලංකෝනිස් නම් ගොන් බූරුවාය.

      Delete
    2. කවුද බං මේ ලංකෝනිස්?????

      Delete
  7. පාරිභෝගිකයන්ට ජයවේවා!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හැම දේම ඕනවාට වඩා ඕපන් කරන්නත් නරකයි නෝනේ.. සීරියල් කිලස්ලත් ඉන්නවනේ...

      Delete
    2. පාරිභෝගිකයන්ට ජයවේවා!
      අරුණි අක්කේ....
      ඔයානම් ඔයාගේ මතයට හරස් වෙන මත වලට ඉඩ දෙන්නේ නැහැනෙ. මගේ කොමන්ට් කීහිප විටක් ම කපා හැරියානේ.
      මතකද, සියලු විනාශයන්ට මුල නිශ්පාදනයට එරෙහි බද්දයි
      සිනමා විචාරණයයි.
      ජයවේවා!

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. -උබ තමයි අපිව කුණු හරප ලියන තැනට ඇදලගත්තේ.-
      ඉහද ගහන කාණු පණුවන්ට සුදුසු තැන තමයි ලංකෝනිස් ඔබ ඉන්නේ.
      @මාතලං
      මෙවැනි කොමෙන්ට් පළකිරීම ඔබ අන්මත ඉවසන අයෙක් සේ පෙන්වීමක් හෝ නිර්භීතකමක් දෝ යියි මම නොදනිමි. නමුත් මගේ අදහස නම් සීමාව ඉක්මවා යමින් පළවන මෙවැනි කොමෙන්ටු පළනොකිරීම මෙන්ම ඒවාට උත්තර නොදී සිටීම කළයුතු හොඳම කාර්‍යයයි. බ්ලොග් අඩවියේ ඇඩ්මින්වරයා ඉහත කාණුපණුවාගේ තත්වයට ඇදවැටිය යුතු නැත.

      Delete
    3. උඹ හැමදාන පෝස්ට් එක කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ දැක්ක ගමන් කැපුවා කියලා. ඌට වෙන වැඩක් නැති උනාට, මේකට ඇඩික්ට් උනත්, අපිට වෙන වැඩත් තියෙනවා. අනික ඌට කොමෙන්ට් වලට රිප්ලයි කරන්න තමයි වෙලාවක් නැත්තේ, මේවට වෙලාව තියෙනවා ඕන තරම්. එකම පෝස්ට් එකට් කොමෙන්ට්ස් 20ක් දාලා තිබුනා.

      Delete
    4. මාතලං. උඹේ ඔය කතාව කරුණාකරලා ඉල්ලා අස්කරගනින්. උඹ කොහොමද කියන්නේ මම පෝස්ටුව නොකියෙව්වා කියලා. මම මෙක කියෙව්වේ ඊයේ රෑ. නමුත් ලංකෝනිස්ගේ කොමෙන්ටුව දැක්කේ මේ මොහොතේදී. උඹ කොහෙද බං මේක දැක්ක ගමන් මැකුවේ. ඌ කියපු කුණුහරුප ටික අද උදේ වෙනතුරුම බැබළි බැබළි තිබුණා විතරක් නෙමෙයි, උඹ ඒවට උත්තර දීලත් තිබුණා. දැක්ක ගමන් කපනවා නම් උඹට ඒක කරන්න තිබුණේ උඹ ඊයේ ඌට පිළිතුරු බඳින වෙලාවෙ ඒ මොහොතේදීමයි. නිකන් සුරංගනා නොකියා හිටින්.

      Delete
    5. ඌගේ කපන්න ඕන ඒවා කැපුවා, තියන්න ඕන ඒවා තිබ්බා, ඒවටා රිප්ලයිත් දැම්මා, මමත් නිදාගන්න මනුස්සයෙක්. මම ඒකයි කිව්වේ තුන් තිස් පැයේම මේකේ එල්ලිලා ඉන්නේ නෑ. නිදා ගන්න වගේම වෙන වැඩත් තියෙනවා. උඹ කියපු එක මම ලියපු එකක් නෙමෙයි. මම මේ ඒවා බ්ලොක් කරන් විදියක් හොයන්නේ. පොඩ්ඩක් හිටහන් කලබල වෙන්නේ නැතුව.

      Delete
    6. රතුරජරට වරද්දගෙන තියන තැන මාතලන් පැහැදිලිව තේරුම් කරල දීලා නෑ වගේ.

      @රතුරජරට - ඔය කමෙන්ට් එක දාල තියෙන්න 'මාතලන්ගේ ඔරිජිනල්' ප්‍රොෆයිල් එකෙන් නෙමේ. මාතලන් GB කියන ෆේක් ප්‍රොෆයිල් එකකින්. මාතලන්ගේ වගේ පේන්න ඒ ප්‍රොෆයිල් ෆොටෝ එකම දාලා. ඒ නම උඩ ක්ලික් කලහම ෆේක් ප්‍රොෆයිල් එකටයි යන්නේ.

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. විද්ද ඊය හරියටම වැදිලා හික්ස්

    ReplyDelete
  11. නිශාන් ඔය තවදුරටත් එක එකාට පුක දෙන්න ගියොත් ඔයාගේ තැන ඇනෝලා විතරක් නෙවෙයි ප්රෝෆයිල් වල කමෙන්ට්සුත් මොඩරේට් කරන්න වෙයි, මෙච්චර දවසක් ඔයාගේ තැනට ආවට අපි වැරදි කමෙන්ට් එකක් දාල නෑ, මෙහෙම එක එකාට දෙන්න ගිහින් ලස්සන් බ්ලොග් එක කථා කරගන්න හදන්න එපා,
    මාතලන්3/4/13, 10:12 PM
    මටත් කීමට ඇත්තේ එපමණයි... හැබයි ඉතින් කුරුළු බිත්තරේට අඬන මිනිස්සු අර ප්‍රභාගේ පොඩි එකා මරණ එක සාධාරණිකරණය කිරීම තමයි මට තේරුම් ගන්න බැරි..

    මෙන්න මේ සක්කිලියගේ කොටි පුල්ලි එකටයි මන් කතා කලේ. මේක ඔයාගේ අඩවියේ තිබුනේ , දැන් ඔයා මෙතන ඇවිත් මුන්ට පුක දෙනවා,

    ReplyDelete
    Replies
    1. මං උඩ කිව්වේ මම විද්ද ඊය ගැන මිසක් මාතලන්ගේ ඊය ගැන නොවේ... :P

      Delete
  12. ලංකෝනිස්

    මචං, අවයව දෙකයි, එක මහ කෙලියයි තිබිල මෙහෙමනං . . . . කන, නහය වගේ ඒවත් කුනුහරප උනානං . . . .

    ReplyDelete
    Replies
    1. අම්මේ ඕනයෝ ඇග හීතල වෙලා යනවා බං

      Delete
    2. මැන්ටල්,
      ඔයාට ඇත්තටම මැන්ටල්, අනුන්ගේ ගූ අගේ ගා ගන්න ඔච්චරම අසයිද?
      අටම් බයවෙලා බෑ බන් මේ සක්කිලි කොටින්ට කදඩඩේයනකොට බලහන් ටිකක් පහුගිය මාසයේ මු උබලගේ හැමෝගෙම තැන්වල දාල තියෙන කමෙන්ට්ස්,

      Delete
    3. @Lankonis gb;
      ඔබ SB ගේ ඥාතියෙක්ද?බ්රේක් නැති නිසයි ඇහැව්වේ!!!

      Delete
    4. පාහරය, තොට මොකද්ද ඔච්චර තියෙන රුදාව?

      Delete
    5. @Lankonis gb;
      අමාරුව තමයි මා කැමති ලිපි ලියන "මහත්මයකුට"කොහෙවත් ඉන්න "පොන්නයෙක්"කුණු කතා කීම.

      Delete
    6. @ ඕනයා, අටම්, කෙන්ජී
      මේ තමයි බුද්ධිමත්යැයි තමන්ම කියා ගන්නා උගුඩුවන්ගේ නිරුවත..

      Delete
    7. //අමාරුව තමයි මා කැමති ලිපි ලියන "මහත්මයකුට"කොහෙවත් ඉන්න "පොන්නයෙක්"කුණු කතා කීම.//
      හි.. හි.. හි.. ෂෝක් මෙයා...

      Delete
    8. @Wedikkara Nilame;
      :) :) :) ඔයාට ෂෝක් නම් මටත් ෂෝක් පනේ ....!!!

      Delete
  13. kenji@japan පොන්නයා තෝ තව නැවිලා අල්ලපන් මුට,

    ReplyDelete
    Replies
    1. @Lankonis gb;
      නිදි මරාගෙන නැමිලා අල්ලන ඇල්ලිල්ල හිතාගන්න පුළුවන්.

      Delete
    2. ලංකොනිස් මහත්මයා, ඔබට මේ බ්ලොග් එක ලියන එකා ගැන ඇත්තේ පුද්ගලික තරහක්ද? අවංකයෙන්ම නොදන්නා කමට මේ අහන්නේ.

      Delete
    3. @තහනම් වචන
      හිට්ස් ඇරියස් එකක් වගේ නේද ???

      Delete
  14. @මාතලං
    ඇනෝ බ්ලොක් කිරීමෙන් ඔබ බලාපොරොත්තු වූ කරුණ ඉෂ්ඨ වී නොමැති බව පෙනේ. ඔබ හෙලාදකින කුණුහරප, පෞද්ගලික අපහාස වලට ඊට සමාන ආකාරයකින් පිළිතුරු දීම අනුමත නොකරමි.

    @ලංකෝනිස්
    අදහස් මතිමතාන්තර වලට පහර දිය යුත්තේ අදහස් සහ මතිමතාන්තර වලින්මය. කුණුහරප කීමෙන් සහ පෞද්ගලික මඩ ප්‍රහාර වලින් ඔබටවත් කියවන අපටවත් සිදුවන යහපතක් නැත. ඔබගේ අදහස් වල ගතයුත්තක් තිබුනද නැතද, දැනට මතුවී පෙනෙන්නේ අදහස ඉස්මතුවී පෙනෙන ලෙස එය දැක්වීමට ඔබට නොහැකි බවයි. කුණුහරප සහ අනෙකුත් අසභ්‍ය දෑ නැතිකල ඔබේ අදහස් වලටත් නිසි තැන ලැබෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. @ තිසර
      මා දැණුවත්ව නම් එසේ කලේ නැත, එවන් දෙයක් සිඳුවී ඇත්නම් සමාව ඉල්ලමි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒකත් ඩිලීට් කලා. නමුත් ඒක මම ලියපු එකක් නෙමේ. කුණුහබ්බ කිව්වත් මම කියන්නේ මගේ ප්‍රෝෆයිල් එකෙන්.. දෙය්ක් කිව්වෝත් ඒක පිලිගන්නත් අපි බය නෑ..

      Delete
    4. @ තිසර - උඹත් මාතලන් කියන ෆේක් ප්‍රොෆයිල් එකෙන් දාපු කමෙන්ට් එක මාතලන්ගේ ඔරිජිනල් කමෙන්ට් එකක් විදිහට දැකලා. ආයෙත් බලන්න. ඒක ෆේක් ප්‍රොෆයිල් එකක්.

      Delete
    5. මොර්ඩන්,
      අපේ වැරැද්ද පෙන්නලා දුන්නට උඹට බොහෝම ස්තූතියි. ඒ වගේම මාතලං. මචං උඹට මගේ කොමෙන්ටුව නිසා සිත් රිදීමක් වුණා නම් සමාවෙයන් .

      Delete
    6. එලකිරි මචෝ..උඹේ මහත්මාකමට ගරු කරනවා.

      Delete
    7. @ මොඩර්න් පේට්‍රියට්
      බොහොම ස්තූතියි අන් අයගේ ඇස් ඇරෙව්වාට

      @ රතු රජරට
      අවුලක් නෑ මචෝ. මම ඒ වගේ සක්කිලි වැඩ කිසිදිනක කරන්නේ නෑ.

      Delete
    8. ඇහ් මාතලන්ගෙ නමිනුත් ෆේක් ප්‍රොෆ්යිල් හදලද ? යකෝ මේක මාර තරහක් නේ .

      Delete
    9. දැන්වත් උබලට තේරෙනවද. මූ තුන් තිස් පැයේ මගේ එකේ එල්ලිලා ඉන්න එකෙක්. මූට වෙන වැඩක් නෑ. මානසික ලෙඩෙක්.. දැන් අඬනවා කුණුහබ්බ නැති ඒවත් ඇයි මකන්නෙ කියලා.

      Delete
    10. මාතලං, මම ඉහත කොමෙන්ටුව මකා දැම්මේ මාගේ කොමෙන්ටුවක් යටතේ හෝ එවැනි මානසික රෝගියකුගේ රැවටීමක් තිබෙන්නට හැරීම නුසුදුසු යැයි මට හැගී ගිය නිසයි.

      Delete
    11. හ්ම්ම්ම්ම්ම්ම් තේරුනේ දැන් තමයි

      Delete
  15. මොකක්ද අෆ්ෆා මේ වෙන්නෙ ? මේ දවස් ටිකේම කියවන්න ලැබුනෙ ව්ලි පෝස්ට්.. ඒත් මේකට මූලිකම හේතුව මොකක්ද කියල තේරෙන්නෙ නෑ තාම...

    ReplyDelete
    Replies
    1. මුල්ම හේතුව, අවංකත්වය ප්‍රශ්ණ කිරීම හා අන්මත ඉවසීමට ඇති නොහැකියාව. මාලිංග මරන් කන්න හදන එකෙකුටවත් මේ පිස්සන්ව පේන්නේ නෑ.

      Delete
  16. පිස්සු හැදෙන සඳ..............

    ReplyDelete
  17. මාතලං ඔබගේ මතයේ තමා මම ඉන්නෙත්.. මමත් හිට් කවුන්ටරේ අයින් කරගෙන හිටියට ඒ ගැන ආසාවක් නැතිව නෙමෙයි මොකටද බොරු කියන්නේ. ඒවගේම ප්‍රතිචාර තමා අප කුල්මත් කරන්නේ ඒ ගැන කිසිම විවාදයක් නෑ වගේම අනිවා බලාපොරොත්තු වෙනවා. ඔබ කිව්වා වගේ අදාළ දේ නොලැබෙන ඇනෝ බොග කරුවන් බොරු හේතු අරගෙන ඔය දහදුරා වැඩ කොරන්නේ මොකටද, තනිකර ඉරිසියාව වෙන මොකක්ද? වෙන මොකක් කරන්නද මාතලං තමන්ට නොලැබෙන දේ අනුන්ට ලැබෙන කොට පහරන උන් ගැන මොන කතාද?? ඇත්තටම ඇනෝලට මේ බොග ඇනෝල කරන්නේ බොග එපා කිරීමක්... උන්ටත් තේරෙයි කවදා හරි. හත්දෙයියනේ තමන්ට ලැබෙන්නේ නැත්නං අනුන්ගේ දේ ගැන වද නොවී හිටහල්ලා. මේ යන ගමන හිමින් පලයල්ලා. එක පාරට ගහේ කරටි අල්ලන්නට මොකාටවත් බැරි විත්තිය තේරුම් අරන් යන ගමනක් නිවි සැනසිල්ලේ ගියා නං හොද නෙව මේ ඇනෝ බොග කාරයෝ

    මටත් දෙන්නෙක් මාට්ටු වෙල ඉන්නේ. නම් ගම් ඊමේල් ඇඩ්‍රස් එක්කම දෙන්න පුළුවන්. ඒත් මොකටද උන් වගේ මට්ටමට අපි වැටෙන්නේ.. දෙයියනේ කියල තමන්ගේ බොග දිහා බලාගෙන හිටියා නං ඉවරයි නෙව. අනික මෙහෙම නැතිව අනේ ඇවිල්ල බලල මොනා හරි කියල යන්නකෝ කිව්වනං අපි නෑවිත් ඉන්නවයැ. ඔය ලංකෝනිස් කියන්නේත් එකම ඇනෝ පිස්සා තමා...

    ReplyDelete
    Replies
    1. මූ කව්ද කියලා මාට්ටු වෙලා එවරයි, ඒත් ඇනෝ ඕපන් කලොත් මූ ආයෙත් ඇනෝ එනවා. ඒක ඇනෝලාගේ කීර්තී නාමයට හානියක්.

      Delete
    2. මාතලන් දාපන් විස්තර අපිටත් දැනගන්නත් එක්ක

      Delete
    3. ඒ වුනාට කමක් නෑ දාපන් අපිටත් දැන ගන්න මු කවුද කියල

      Delete
    4. මේ කවුද මගෙ නමින් කොමන්ට් කරල තියෙන්නෙ ??????

      Delete
    5. කෙන්ජි... මූ මචෝ ඇති දරුණු ගනයේ මානසික රෝගියෙක්. මූ මගේ නමිනුත් ෆේක් ප්‍රෝෆයිල් හදාගෙන කොමෙන්ට් දානවා. සමාවෙයන් මම එච්චර හෙව්වෙ නෑ. මේ මහත්තුරු ගැන ඇත්ත වශයෙන්ම අනුකම්පා කරණවා හැර වෙන කරන්නට දෙයක් නෑ.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ඇනෝ කමෙන්ට් තියෙන්නත් ඕනේ. සමහර පොස්ට් වලට තමන්ගේ ප්‍රොපයිල් එකෙන් ඇවිත් අදහස් දක්වන්න අපහසුනම් (ලැජ්ජාවක් හො පෞද්ගලික හේතුවක් මත ) එහෙම අයට ඇනොනිමස් පහසුකම වටිනවා අදහස් දක්වන්න, හරිනම් වෙන්න ඕනෙත් ඒකයි , ඒත් දැන් ගොඩක් අය ඇනෝ යොදාගන්නේ තමන්ගේ අශිෂ්ට ගතිය ප්‍රදර්ශනය කරන්නනේ. දිහින් දිගටම එහෙම වෙනවනම් ඇනෝ නවත්තන්න වෙනවා , ඒ විදිහේ වැඩ කරන්නේ කොන්ද පන නැති ඈයෝ නෙවැ, මම නම් ඇනෝ කමෙන්ට් දාන්න කැමති නැහැ, ඒක නිකන් ලජ්ජා නැති වැඩක් වගේ හිතෙනවා ප්‍රොපයිල් එකෙන් අදහස් දක්වන්න බැරි පොස්ට් එකක්නම් කිසිම කමෙන්ට් එකක් නොදා වෙන එකක් කියවන්න යනවා අනන්‍යතාවයක් නැති ඇනෝ කමෙන්ට් එකකට වඩා මුකුත් නොදා ඉන්න එක නම්බුකාරයි .

    ReplyDelete
    Replies
    1. එකඟයි.. මොවුන් ඇනෝ කියන නමටත් නිගා කලා..

      Delete
  20. කතා කරලා වැඩක් නෑ... අපරාදේ අකුරු ටික

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කාගෙද...? උඹේද...? මගේද...? අරූගෙද...?

      Delete
  21. බ්ලොග් නිසා මා බොහෝ යහළුවන් පිරිසක් මේ වන විට එක් කොට ගෙන ඇත. ඉන් මුල්ම තැනක ඉන්නා සහෘදයෙකි ඔබ.එහෙත් අදට ද අප දැන හෝ කාතා බහ හෝ කොට නැත. ඇතැම් විට මතවාදිව අප දෙතැනක සිටියද සයිබරයේ බැඳුනු මිතු දමට එය බාධකයක් නොවේ. එවන් මිනිස් සම්පතක් ලබන්නට මට මග විවර කළ මේ බ්ලොග් කලාව අද වන විට ඉතා සුලුතරයක ගේ නොහොබිනා ක්‍රියාකාරකම් මත වැනසීයන තැනට පත්වෙමින් පවතියි. එවන් වපසරියක ඔබ ගත් මේ පියවර ගැන මගේ කිසිදු අකමැත්තක් නැත. වෙර දරමු මතවාදි තලයක ඉතා හොද බ්ලොග් කලාවක් අනාගතයට ගෙන යන්නට.
    බ්ලොග් කලාව තුළ ඔබ කරනා මෙහෙයට තුති.

    ReplyDelete
    Replies
    1. නලී; ඔබගේ වචන සෙට් එකට මගේ නාකි අතෙන් 5ක් :).

      Delete
    2. මාත් නාකි පොරක්නේ කෙන්ජි...

      Delete
    3. මෙව්වට සැලෙනවනම් අපි මැරිලා ගොඩක් කල් නලීන්. මට ඕන උනේ පොර කව්ද කියලා අල්ලගන්න.

      Delete
  22. අනේ මම දැනන් විදියට මේ ඇනොලා විදියටයි දෙකයි පනහයේ ප්‍රොෆයිල් හදාගෙනයි කොමෙන්ට් කරන්නේ වෙන අය තමුන්ට වඩා ඉහලයනවට අකමැති ඉරිසියාවෙන් ඉන්න උන්. ඒවගේ උන් ගැන මාතලන් අයියා බයවෙන්න එපා මොකද උන් නැති උනාට ඔය ලියන ලිපි බලන කොටසක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මම මුන්ව තඹ සත පහකට ගනන් ගන්නෙ නෑ. මට ඕන උනේ මෑන් අල්ලගන්න.

      Delete
    2. මාතලන්, කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්නේ නැත.. ;)

      ඔබේ ගමන ඔබ යන්න!

      Delete
  23. ගොඩක් හොදයි බ්ලොග් ලියන අලුත් අyaට ඉගන ගන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, මෙයිනුත් යම් දෙයක් ගත්තා නම්.

      Delete
  24. බ්ලොගියට ආවොත් දකින්නෙ මෙහෙම මගුලක්. ඒකනොවැ මං එන්නෙ නැත්තෙ.

    මාතලන් එකම විසදුම එහෙම කමෙන්ට් වලට පිලිතුරු නොදී සිටීම කියලයි මං හිතන්නෙ. එතකොට දාන උන්ටම එපා වෙයි.

    උත්තර බදින්ට ගියොත් කබ්බො ෆෝම් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔවු මින් පසු එහෙම තමයි. කෙලින්ම අයින් කලා..

      Delete
  25. මේ දවස්වල එහෙන් මෙහේන් බ්ලොග් බැලුවේ සෑහෙන්න විපර්යාස වෙලානේ බ්ලොග් අවකාසෙ . දැන් ඔය කියන විදියට ඇනෝලගෙන් වෙන වැඩක් ඇත්හෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇනෝලට එරෙහිව නොව මේ විරෝධය, පුද්ගලික චරිත ඝාතන හා කුණුහරුප කමෙන්ට් දැමිමයි.

      Delete
    2. වැඩක් තිබුනා හෝ නැතා. ඇනෝ ලෙස ඇවිත් පහරන කොට ඊට විරුද්ධව කතා කල ඇනෝ කව්ද. ඇනෝලා ලෙස එන්නේ බ්ලොග් ලියන උන්මයි. සමාන්‍ය රසිකයා කොමෙන්ට් කරන්නේ නෑ. හොඳම රසිකයෙක් නම් ප්‍රෝෆයිල් එකකින් එනවා. එතකොට එයා වැජඹෙනවා.

      Delete
    3. මොනවා බෙදාගන්නද ?

      Delete
    4. // ඇනෝලා ලෙස එන්නේ බ්ලොග් ලියන උන්මයි. සමාන්‍ය රසිකයා කොමෙන්ට් කරන්නේ නෑ.//

      පදනමක් නැති කථාවක් , හැබැයි මේ සිද්ධවෙන දේවල් වල හැටියට එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ .

      Delete
    5. පදනමක් නැත්තෙ නෑ බුවා. ඔප්පු වෙලා අවසානයි. මට උදව් කලේ මගේ රසිකයෙක් වන කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයේ කෙනෙක්මයි.

      Delete
    6. මේ පුද්ගලයා නෙවෙයි මම කථා කලේ සමස්ථය ගැන . මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා බ්ලොග් කියවන (මම බ්ලොගයක් කරන බවක්වත් නොදන්න ) ඔවුන් කමෙන්ටුවක් පලකලොත් ඒක අනිවාර්යයෙන්ම ඇනෝ කමෙන්ටුවක් , මොකද ඔවුන් යමක් කියන්නම හිතුනොත් පමණක් කලාතුරකින් අදහස් දක්වන්න ඉඩ තියන අය නිසා . ඇනෝ දාන බ්ලොග් කරුවො ඉන්නවා (අතටම අහුවෙන්න දාපු අය ඉන්නවා ) නමුත් සියෞම ඇනෝලා බ්ලොග් කරුවන් නොවේ . කොහොම වුනත් මාතලන් මේ වාත වෙන පුද්ගල්යාගේ අනෙන්‍යතාවය හොයා ගත්තා නම් , ඔහු බ්ලොග් කාරයෙක් නම් ඔහු ගැන හෙලි කරන ඉතාම හොඳ දෙයක් කියල මම හිතන්නේ

      Delete
    7. අවශ්‍ය නෑ කෙන්ජී හා තවත් කීප දෙනෙක් ඇර අන් සියල්ලන්ම උන්නේ මගේ අදහස් වලට විරුද්ධව. මේ බ්ලොග් එක මගේ පොඩි එකාත් කියවනවා.

      Delete
  26. මෙහෙමයි මාතලං, තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම්!

    ඔබේ බ්ලොගයේ වැඩ ඔබට ඕනෑ විදියටයි වෙන්න ඕනෑ. මේකට මං එකඟ නෑ. මාත් එක පාරක් වැරදි වැටහීමකින් ඇනෝ බ්ලොග් කලා. දින කිහිපයකට පස්සේ වරද නිවරද කළා.

    ඔබේ ප්‍රශ්නය ඇනෝ ලා නොව, බාලචන්ද්‍රන් ගැන ලියූ ලිපිය බව නැවතත් කියමි.

    ReplyDelete
    Replies
    1. ඔබ කමෙන්ටු මොඩරේට් කිරීමත් කළා නේ කකා.. මිලියනය ඉක්මවූ පැමිණීම් පිරිසක් ඉන්න හොඳ හිට්ස් ගණනක් තියන මෙන්ම පැරණිම බ්ලොග් කරුවෙක් මෙන්ම පේරාදෙණි උපාධිධරයෙක් වූ යුගයේ ප්‍රමාණික විද්වතෙකුටත් මෙහෙම කරන්න වුණා නම්.. අන් අය ගැන කවර කතා ද? මෙවන් අසුන්දර දේ නොවන්නට ගන්න පෙරමුණ.. මට හැගෙනවා ඔබට එය කළ හැකියි..

      Delete
    2. කතා ඔයා මගේ බ්ලොග් ගුරු, එහෙත් සමහර විට, ඔබ මෙතන දමා තිබු කොමෙන්ටු එකක්වත් දකින්නේ නැතුව ඇති. මට අවශ්‍ය උනේ කවුද මේක කරන්නෙ කියලා බලාගන්න. ඒ වැඩේ හරි. මම බාලච්න්ද්‍රන් ගැන කිසිම දෙයක් ලීවේ නෑ. ඒ එය එතරම් සංවේදි නිසා. මට පහර ගැහුවේ, මාරයාගේ බ්ලොග් එකේ කෙලින්ම ප්‍රශ්ණ කිරීම හේතුවෙන් හා මගේ අදහස ප්‍රකාෂ කිරීමෙන්. මගේ මතය අදත් එයමයි. එය කොටින්ට කඩේ යාමක් නොව මනුෂ්‍යත්වය ගැන ප්‍රශ්ණයක්. මා දන්නවා ඔබ ඉන්නෙත් මගේ මතයේ බව.

      මම කැමති නෑ කොමෙන්ට් මොඩරේට් කරන්න. මොකද ඔබගේ එකේ කොමෙන්ට් කලත්, එවැනි අඩවිවල කොමෙන්ට් කරන්න මමත් අකමැති නිසා. ඕන ඇනෝ කෙනෙකුට, ප්‍රෝෆයිල් එකක් හදාගෙන ඇවිත් කොමෙන්ට් කරන්න පුළුවන්. ඔය ලෙඩේ තියෙන එකා ප්‍රෝෆයිල් එකක් හදාගෙන ආවේ කුණුහබ්බ කියන්න. ඇනෝ ලෙසින් ආවාම ඔක්කෝම ඇනෝලාට අපහාසයක්. ඒ නිසා මින් පසු ඇනෝ කොමෙන්ට්ස් නැත. අපිට ළෝකේ හදන්න බෑ කතෝ. අපි හැදෙමු. ලැජ්ජාවට කරුණ උගත් යයි කියාගන්නා උන්, බල්ලා මාක් වීම.

      Delete
    3. සමාවෙන්න මට වැරදුණා. ලිපි නොවෙයි කමෙන්ටු සහ ප්‍රති-ප්‍රතිචාර.

      ඇත්තටම ඒ දවස් දෙක තුනේ මාතලන් නවකතාවකට තරමට වචන ටයිප් කලා නේද?

      ඒ අදහස් පලකිරීමෙන් පසුවයි මාතලන්ට විරුද්ධව ජාතිවාදයෝ පොලු අමෝරා ගත්තේ.

      Delete
    4. මාර කෙලියක්නේ ඒක. ජනාධිපති තුමයි, ආරක්ෂක ලේඛමුයි, හිටපු හමුදාපතියි, මැති ඇමතිවරුයි, ඔක්කෝම ඒහෙම දෙයක් උනේ නෑ, අපේ හමුදාවෙන් එහම් දෙයක් වෙන්නෙත් නෑ කියද්දි. මුන් ඒක හරියි කිව්වම. ඔබත් ඒ මතයේ ඉඳගෙන, අද මොකක්ද මේ කියන කතාව.මට වේගෙන් ටයිප් කරන්න පුළුවන් ඒ නිසා මම ලියනවා. දැන් ඒකත් අවුලක් වෙලාද..

      Delete
    5. මගේ අදහස පැහැදිලි නෑ වගේ.

      මං අමුතු / අළුත් කතාවක් කිව්වේ නෑ.

      ඒ ප්‍රතිචාර තුලින් ඔබ මානුශිකත්වය වෙනුවෙන් නැගූ හඬ ඉතා ඉහලයි!

      ඔබට සතුරන් ඇතිවුනේ ඒ නිසා බවයි මං කියන්නේ. nothing new, ජස්ට් රීස්ටේටින් ද ඔබ්වියස්.

      Delete
    6. ආන්න එහෙම හිංගලෙන් කියන්න එපාය. මම ඒත් බැලුවා ඔහෙටත් මක්කාවත් උනය කියලා. කියන්න බෑ නේ අද කාළේ.

      Delete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  28. ඇනෝ නමින් සැරිසරන මතවාදීමය වාද වලට එන සුන්දර ඇනෝලා සිටින නිසා ඇනෝ බ්ලොක් කරන්න අකමැතියි. ඒත් මමත් ඇනෝලා සම්න්ධව බුවාගේ ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන් එකගයි. මොකෝ ඇනෝ බ්ලොක් කලා කියල හිතුන ගමන් නිකම්ම ප්‍රොෆයිල් එකක් හදා ගැනීම මහ ලොකු අමාරු වැඩක් නොවන බව දැන් මේකෙන්ම පේනවනේ.

    ReplyDelete
    Replies
    1. නමුත් අර වැඩෙන් ඔක්කෝම බැනුම් අහනවා. දැන් මෙතන බූරූවා කව්ද කියලා පේනවා. ඇනෝ කමෙන්ට් ඉවත් කරනවාට මමත් අකමැතියි. ඒත් මා නිර්ධය ලෙස හැම අඩවියක් තුලම විවේචනය කරනා විට මා වෙනුවෙන් කතා කිරීමට එක අනෙක් වත් සිටියේ නෑ. ඇනෝවරුන් ලෙස එන්නේ බ්ලොග් කොන්දක් නැති බ්ලොග් ලියන්නන්මයි. එය ඉතා පැහැදිලියි.

      Delete
    2. මගේ කිසිම බ්ලොග් එකක ඔබව ඉලක්ක කරගත් අදාල කමෙන්ටු පල වීමට ඉඩ තබා නෑ

      Delete
    3. ස්තූතියි බුවා.. ඒක මම දන්නවා.. උඹට කොන්දක් තියෙනවා.. උඹ කියන්න ඕන දේ කෙලින්ම කියනවා..

      Delete
    4. මගේ බ්ලොගේ මෙතුවක් කාලෙකට දාපු එකම ඇනෝවත් මට පෞද්ගලික ප්‍රහාරයක්. ඒක තාම එහෙමම තියනවා. වෙන කෙනෙකුට ගැහුවොත් දුටු විගස අයින් කරනවා..ආයෙ දෙකක් නෑ.

      Delete
  29. දුරබලා ගත්ත තීරණයක්...

    ReplyDelete
    Replies
    1. අනිවා, නැත්නම් මේක හැම තැනම කරනවා. ලංකාවට හැම දේම ගැපෙන්නේ නෑ.

      Delete
  30. හෆ්ෆේ සමහරකගේ කමෙන්ට් දකිනකොට එහෙම කරන එකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනිවා... වෙන කරන්න දෙයක් නෑ. මුන් ඇනෝ ලෙස මට ගැහුවේ මෙතන විතරක් නෙමෙයි. වෙන බ්ලොග් එකක් කොමෙන්ට් එකක්වත් දාන්න බෑ.

      Delete
  31. ඇනෝ දාන්නේ බ්ලොග ලියන උන් මිසක වෙනත් එවුන් නොවේය.

    ඇනෝ වැහුවම අරින්න කියා දගලන්නේද උන්මය. එතකොට කුනු හබ්බ දාන්නේ බොගක් තියෙන, හොරෙන් ඇනෝදාන ඒවන් එවුන්මය.

    හිට්ස් බලාපොරෙත්තුවක් නැතුව ලියනවුන් නම් මේ සමාජයේ සිටිය නොහැක. හිට්ස් නැතුව වසා දැමු බ්ලෙග් ඕනැ තරම් ඇත්තේය. මුලදී හිට්ස් නොලැබේනම් බ්ලොග ලියන එක අතරමග නවතින්නේ ඒ නිසාය.

    අපි අභීතව සියල්ලට මුහුන දිය යුතුය. !

    ReplyDelete
    Replies
    1. අනිවා. මේ බූරූවන්ට කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ..

      Delete
    2. //ඇනෝ වැහුවම අරින්න කියා දගලන්නේද උන්මය.//

      @සැම්- ඇනෝ කමෙන්ට් වාරණයක් දුටු ඔනෑම තැනකදී මා විරෝධය පලකර ඇත , එය ඉදිරියටත් එසේමය . නමුත් කිසිම දිනක ඇනෝ කමෙන්ටුවක් තබා නැත (ප්‍රෆොයිලයෙන් ලොග් වීමට නොහැකි විටක , මගේ නම සඳහන් කරමින් තැබු කමෙන්ටුවක් වේ නම් හැර ) . යමෙකු මා වංකව ඇනෝ කමෙන්ටු පලකල බවක් සනාථ කලහොත් එදිනට "බුවාගේ සිතුවිලි" ප්‍රොෆිලය වසා දමමි . හතර හතේ චෝදනාවන් එල්ල කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

      Delete
    3. අභීතව? පිස්සුද බන් අභීත වෙන්න..........

      Delete
    4. //අපි අභීතව සියල්ලට මුහුන දිය යුතුය. !/
      දැන් දැක්කේ ඒ කැල්ල

      Delete
    5. //අපි අභීතව සියල්ලට මුහුන දිය යුතුය. ! //

      හැට්ස් ඕෆ් සෑම්!!

      Delete
  32. මෙතන ප්‍රශ්නේ සංකීර්ණයි මාතලන් . ..
    ද්වේශ සහගත විදිහට අදහස් කීම , පුද්ගලික 3 වෙනි පාර්ශවයකට
    අපහාස කිරීම , රටෙහි නීතියෙන් වරදක් වෙන දෙයක් වීම වගේ තැනකදී
    තීරණයක් ගන්න වෙනවා. එතැනදී ඇනෝ / ප්‍රොෆයිල් කියල වෙනසක් නැහැ
    මට නම් .

    අනිත් දේ තමයි බන් ඇනෝ කියල බැනල යන්නේ
    නම් අපේම බ්ලොග් හිමියෝ.

    ඒ ඇරෙන්න මේ කිසිම බ්ලොග් හිමියෙක්ට වඩා දැනුමක් තියෙන අය
    ඕනේ තරම් ඇනෝ ඇවිත් වැදගත් අදහස් කියනවා. මන් යෝජනා කරන්නේ
    ඒ අය කුමක් හෝ ප්‍රොෆයිලයක් හදන් එන්නේ නම් වටිනවා..බ්ලොගයක්ම
    හදන් එන්නේ නම් ඊටත් වඩා වටිනවා.

    කොහොමින් හෝ සියලු දෙනාම පුද්ගලික අපහාස නොකර ඉන්නවා නම් හොදයි..

    අර කල්ලි ගැසීම ගැනත් දෙයක් කියන්න ඕනේ.

    දැන් මගේ බ්ලොග් එකට ඒ දේ වෙනවා, එක්තරා පිරිසක් එන්නේ නැහැ .
    මන් නම් හිතේ තරහ තියන් ඉන්නේ නැහැ .ඒත් අනිත් අය එහෙම නැහැ
    කියන දේ දැන් දැන් හොදටම තේරෙනවා.මන් නම් කිසිම කල්ලියක නැහැ ,
    කල්ලි වලට ගිහින් මට ගන්න දේකුත් නැහැ. ඒත් ඉතින් අපිව එපා නම්
    මොනවා කරන්නද ? පැත්තකට වෙනවා මිසක්..අනික මන් බ්ලොග් අවකාශෙන්

    නිළ වශයෙන් සමු අරගෙනත් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. එහෙම මේ ලියපු ගමන් හිට්ස් එන්න බලාගෙන ලියපු අය බොහෝ දෙනෙක්ට ඕක උනා. අපිටත් මුල කාළේ තිබුනේ එහෙම තමයි. තීරණය ඔබේ අතේ.

      Delete
    2. \\\\එහෙම මේ ලියපු ගමන් හිට්ස් එන්න බලාගෙන ලියපු අය බොහෝ දෙනෙක්ට ඕක උනා. \\\

      නෑ නෑ මන් කියන්නේ hit ගැන නෙවේ මාතලන් .මන් කියන්නේ කල්ලි
      ගැසීමේ ප්‍රතිපලයක් ලෙස වෙන බ්ලොග් වර්ජනය ගැන.පටල ගන්න එපා.

      (මන් සමු ගැනීම ගැන කිව්වේ hit සිද්දියක් නිසාත් නෙවේ.ඒක වෙනම කතාවක්
      අසනීපයක ප්‍රතිඵලයක් )

      අනිත් දේ ඔබම දැකලා ඇති මන් ලියන්නේ " සමාජ සුදු ප්‍රතිරූපයක් "
      ලෙස නෙවේ . මන් ඇත්ත ලියන්නේ... ඒකෙදි නම් ගොඩක්
      " පුහු සුචරිත වාදියෝ " තලහ වෙනවා ..


      මන් හිතන්නේ කල්ලි ගැසීම වෙන්නෙත් ඔය සිද්දිය නිසා තමයි.
      අපිට හැමෝම සනසන්න බැහැනේ .ගොඩක් බ්ලොග් අවකාශේ
      කමෙන්ට් වැටෙන්නේ හිතවත් කම් වලට.

      මන් නම් කිසිම දාක එහෙම නැහැ ..අමිල ජීවිතේට මගේ බ්ලොග් එකට
      ඇවිත් නැහැ , ඒත් මන් එයාගේ බ්ලොග් එකේ ඕනේ තරම් කමෙන්ට්
      කරනවා.

      කකාත් , මාරයා , දිනේෂ් ගුරුගේ , දිනුක , කඳු , ලකී , හසිත , ලහිරු තව ඕනේ තරම් ඔහොම අය ඉන්නවා (අමතක අය තව ඉන්නවා )..

      මන් හිතන්නේ පුද්ගල වන්දනාව නෙවේ කල යුත්තේ, පෝස්ටුවේ ඇති කරුණු
      ගැන සැලකීම පමණයි කල යුත්තේ.

      Delete
    3. //මන් හිතන්නේ කල්ලි ගැසීම වෙන්නෙත් ඔය සිද්දිය නිසා තමයි.
      අපිට හැමෝම සනසන්න බැහැනේ .ගොඩක් බ්ලොග් අවකාශේ
      කමෙන්ට් වැටෙන්නේ හිතවත් කම් වලට.//

      ඔබ නැහැයි කිව්වට මේ වචන වල තියෙන්නේ. මම කියන් දේ..

      Delete
    4. hit කියන්නේ එකක් .
      බ්ලොග් ගැන්සියක හැලීම කියන්නේ තව එකක්.


      මට කොහොමත් එක ලිපියකට එදා ඉඳන් 120 - 350 වගේ
      පිරිසක් තමයි එන්නේ.

      අදටත් මට 250 වගේ පිරිසක් ලිපියක් දාල පැය 24 ඇතුලත එනවා.
      එකෙ අඩුවක් නැහැ.


      returning visit වලින් තව 80 විතර එනවා. ( ekathuwa 300+)

      මන් මේ කියන්නේ සිංහල බ්ලොග් අවකාශේ ඉන්න එක
      ගැන්සියක හැලීම ගැන . කොටිම්ම ඒකට ඔබත් ඇතුලත්!
      ( අනික් අයගේ නම් කියන්න බැහැනේ , ඒ අය මෙතන නැතුව )


      ඔබ නාවට කමක් නැහැ මගේ එකට , නමුත් ඔබ එපා කියනකම් මන් ඇවිත් අදහසක් කියල යන්නම් ඔබගේ බ්ලොගය තුල.එච්චරයි..


      මට නම් " සුචරිත වාදී මිනිස්සු " කොහොමත් වැඩක් නැහැ !
      මගේ සැබෑ ජීවිතෙත් එහෙමයි.බ්ලොග් වලත් එහෙමයි.පොළොවේ
      පය ගහල ඉන්න එක කෙනෙක් හිටියත් ඇති...එහෙම අය එදා ඉඳන්
      එනවා , බලනවා , අදහස් කියනවා..

      ගැන්සි හැලුනට silentsahanta ප්‍රශ්නයක් නැහැ.මන් මේ දේ මෙතන
      කිව්වේ එහෙම සීන් එහෙකුත් වෙනවා කියන්නයි...නැතුව මේක
      ඔබ වෙනත් දේකට හරවන්න එපා...

      Delete
    5. මම කතන්දරගේ එකටවත් හැම තිස්සෙම කොමෙන්ට් දාන්නේ නෑ. සමහර ඒවා රහක් නැත්නම් මම බලන්නෙවත් නෑ. ඒත් කැමති ඒවට එකෙක්වත් කොමෙන්ට් නොකලත් මම කොමෙන්ට් කරනවා. ඒ වගේම සින්දියෙන් අගය කිරීමකුත් කරනවා. ඔබට මට කියන්න තියෙන්නෙ කලින් කියපු දේම තමයි.

      Delete
  33. ඇනෝලා කාටහරි කුනුහාරපෙන් බැන්න තැනක .ඇනෝ කමෙන්ට් නොදාන අදාල පුද්ගලයා තමන්ට ගහපු බාසාවෙන්ම තමන් ඇනෝ කමෙන්ට් නොදාන නිසා තම නමින්ම උත්තර දුන්නහම කට්ටිය ඇවිත් එහෙම කරන්න එපා කියලා කියනවා, ඇයි උන් ඒක ඒ විදිහටම ඇනෝලට කියන්නේ නැත්තේ,

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් මිනිහෙක්ව කැව පලියට මිනිස්සු බල්ලන්ව කන්න යන්න ඕනි නැති නිසා. මම වතාවක් උඹට ඊමේලයකින්ව ඔය ගැන කිව්වේ ඒකයි

      Delete
    2. ඒ උනාට පිස්සු බල්ලා කියන එකා කෑවම මැරෙණවා. එක්කො ඌට පිස්සු කියලා හොඳටම් දැනගෙන ඌව හුරතල් කරලා ඌට කියලා හප්පවගෙන අපි මැරෙන්න ඕන. එක්කො පිස්සු කියලා ටක්කෙටම් බඩු ෂුවර් නිසා පිස්සු බල්ලා මරලා දාන්න ඕන.

      මම නම් පිස්සු බල්ලා මැරුවා.

      Delete
    3. මම නම කියන්න අකමැති (ෆ්‍රී පබ්ලිසිටි දෙන්න කැමති නැති නිසා ) අර කුණු කන්දල් බ්ලොග් කාරයා කවුද කියල හොයල බලන එක යුතුකමක්. මුලදි මුලදි බුකියේ හදපු ගෲප් එක හරහා එකමුතුවක් පෙන්නුවත් ඒ දේ දැන් නැහැ. ලත් තැනම ලොප් වුනා. බ්ලොග් ලොකේ මල් වවන්න නම් කොන්දක් තියන වුන් බලා ඉදල හරියන් නෑ බුවා. සාමුහිකව බැරි වුනත් පුළුවන් විදිහට යමක් කරමු.

      Delete
    4. ඉතින් බුවා මම ඊටපස්සේ එහෙම කලේ නැනේ, අනික මචං ඔය කට්ටිය කියුවට මම තමා ඇනෝ කුණුහාරප කමෙන්ට් දාන්නේ කියලා මම එහෙම කරන් නැ.

      Delete
  34. ඌන පුර්න දැක්වීමක් අවශ‍ය නැත.සියල්ල අති සැටියෙන් කියා ඇත.සමහර ඇනෝලා කියන්නෙ ප්‍රබුද්ධ මානසිකත්වයක රැඳෙන්න හදන මී හරක් ගේ සැබෑ නිරුවත.

    ReplyDelete
    Replies
    1. මට දුක උන් උගත් මහත්වරුන් ලෙස පෙනී සිටීමයි...

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  37. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  38. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  39. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  40. මාතලන්,

    ඉස්සර මන් හිතන්නෙ දෙකේ පන්තියෙ විතර තමයි මම මුලින්ම අම්මට xxxන්න කියන එක ඉගෙන ගත්තෙ. ඒ කාලෙ හොස්ස ලඟින් මැස්ස ගියත් කැx මැස්සගෙ අම්මට හුxx කියා ගත්ත ගමන්. මම විතරක් නෙමෙයි පන්තියෙ ඔක්කොම උන් ටීචර් නැත්තන් ඔහොම තමයි කතාව. දවසක් පාන් ගේන්න කඩේ ගිහින් මට පාන් දෙන්නෙ නෑ මුදලාලිය වෙන ගෑණු උන්ට අරුන්ට මුන්ට බඩු දෙනව මාව ගනන් නොගෙන. ටිකක් ඉඳල මට මල පැනල කිව්ව "මුගෙ අම්මට හ්xx මට පාන් දෙන්නෙ නැද්ද දන්නෙ අද" කියල. ඒක මම කිව්වෙ ටිකක් හිමින්. හැබැයි එච්චරයි..අර මුදලාලිය මට දුන්න කන් වලින් දුන් දාන්න. ඉන් පස්සෙ අතින් ඇදන් ගෙදරටම එක්ක ඇවිත් සීන් එක ගෙදර කියල මුදලාලිට වඩා රිදෙන්න තාත්තගෙන්. එහෙම ගුටි කෑවයින් තේරුම් ගත්ත කුණුහරුපයක් උනත් කියන්න තැනක් නොතැනක් තීනව කියල. එහෙම නොවුන උන් ගැන කියන්න තියෙන්නෙ අපි දෙකේදි කාපු කෑම අද මහ උන්වෙලා කන්න වෙලා තීන එක ගැන කණගාටුයි කියල විතරයි.

    මොකද නිසි දේ නිසිකලට නොලැබීමෙන් ඕන දෙයක් ඇට්ටකුනා වීමට සහ භාවිතයට නුසුස්දුසු වීමට හේතුවේ කියල කියන නිසා.

    ReplyDelete
    Replies
    1. මූ මාරම ඇනයක් උනානේ නිදි මරාගෙන නන් ස්ටොප් කොමෙන්ට් දානවා.

      Delete
    2. කවුද බොල මගේ නමින් කොමන්ට් කරන එකා?මාතලන් මම නෙමෙ මෙය දැම්මේ.

      Delete
    3. මේ සිම්පල් ලෙටර්ස් වලින් මගේ නමින් කවුරු හරි වෙන කෙනෙක් ලියල තියෙන්නෙ.මාතලන් කරුණාකර ඒවා ඉවත්කර දමන්න.

      Delete
  41. සමාවන්න කතා කියූ ලෙස කොමෙන්ට් මොඩරේට් කලා. ලංකෝනිස් ගොන් බූරවා නොනවත්වා කුණුහබ්බ කොමෙන්ට් දානවා.

    ReplyDelete
    Replies
    1. හොඳ තීරණයක්. ගෙදරට බල්ලෙක් අවහම එලවල දාල ගේට්ටුවක් දාන එකයි, තමන් ලියන දෙයකට නිර්නාමිකව අදහසක් පලකරන්න තියන අවස්ථාව ලබා නොදීමයි කියන්නේ මට හිතෙන හැටියට දෙකක්.

      කොහොම උනත් උදේ ඉඳන් හවස් වෙනකල් බ්ලොග් පොස්ට් එකකට කුණුහරුප කමෙන්ට් දානවා වගේ මෙලෝ රහකට නැති මානසික රෝග තියන උන්ට ඕක එක දිගටම කරන්න එපා වෙනව. ඒ වෙනකල් අමාරුවෙන් හරි කමෙන්ට් මොඩරේට් කරන එක තමයි හොඳම දේ හැටියට මගේ පුද්ගලික අදහස.

      Delete
    2. මේ පුද්ගලයා අති දරුණු ගනයේ මානසික රෝගියෙක්. ඔහුගේ කලල වර්ධනය සඳහා ඩිම්බ සංසේචනය සිඳුවී ඇත්තේ කාපිරි මුඩුක්කුවේ වලියක් යන වෙලාවක. මේ වගේ උන්මත්තකයින්, උගතුන් ලෙස පෙන් සිටීමත් අති බයානකයි. අනුකම්පා කරනවා හැර වෙන කල හැකි කිසිවක් නැත.

      Delete
    3. මීගමුවේ මාළු ලෑල්ල වගේ !! මොකාද මේ ලංකට්කාරයා?

      Delete
  42. මට මේල්ලුවක් එවපං. හෙව්ව හෙව්ව උඹේ ඇඩ්‍රස් එක ලැබුනෙ නෑ.
    raj_wvp@yahoo.com

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ බං මාතලන් කියන් නමට යටින් තනි තරුව වගේ.

      Delete
  43. මේ වගේ දෙයක් වුණා ම අදාළ එකා මරාගෙන කන්න හිතෙන එක සාධාරණයි. මම නම් හිතන්නෙ හොඳම දේ තමයි මේ ගැන අවධානය යොමු නොකර මොඩරේට් කරලා ප්‍රතිචාර ඉවත් කරන එක. මේ ගැන කතාබහ කරනවා කියන්නේ ඒ අයගේ අවශ්‍යතාවය ඉටුවීමක් වගේ නේද? මොඩරේට් කළා කියලා ඔබට ලැබෙන ප්‍රතිචාර අඩුවීමක් වෙන එකක් නැහැ. ඔබේ සමහර මතවාද සමඟ මම එකඟ වෙන්නෙ නැති වුණත් මේ වගේ ගැටළුවකදි මමත් ඉන්නෙ ඔබේ මතයේමයි....

    ReplyDelete
  44. නියාම post එකක්

    ReplyDelete
  45. පොස්ට් එකේ ඉදන් පහලට එනකම්ම එක හුස්මට කියවගෙන ගියේ මොකක්ද මේ වෙන්නෙ කියල හිතා ගන්න බැරුව. මාතලන් කියන එක ඇත්ත කියල මටනම් හිතෙනව. ඊයෙ පෙරේද බ්ලොග් ලෝකෙට ආව අපිවගේ අයට මේක නියම ලිපියක් කට්ටිය අදුන ගන්නත් එක්ක. මොලේ තියෙන කෙනෙක්ට තේරෙනව කව්ද හරි කව්ද වැරදි කියල.

    ඇනෝ නමින් හරි ‍ෆේක් වලින් හරි කමෙන් දාන්නෙ කොන්ද පන නැති උන්. තමන් කව්ද කියල අදුරගනී කියල බය උන්.

    මාතලන්ගෙ බ්ලොගට අවෙ අදමයි ලාංකීය සින්ඩියෙන් ලිපිටික කියවගෙන යද්දී මේක දැක්කෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න