.

.

Jun 14, 2016

FCID ය, හෙවත් යහපාලනයේ "විනෝද සමය" - (F)unny (C)riminal (I)investigation (D)ept.

  මහින්ද නැවත බලයට පැමිනියහොත් FCID ට වන දේ...
 
ඇෆ් සී අයි ඩී ය (FCID) ගැන හින්ගල මාද්දිය වල උන් කියන්නේ, "මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ෂණ දෙපාර්තුමේන්තුව" කියලාය. ඒ ඉතින් ලැට්ටොප් එක, සෙල්ටෙල් එක, බයිසිකලේ, ආන්ඩුවෙන් නිකං ගන්න බලාගෙන ඉන්නා හිඟන මාද්දියවේදියන්ටය. ඒ උනාට ඕකේ නියම නම, නිකංම නිකං "මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය" ය. ඒ කියන්නේ මාද්දියවේදි හිඟන්නන්ට හා ආන්ඩුවෙන් කන්න බලාගෙන ඉන්න හිඟන්නන්ට, ඕවා මහාපරිමානයේ කේස් උනාට, අම්මා අප්පාගේ බූදලේ ගෙදරින් ගෙනත්, ඇට දෙක ගෙවාගෙන, අංශභාගේ හදාගෙන, කඳු නැගගෙන, ඡන්දේ දුන්න උන්ට ලැජ්ජා නොකර. ළොකේ තියෙන එක්ස්පෙන්සිව්ම් වෙහිකල් වලින් වැඩම කොට, මේ රටේ කාර් ගන්න බලාගෙන ඉන්නා ජනතාවට සේවය කරන, මේ රට ගොඩගන්න ඉන්නා දෙවි දේවතාවුන්ට ඕවා නිකන්ම නිකං හූණු පඩයක් සයිස් ඒවා නිසාය.

මේ දවස්වල ඔය මළදානේ විසුරුවා හරිනව කියා හෙන කතාවක් යන්නේය. සුනිල් හඳුන්නෙත්ති කියන්නේ කට උත්තරයක් දෙන්න එතනට ගියාම, එතන ඉන්න උන් මේ යකාට දන ගහලා වැඳලා, හොටු පෙරාගෙන අඬ අඬා කියන්නේ, අනේ සෑර් අපිව බේරලා දෙන්න කියලාය. හෙට අනිද්දා අපිව ගෙදර යවන්න ඉන්නවා කියලාය. ඇත්තටම ඉතින් උන්ව ගෙදර යැව්වොත් හෙම වෙන්නේ, අර සටන් විරාම කාළේ බුද්ධි අංශේ උන්ට වෙච්චි සන්තෑසියමය.

ඒ කියන්නේ මුන් බල්ලා මාක් උන ගමන්, අර මහින්ද අගමැති උනාම මේකේ උන් ඔක්කෝම ගල් ගහලා මරන්න ඉන්න "ගරු ඩී වී උපුල් මැතිතුමා" වාගේ දේශප්‍රේමී, ජාති හිතයිසී ජනතා සෙවකයන්ට, උන්ගේ ප්‍රාර්තනා මහින්ද අගමැති නොවීම ඉටු කරවා ගන්න ඇහැක් නිසාය. ඕක අපි වගේ එකෙක් කිව්වා නම් හෙම අපිට වෙන්නේ, ඕකේ මහත්තුරුන්ගේ පිහිටෙන්, දත් නැතිව බත් කන්නය. එහෙම නැත්නම් රත්නපුරේ වෑල්ඩින් වෙදා ගාවට යන්නය. එහෙම නැත්නම් ආසියාවේ ඈස්චර්ය අවදියේ මෙන්, සුදු වෑන් ටුවර් එකක් යන්නය.

ඇත්තටම ඔය මලදානේ විසුරුවා හරින එක යහපාලන ආන්ඩුවට හොඳය. ඇත්තටම ඕක Financial Criminal Investigation Dept. නොව Funny Criminal Investigation Dept. එකක්ය. පටන ගත්ත දවසේ පටන් කලේ, මහ හොරාට, උන්ගේ පවුලේ උන්ට හා ගෝල බාලයන්ට ආන්ඩුවට මඩ ගහන්න, වොයිස් කට් දෙන්න පුළුවන් ගොබ්බ වැඩ කරන එකය. ඕක ප්‍රොෆෙෂනල් ක්‍රයිම් ඉන්වේස්ටිගේසොන් ඩිපාර්ට්මන්ට් එකක් නොව ළිඳ ළඟ සංගමයක්ය. කරනවා යැයි කියනා ඔක්කෝම ඉන්වේස්ටීගේසොන් පත්තර කාරයෝ දන්නවාය. ඒ කියන්නේ කිසිම රහසිගත බාවයක් නැතිය. උන් ඉන්ෆෝමේසොන් දුන්නේ නැතත්, ප්‍රශ්න කරන එකා එලියට දැම්මාම, උන්ගේ දෙපාර්තමේන්තුවේ දොරකඩම ඉඳගෙන, දොරකඩ අස්න කියනවා වාගේ, මහා පතංගර ජාතකේ ඔක්කෝම එතනම දිග ඇරලා දානවාය.

බැසිල්ගේ බලු බලකාය ගැන, යෝෂිතගේ ආච්චිගේ ඉඩ කඩම් හා ගෙවල් දොරවල් ගැන ඔක්කෝම එලියට එන්නේ මේක රහස් පොලීසියක් නොව තනිකර දේශපාලන අංශයක් නිසාය. CSN එකේ ගේම වලට යෝෂිත හිරේ දැම්මාම, මුන් කිව්වේ, ආයේ එයා එලියට ඇවිල්ලා අහවරයි කියලාය. ඒත් ඌ එලියට ආවේය. හැබයි CSN එක තාමත් උන්ගේමය. පුක නැතිවෙන්නම ආන්ඩුවට ගහනවාය. ඒ මෙයාලාගේ ප්‍රජාතන්තරේය. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනා, ප්‍රජාතන්ත්‍රවාදට ගරු කරනා උන්ට මිස රෙජීමයක් යටතේ උන් වහල් බලකායන්ට නෙමේය. කිරිඇල්ලගෙන් උසාවියේ ප්‍රශ්ණ කරනවාටත් වඩා සැරට ප්‍රශ්ණ කරන ජඩ මාද්දියවේදියාට, මහින්ද තියා, අඩුගානේ, මහින්දගේ රිලවාගෙන් වත් එහෙම ප්‍රශ්ණ කරන්න කොන්දක් නැත්තේ, උන් දන්නා ප්‍රජාචන්ච්‍රවාදේ එක නිසාය.

ඕක තනිකර ආන්ඩුවේ ඇජෙන්ඩා එකක් බව මුලින්ම කිව්වේ මාතලන්ය. ඕකෙන් සිරිලිය ගිණුමේ කේස් අඳින කොටම ජනාධිපති තුමා කිව්වේ, මහින්දවත්, ශිරන්තිවත්, කවදාවත් කූඩූ කරන්නේ නෑ කියායා. ඒක උගේ අම්මාගේ නීතියක්ය. ඒ කේස් එහෙමම යට ගියේය. ඊට පස්සේ ඊයේ පෙරේදා, හඳුන්නේත්ති රනිල් ලොක්කාගෙන් ඇහුවේ දැනට පරීක්ෂණ කීයක් ඉවර කරලා තියෙනවාද, ඒවාට ගත්ත ක්‍රියා මර්‍ග මක්කාද කියලාය. උන්නැහේ කිව්වේ ජනාධිපති තුමාට එකක්වත් හම්බ වෙලා නෑ කියලාය. ඊට පස්සේ අනුර දිසානායකය කිව්වේ පච කෙලින්න එපා ලොක්කා, කේස් හතරක් ගැන සම්පූර්ණ විස්තර එයාට දීලා තියෙනවාය කියාය. එහෙම කියලා එයා ඇහුවේ ආන්ඩුවේ නිළධාරින්ට එරෙහිව පරීක්ෂන කරන්න යන කොට මහ ආන්ඩුවේ ලොක්කා ඒවා නවත්තන්නේ ඇයි කියලාය. ඊට පස්සේ දෙබස ගියේ මෙහමය.

අනුර දිසානායක - “සංචාරක මණ්ඩලය අදාල පරීක්ෂණ කටයුත්තක් අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළාට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් 6 දෙනෙක්, එක්කෙනෙක් ඔබ තුමාගේ කාර්යාලයේ වැඩ කරන නිලධාරී තුමියක් අත් අඩංගුවට ගෙන අධිකරණයට වහාම ඉදිරිපත් කොට ඒ පිලිබඳ වාර්තාවක් නීතිපතිවරයාට යොමු කරන්නැයි කියලා අතිරේක සොලිසිටර් ජෙනරාල් මුදලිගේ මහතා අත්සන් කරපු ලිපියක් තිබෙනවා. තවම එම ක්‍රියාමාර්ග නොගැනීමට හේතු කවරේද කියලා ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි.“

රනිල් : “ඒකට අදාල රජයේ නිලධාරීන් කරුණු කියලා තියෙනවා ජනාධිපති තුමාටත් ඒ ඇමැතිවරුන්ටත් තමන් නිලධාරීන් හැටියටයි ක්‍රියාත්මක කෙළේ. ඒ නිලධාරීන්ට දඬුවම් කරන එක වැරදියි කියලා. මේ නිසා මේ ප්‍රශ්ණය යලිත් නීතිපති තුමාට යොමු කරන්න තීරණය කළා“

අනුර දිසානායක : “ඒ කියන්නේ අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කොට අධිකරණයට ඉදිරිපත් කරන්න කියා නියෝගයක් ලබා දී තිබියදී ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළාට පසුව ඒ අයට අත් අඩංගුවට පත්වීමෙන් වැළකිය හැකිද?“

රනිල් : “මෙතන රජයේ සේවය තුල විශාල ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ තියෙන නිසා නීතිපතිතුමත් කීව ඒ ගැන බලලා නියෝගය දෙන්නම් කියලා. සමහර විට ඒ අය අත් අඩංගුවට ගන්න කියන්නත් පුළුවන්..“

කොහොම හරි ඔය වෙලාවේම, ගව ගාලේ මයික් ටික වැඩ කරන්නේ නැතිව ගියේය. වැඩේ එතනින් අහවරය.

ආන්ඩුව කල යුත්තේ, ආන්ඩුවේ නිළධාරින් ගෙදර යනවා කියනවා නම්, උන්ට යන්න බැරිනම් හැමිනියන් කියා ඒ වෙනුවට වෙනත් උන් පත් කිරීමය. එහෙම නැතිව කම්බා හොරුන් හුරතල් කිරීම නෙමේය. ජේ ආර් වාගේ සොලිඩ් නායකයෝ වැඩ කළේ එහෙමය. මේ වේසිගේ පුතාලා උන් කරපු හෝ අනුන්ට කරන්න උදව් කරපු ගේම් වලට ප්‍රශ්ණ කරන කොට ගෙදර යනවා කිව්වාට, එවා කරන කොට කටයි පුකයි වහගෙන කඩා ගන්න පුළුවන් කුට්ටියක්, උනුත් යටි මඩි ගහ ගත්ත උන්ය. සමාජයේ ජීවත් වන ඕන එකෙක් මුන්ගේ වැඩ ගැන දන්නවාය. ඒ කාළේ අනේ අපිට ඕවාට ඉඩ දෙන්න නම් බෑ... අපි ගෙදර යනවා කියා කියන්න බැරි උනේ ඇයි?

අද පාළකයෝ ඊට වඩා අමනයෝය. සමහර විට උන්ගේ බලාපොරොත්තුව මහින්දටත් වඩා ගහන එක වෙන්න ඕනාය. එහෙම නැත්නම්, හොරකම් කරපු උන් ගැන, හොරකම් ගැන, ප්‍රශ්න කරන්න දෙන්නේ නැත්තේ ඇයි? අර නලීන් පෙරේරා වගේ එතනට ගොස් කට උත්තරයක් දෙන්න බැරි ඇයි? එහෙම දුන්නා කියා මුන්ගේ රස්සා නැති වෙනවාද? ආන් එහෙම වෙනවා නම්, අපි උනත් ඒවාට විරුද්ධය. උන්ට අර තාජුඩීන් සිද්දියේ, සුමිත් පෙරේරා වගේ ඇත්ත කියන්න බැරි ඇයි? උන් වරදක් කර නැත්නම් කියන්න තියෙන්නේ, අපිට කරන්න කිවා... අපි කලා... කියනා එක විතරය. බය වෙන්නේ ඇයි?

උනුත් මහින්දගේ පානෙන් ජනතාවගේ මුදල් හොරාම් කරපු නිසාය. අනික ඉතින ජනාධිපති තුමා, ඇමති තුමා, අගමැත් තුමා කියනකොට ඉන්වේස්ටිගේසොන් නවත්තනවා කියන්නේ, මෙතන යන්නේ බොනිකර තරුව කියනා එකය. ඒ කියන්නේ එයාලාගේ අයට එක නීතියක්. එයාලා හා එක් නොව අයට එක නීතියක්ය කියලාය. ඒකට යහපාලනේ කියනවා නම් යහපාලනේ කියන්නෙත් මහින්දගේම පාලනයක්මය.

රවී කියන්නේ තව මාස 9 ක් ඉවසන්න කියලාය. අවුරුදු 58 ක් ඉවසාපු උන්ට මාස 9 ක් ඉවසන එක මහා දෙයක් නෙමේය. ජනතාවටත් මහින්දගෙන් කාපු පරිප්පු මේ ටිකට අමතක වෙලාය. බඩු මිල ඒ කාලේට වඩා තවමත් අඩුය. අපේ උන්ට වෙලා තියෙන්නේ, අර මහින්දගේ ගොන් පාට් නැති වීමේ අඩුවක් පමණය. ඒත් බුද්ධිමත් ජනතාව මක්කා බලාපොරොත්තු උනත්, මේ ආන්ඩුව පත් කිරීමට පෙරමුන ගෙන කටයුතු කල සෝභිත හාමුදුරුවන් ප්‍රමුඛ සංවිධාන, ඔහේලට පිස්සු කෙලින්න නම් දෙන්නේ නැති බව විශ්වාසය.

ඒ කාලේ මාසෙකට සැරයක් රූපවාහිනියේ "නන්දන වින්දන" කියලා ආතල් එකක් දුන්නේය. ඕකට, ඇනස්ලි, බර්ටි, සැමුවෙල් කියනා ශිල්පින්ගේ "විනෝද සමය" නම් සුපිරි වැඩ සටහනක් අන්තර්ගත කොට තිබුනේය. බොහෝ උන් නනදන වින්දන බැලුවේ සින්දු බලන්නට නොව විනෝද සමය බලන්නටය. ඒ කියන්නේ නන්දන වින්දන දිව්වේ විනෝද සමය නිසාය. ආන් ඒ වාගේ, යහපාලන ගේම ගෙනියන්නේ ජනතාවට ජඩමාදියට මෙන්ම කම්බා හොරුන්ට ආතල් ගන්නට තියෙනා කියනා FCID විනෝද සමය නිසාය.

ඒ නිසා අර මාස 9 අහවර වෙනකන්වත්, මේ ආතල් ආයතනය පවත්වාගෙන යන එක යහපාචන ආන්ඩුවේ යුතුකමෙක්යැ...

ඒ වගත් මේසේය...

මේ මම බුකියේ ලියපු හබරල කවි කීපයක්

FCID තියටර්..


ඊයේ.. චන්න හා උපුලි,
අද.. නලීන් පෙරේරා,
හෙට.. මේරියන්ස්,
අනිද්දා.. B & S,

-x-

 මාමාගේ
අංශබාගේ..


වෛද්‍ය චන්දිම වීරක්කොඩි කියනවා,
"මගේ මාමා ‍දොඩංගොඩ ඇමැතිතුමා,
 ඩබල් කැබ්වලින් ගිහිල්ලයි පැරලයිස් (අංශභාගය) වුණේ. 
ලෙඩේ හැදුණට පස්සෙ තමයි ජීප්, කාර් පාවිච්චි කළේ." කියලා..
අනේ දොස්තර මහත්තයෝ,
ඕවා කියපන් දොඩංගොඩගේ වැඩ නොදන්න උන්ට. 
ඒ යකා මලේ.., උදේ ඉඳන් හැන්දෑ වෙනකන්,
"ගල් අරක්කු" බිලා.
-
ඌ විතරක් නෙවෙයි, මැරුවා තවත් උන්, 
"හල්පාතොට හංදියේ" 
දාලා බාර් එකකුත් ..

-x-

කෝප් ඇන්ඩ් හෝප් 


මසං හඳුන්නෙත්ති,
  කමිටුව කියන්නේ "කෝප්"
හොරු අල්ලන තැනක්ද?
එහෙම නැත්නම්..,
දෙන තැනක්ද...
හොරුන්ට "හෝප්" ?


Harrison or ##son


කෙලලා දිගම්බරම්ගේ වාහන ටිකටත් ...
ඕනෑමලු තවත් වාහනයක්..
ජනතා සේවයට.
-
හැරිසන් මහත්තයෝ... 
පව් ඔහෙලගේ අම්මා...
 බැනුම් අහන්නේ..
  ඒ අහිංසක මිනිස්සුයි,
වදලා ඔහේ වගේ උන්,

ඔහේ හැරි සන් ද...?
එහෙම නැත්නම්
## සන් ද...?

-x-

51 comments:

  1. ජපාන චාරිකාව ගැන ලියනු නොලැබේ...

    ReplyDelete
    Replies
    1. http://www.japantoday.com/category/opinions/view/how-to-be-funny-in-japan

      Delete
    2. අදින්නා දාන කේස් වලට ගිහින් පරණ ෆොටෝ දාලා ගොන් ආතල් ගන්න මානසික ලෙඩෙක් ගොන් බයියන්ට ළොකු උනාට.. අපට නම් ඒ මනුස්ස්යා ගැන තියෙන්නේ අනුකම්පාවක්...

      Delete
    3. එම අනුකම්පා කිරීම හේතුවෙන් ඔබට අර්ජුන රනතුන්ග ගේ වඩු මඩුවේ තැනූ අලුත් ම ගෘහ බාන්ඩ කස්ටලයක් තෑගි වසයෙන් පිරිනමමි!

      Delete
    4. ඉස්තූතියි...!

      රණතුංග රෙජීම් ෆර්නිචර්ස් - මිනුවන්ගොඩ

      Delete
  2. //රවී කියන්නේ තව මාස 9 ක් ඉවසන්න කියලාය//

    ගම්මන්පිල - ගොම්මන්පිල
    විමල් - රිලවා
    බන්දුල - ගොන් බන්ධුලයා
    මෝඩ ගොන් තකතීරු හොර රවියා - රවී.

    ReplyDelete
    Replies
    1. ෂැහ්... මට එතන, අපේ ගරු රවී මැතිතුමා කියලා දාන්න අමතක උන නේ..

      ගෙවන ගාන අඩු කරයිද දන්නෙ නෑ...

      Delete
    2. ඔයාට දැන්ද ඒක මතක් උනේ? අපිට අවුරුදු ගනනක් රාජපක්ෂ රෙජීමය හොරා කාපු ආර්ථිකයක් තමයි බාර දීල තිබෙන්නේ. ඒ අනුව ජනතාවගෙ සාක්කු සල්ලි පුරවන්න තමයි වැඩ කටයුතු කරමින් තිබෙන්නෙ.

      Delete
  3. ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත විය.

    රෝහණ විජේවීරගේ මරණයෙන් පසු 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වන තෙක්ම ඒ මහතා එම පක්‍ෂයේ නායකත්වය දැරීය.

    අභාවප‍්‍රාප්ත වන විට 73 වන වන වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ මර්දනයෙන් පසුව නගා සිටුවීම සඳහා ඉමහත් කාර්යභාරයක් සිදු කල අයෙකි.

    ReplyDelete
    Replies
    1. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...!!!

      Delete
    2. අහෝ සෝමෙත් නොදුටි මොක්පුර. මරාටත් ඔයටික තමයි.

      Delete
  4. රාජිත ධීවර ඇමැති කාලයේ සියයට 2000 ක ‘පවර් ඒෂියා‘ ගැහිල්ලක්: FCID ය මෙතෙක් විභාග නොකෙළේ ඇයි?

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.13, ප.ව‍‍‍.11.50)

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ... එතනින් අහන්න...

      Delete
  5. මහින්දගේ කාලේ හිටිය ඔය රාජ්‍ය නිලධාරීන් බෝහෝ අය දේශපාලන බලයෙන් උසස්වීම් ලබාගත් සහ තනතුරු ලබාගත් අය ඔව්න් දේශපාලකයන්ගේ අයතා ගනුදෙනු වලට සහය දී ඇත්තේ තමාට එම තනතුර ලබාදුන් දේශපාලුවට සේවය කිරීමටයි. අනෙක ඔය ගනුදෙනුවලින් ඔව්න්ද යම් ප්‍රමානයක් අනිවාර්යයෙන්ම ලබාගන්නවා. ඒක නිසා මේ ගොල්ල බබ්බු ලෙස සලකා රනිල් ඔව්න්ව අරක්‍ෂාකිරීම දැන් ඉන්නා දේශපාලුවන්ටත් නිලධාරීන් ලවා එවැනි දුෂිත ගනදෙනු කරගැනීමට ඇති බාදා ඉවත් කිරීමක් විය හැකියි !

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගොබ්බ නායකයෝ දෙන්නෙක්... චන්ද්‍රිකාට තිබුනා මීට වඩා කොන්දක්....

      Delete
  6. අදත්වෙ නද වගේමයි....අපූරුයි....

    ReplyDelete
    Replies
    1. මේ බාසව මම දන්නේ නෑ...

      Delete
  7. අඩෝ මාතලනා තොට හොඳ වැඩක් කොරනවා බලාපිය. තෝව FCID එකේ ලොක්කා කරනවා.

    ReplyDelete
    Replies
    1. එකාබද්ද මළබද්දේ උන් කියනවා දැක්කා මේක අහෝසි කොරන්න එපාය.. උන්ටත් ඉන්නවය මෙතෙනට ගේන්න ඕන කට්ටියක් කියලා.. ඇෆ් සී අයි ඩී කෙසේ වෙතත් උන් ආවොත් නම් මුන්ගේ මයිල් ගහක් වත් හොයා ගන්න වෙන්නේ නෑ ස්මාරකයක් වත් හදන්න...

      Delete
  8. බොහෝ දෙනෙක් රෙද්ද උස්සාගෙන කෑ ගැහුවාට ආණ්ඩුකරන ඇත්තන්ට හොරකම්, වංචා හා දුෂණයන් සිදුකල දේශපාලකයින්ට හෝ නිලධාරීන්ට දඩුවම් කිරීමට අවශ්‍යතාවයක් නැත. එමෙන්ම දුෂණ, වංචා හා හොරකම සම්පුර්ණයෙන්ම හෝ උපරීම ප්‍රමාණයක් දක්වා නතරකර තමන්ට හම්බකර ගැනීමට තියෙන අවස්ථාව නැතිකර ගැනීමට ඔතන ඉන්නා බොහෝ දෙනෙකුට අවශ්‍ය නැත.

    ආණ්ඩුවේ ඉන්නා බහුතරයකට අවශ්‍යවන්නේ මේ ඉන්නා කාලයේදී කියක් හෝ හොයාගන්නට සහ තමන්ගේ තත්වය පවත්වා ගෙන යන්නටය, ඒ අතරට ඉදිරියේදීත් තමන්ගේ බලය තබාගැනීමට අවශ්‍යනිසා තමන්ගේ ගෝල බාලයින්ට හා ආධාරකරුවන්ගේ ඉල්ලීම් කිහිපයක්ද ඉටුකර දීමට ඕනෑය, එවායේ තියෙන්නේ ගමට පාරට පොදු වැඩක් කරවා ගැනීම, දරුවකුට රස්සාවකට ලියුමක් ගැනීම, මාරුවක් සදහා ලියුමක් ගැනීම, රස්සාවක් කොන්ත්‍රත් එකක් දීම වගේ දේවල්ය....

    බඩු මිල, ආදායම් මට්ටම වැඩිකිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම හා සංවර්ධනයට අදාල කටයුතු කිරීම මේ වෙලාවේනම් රනිල්ගේ වැඩක්ය, අනිත් ආණ්ඩුවේ ඉන්නා බොහෝ දෙනෙකුට ඒ දෙවල් අවශ්‍ය වන්නේ ඊළග මැතිවරණය කිට්ටුවේදිය. ජනතාවද මේ කාලයේදී එක එකාගේ අම්මා මුත්තාගේ සිට මතක් කලද කතිරය ගහන්නට යනවිට මේ දෙවල් මතක් වෙන්නේ නැතිය එතකොට මතක් වෙන්නේ අල්ලපු ගෙදර එකාගේ පක්ෂය දිනුවොත් අපි පාරේ බැහැල යන්න වෙන්නේ නැතැයි කියලාය...

    හිටපු දේශපාලකයින් හෝ ඔවුන්ගේ අවශ්‍යතා අනුව සහ තමන්ට ගානක් හොයාගන්නට වැඩකල නිලධාරින් මට්ටු කරන්නට දගලනවාට වඩා මේ වෙලාවේ කරන්නට අවශ්‍ය වන්නේ ඉදිරියේදී එලෙස කරන්නට බැරි ආකාරයේ යාන්ත්‍රණයක් සාදා ගැනීමය, ඒ සදහා සුදුසු ක්‍රමවේදයක් සාදන්නේ නැතුව කරනලද අක්‍රමිකතාවයන්ට දඩුවම් කරන්නට යැමෙන් සිදුවන්නේ ස්වාධිනව තිරණ අරගනිමින් වැඩකරන නිලධාරින් ප්‍රමාණය අඩුවීම පමණය.

    ReplyDelete
    Replies
    1. උඹත් ඒ නිළධාරින්ගෙන් එකෙක්ද... නියමෙට තියෙයි.. සැරින් සැරේ කස්ටිය ඇවිල්ලා බෙදාගෙන බදාගෙන කාලා යනකොට... ඕකුන් ඔක්කෝම එලවනවා ජේ ආර් හිටියා නම්... කරුමෙට අද ඒ වගේ කොන්දක් තියෙන නායකයෝ එකෙක්වත් නෑ... මහින්ද උනත් කරන්නේ එච්චරයි..

      Delete
    2. ස්වාධීන තීරණ ගත්තානම් අව්ලක්නෑනේ .

      Delete
    3. ස්වාධීන තීරණ ගත්තානම් අව්ලක්නෑනේ .

      Delete
    4. මම කියන්නේ නිලධාරින්ව එලවන්නට උත්සහකිරීමට වඩා කිරීමට අවශ්‍ය වන්නේ එලෙස දුෂණයන් සිදුවීමට ඇති හැකියාව අඩුවන ආකාරයේ යාන්ත්‍රණයක් සකස්කල යුතු බවයි

      JR රජයේ නිලධාරින් එලවු ආකාරයට අද රජයේ නිලධාරින් එලවීමට බැරිය, පුලුවන් වුවත් රනිල්ට JR තිබු ආකාරයේ බලයක්ද නැත...

      ඇමතිට අවශ්‍ය ආකාරයට තිරණයන් ගෙන අමාත්‍යාංශයක කටයුතු කිරීමට නොහැකිනම් එවැනි අමාත්‍යාංශ හෝ ඇමතිවරුන්ගෙන් වැඩක් නැත. ඔබ හොදයි කියනා ගොඨාභයද රජයේ නිලධාරියෙකු ලෙස තිරණයන් ගනු ලැබුයේ ඔහුට ඒ සදහා අවශ්‍ය ඉඩ තිබු බැවින්ය ...

      අප කල යුත්තේ තිරණ ගෙන ක්‍රියාත්මක කිරීමට ඇති එම ඉඩ එලෙසම තබා දුෂණ, වංචා හා හොරකම් කිරීමට ඇති ඉඩ ඇහිරීමය. එය කල හැක්කේ කෙසේද යන්න පිලිබදවනම් මම දන්නේ නැත.

      Delete
    5. //......කරනලද අක්‍රමිකතාවයන්ට දඩුවම් කරන්නට යැමෙන් සිදුවන්නේ ස්වාධිනව තිරණ අරගනිමින් වැඩකරන නිලධාරින් ප්‍රමාණය අඩුවීම පමණය. //

      ඈ ගොනෝ උඹ කියන්නේ හොරෙන් පොල් කඩපු එකාව හිරේ දැම්මම, ගමේ ඉන්න හොරු නොවෙන සාධාරණ මිනිස්සු කලකිරිලා ඔල්මොරොන්දන් වෙනවා කියලද?

      Delete
  9. Mthalan kade yana apuruwa

    ReplyDelete
    Replies
    1. ගෙනාවා වගේ ආරස්සා කොර ගන්නත් එපාය බං

      Delete
  10. //ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනා, ප්‍රජාතන්ත්‍රවාදට ගරු කරනා උන්ට මිස රෙජීමයක් යටතේ උන් වහල් බලකායන්ට නෙමේය.//
    //ආන්ඩුව කල යුත්තේ, ආන්ඩුවේ නිළධාරින් ගෙදර යනවා කියනවා නම්, උන්ට යන්න බැරිනම් හැමිනියන් කියා ඒ වෙනුවට වෙනත් උන් පත් කිරීමය.//
    පට්ටයි මාතේ, මුන්ගේත් ෂෝ එක විතරයි වැඩ නෑ...රජානම් හරි උනත් වැරදි උනත් උගේ තීරණේ කිරියාත්මක කරනවා, මේ උත්තල පණ නැතුව දගලනවා...

    ReplyDelete
    Replies
    1. අර රාජිතයා පොදු අපේක්ෂකයා කලා නම් මීට හොඳා....

      Delete
  11. ආතල් දෙනව කියල බන් මෙහෙමත් ආතල් දෙන ආණ්ඩුවක් නම් අහලත් නෑ. මෙහෙ ඇවුන්නම් කියන්නේ දැන් JVP එකට තමයි මොනා හරි කරන්ට පුළුවන් රට ගොඩගන්ට කියල. අපරාදේ බන් යුද්දෙ ඉවර උනේ..!! 😜

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ රට ගොඩ ගන්න කලින් උන් ගොඩ එන්න බලන්න එපාය. තාම කාල් මාක්ස් එක්ක හැමිනෙනවා... එකම පිහිට රින්සොම තමා...

      Delete
  12. ඩීල් ගහන තැන
    කට අරින එවුන්ගෙ කටවල් වහන තැන
    අස්සය පැනල යන්න දොරවල් අරින තැන
    පස්සෙ දොරවල් වහන තැන
    කෝ හොරු ඇල්ලුවද කිය කියා
    හොරුන් එලියට ඇවිත් පාරම් බාන තැන
    ඇත්තටම ලොක්ක එක්ක ලොකුම ඩීල් එක ගහල ඉවරයි
    නාඩගමක් වගේ තමයි තවමත් පේන්න තියෙන්නෙ

    ඒ අස්සෙ තව මොන මොනව පුපුරයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මේක තනිකර විනෝද සමයක්ම තමයි.... වැඩ නෑ... හඬ පමණයි... ඒවත් වැල් බයිලා...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. 'බුදු සරණයි' බෝඩ් එක ගහගෙන හොර හරක් අදින ලොරියක් වගේ තමයි මේ 'යහපාලන' ලේබලේ ගහගෙන දුවන මේ අපත පාලනේ.

    මුල ඉඳලම පොළොන්නරුවේ මෑන් ගැන විශ්වාසයක් නොතිබුනත්, අපි හිතුව රනිල් මේ රට හරි පාරට ගනී කියල.

    ඒ වුනාට එයත් අර 'කුළු ගොනාගේ කරේ බැන්ඳ මී ගොනාගේ තත්වෙට වැටිලා.

    මැදමුලන හොර රෙජීමයේ නොම්මර එකේ පල් හොරෙක් වුන මහින්දනදයව COPE එකට පත් කිරීමෙන් කලේ යහපාලනයක් අපේක්ෂා කල මේ රටේ සාධාරණ පුර වැසියන්ට, සිරිසේනයි, රනිලුයි දෙන්නම එකතු වෙලා පස්ස පැත්ත පෙන්නපු එක නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඊට හොඳා මහින්ද හරි නාමල් හරි දැම්මා නම්... ඒත් ඉතින් මේකමනේ...

      Delete
  15. මහින්දගේ අසුචි වලේ ඉඳල, නාන්නේ නැතිවම අලුත් රෙජිමෙට සෙට් වෙච්ච වීරක්කොඩි කියන මැටිමෝලා කියනවා 'ඩබල් කැබ් එකේ ගියාම අංශ භාගෙ හැදෙනවා' කියල.

    එතකොට මේ බස් වල, කෝච්චි වල, ත්‍රීවීල් වල යන දෙනෝදාහක් ජනතාවවට අංශ භාගේ හැදෙන්න ඕනේනෙ.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉන්න පින්ගුත්තරයෝ සෙට් එක ඇරෙන්න රටේ ඉන්න ඔක්කොටම මේ වෙනකොට අංශ භාගේ හැදිලා තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මම නම් මුන්ට වඩා මහින්දත් එක්ක ඉන්න උන්ට ගරු කරනවා...

      Delete
  16. මගේ යාලුවෙක් ඩබල්කැබ් එකක ගිහින් අංශභාගය හැදිල මලා

    ReplyDelete
    Replies
    1. අංශ බාගේ නෙවෙයි ඔහේගෙ යාළුවාට හැදුනේ හාට් ඇටෑක්, ඉස්පිරිතාලෙ ගියාම දොස්තර මහත්තය කිව්වලු හාට් ඇටෑක් නෙවෙයි ගැස්ට්‍ර‍යිටීස් කියල.

      Delete
    2. ඕස්ට්‍රේලියාවෙ නම් හාට් ඇටෑක් හැදෙන්නෙ නෑ.මොකද අපි දත් මදින්නේ බෝඹු කෝටු වලින්.රෑට කන්නේ ඉඹුල් කිරිබත්.බඩ පිරෙන්නම කනවා.

      Delete
    3. බලහන් ඉතින්.. උඹලත් දැන් තමයි ඕවා කියන්නේ...

      කලින් කිව්වා නම් අර බේබද්දා බේර ගන්න තිබුනා නේ...

      Delete
  17. එන්න කලින් කියපු කතන්දර එක්ක බලද්දී ඉතින්, මෙහෙම පොඩි රඟපෑමක් දෙකක් හරි නොකලොත් ඊලග ඡන්දෙට අරක කලා මේක කලා කියලවත් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මෙකට නම් තියෙන ඡන්ද ටිකත් නැති වෙන වැඩක්... මීට හොඳා නිකන්ම හිටියා නම්...

      Delete
  18. මාස 9 කින් පස්සේ ළමයා හම්බවෙයිද...මොන ජාතියේ ළමයෙක්ද බලමුකෝ...

    අසංක

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං... මම ආතල් එකට ලියන ඒවා නේ... මුන් හදන රටවල්...

      Delete
  19. ඊයේ බුකියේ තිබිලා "විනෝද සමය" බැලුවා.. නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒ ඇක්ටින් ඒ පර්ස්නැලටි ආයේ සංසාරේ එන්නේ නෑ... නැචුරල් ඇක්ටින් කියන්නේ ඒවට...

      Delete
  20. අනුර කුමාර කොලේ වහලා කතාවක් කරනවා. සංචාරක මණ්ඩලෙන් නීතිපති උපදෙස් විමසුවාම ඒකට ලියුමක් ඇවිල්ලා කියලා ඊට පස්සේ කියනවා නියෝගයක් ආවා කියලා හරියට අධිකරණ නියෝගයක් වගේ. හැබැයි සංචාරක මණ්ඩලෙත් තීරණයක් ගන්න ඕන.මොකද පරීක්ෂණයක් කරලා ඉවරයි.නීතිපති ඉන්නේ එක එක ආයතනවල අභ්‍යන්තර පරීක්ෂණ වල තීන්දු දෙන්න නෙවෙයිනේ. ඒක කරන්න ඕනේ ආයතනයේ විනය බලධරයා.

    ReplyDelete
  21. රජයේ සේවය කියලා රටේ සල්ලි අහුරු පිටින් නාස්ති කරන්නෙ ඔය ඉහලින්ම ඉන්න නිලධාරීන් කියන කීප දෙනෙකුගෙ කල්ලිය.උන්ට බයේ ඉන්නකන් කිසි වැඩක් නම් කොරන්න හම්බවෙන්නෙ නෑ ඔන්න.
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න