.

.

Oct 25, 2016

තොපි ආවෙ හොරා කන්නද, රට හදන්නද..? - Our Rulers are World Best Looters..



රනිල් කපටියෙක් බව බොහෝ දෙනෙක් කියනවාය. පොඩි පොඩි කපටි කම් කලත්, ජනතාව නම් කියන්නේ ඉල්ලාගෙන කන්න ඒ වගේ කෙනෙක් නෑ කියලාය. එජාපයේ සෙල්ලම් දාගෙන බලය අල්ලාගෙන උන්නද, රටේ බලය එහෙම අල්ලාගෙන ඉන්න බෑ කියලා ඊයේ පාර්ලිමේන්තුවේදි ඔප්පු උනාය. මෙතුවක් කල් "මිස්ට් ක්ලීන්" ලෙස සිටි පුදගලයා, ඊයේ පාර්ලිමේන්තුවේදි ලංකාවේ නොම්මර එකේ "හොරා" විය. පට්ට ජෝක් එක කියන්නේ, නොම්මර එකේ හොර කල්ලියකින්ම එසේ අහන්නට වීමයි. එහෙම කිව්වත් අවුලක් නැත්තේ, සිංගප්පූරුවේ සිට ආ රනිල්ගේ මිත්‍රයා කර තිබෙනා හොරකමත් එක්ක බලුවාම අරුන් නිකන්ම නිකන් කුකුල් හොරු සයිස් එකට වටෙන නිසාය.

සිවිල් සමාජයෙන් ආ බලපෑම මත 19 වෙනි සන්සෝදනේ ගෙනාවේ නැත්නම් අද රනිල් තුමා ඉන්නේ විපක්ෂයේය. එහෙම නැතිව රනිල්ටත් ඕවා ගෙන ඒමට කිසිම උවමනාවක් තිබුනේ නැතිය. ඒ හේතුවෙන්මද කොහෙදෝ, "සිරිසේන ජනපතිගේ හොරුන්" සිවිල් සමාජේ උන්ගේ පලු ඇරියත්, එජාපයේ හිඟන්නෝ ටික උන්ට මක්කාවත්ම කියන්නේ නැතිය. එජාපයේ ඉන්නේ හිඟන්නෝ කියා කියන්නේ ඇයි කියා කෙනෙක් හිතන්නට පුළුවන්ය. ඇත්තටම උන් දේශපාලන හිඟන්නෝය. උන්ට ඕනෑ කිසිම දෙයක් කොරන්නට බැරිය. උන්ට වෙලා තියෙන්නේ ජනපති හා හොරු කල්ලියෙ සිතුම් පැතුම් අනුව ජීවත් වන්නටය.

ඊයේ මහින්ද මහත්තයා පාර්ලිමේන්තු පැමිනීමත් සුළුවෙන් තැකිය නොහැකිය. ඒ අතරේ ජනාධිපතිගේ ඩීල් කාරයෝ මහින්ද පාර්ෂවය සමඟ සාකච්ඡා යන එකත් බොරුවක් නෙමේය. මට නම් හිතෙන්නේ දැන් බේරා ගැන්මට ඇත්තේ තනතුරු පිලිබඳ ප්‍රශ්ණයක් පමණය. ඒ අනුව එජාපයේ සෙට් එකකුත් සමඟ අළුත් ඇමති මන්ඩලයක් පිහිටුවා, අළුත් අගමැති කෙනෙක් පත් කිරීමට බොහෝ දුරට ඉඩක් තියෙනවාය. තවමත් එය ඇදෙමින් තිබෙන්නේ චන්ද්‍රිකා හා තානාපති කාර්යාලවලට පින් අත් වන්නටය. රනිල්ගේ යුරෝපා සංචාරය හුදෙක්ම ජී ඇස් පී සඳහාම පමණක් නොවනා බවද බොහෝ පැහැදිලිය. 

රනිල් මුල පටන්ම ඇදගෙන නෑවේය. අවුරුදු ගනනක් එජාපයේ පරිප්පු කෑ සමහරක් උන් චන්දයෙන්ම විසිවි ගිය අතර, රෙජිමයකට විරුද්ධව ප්‍රභල ලෙස හඬක් නෑගු උන්ට සැනසෙන්න සිඳු වූයේ, රාජ්ජ ඇමතිකම් වලින්ය. එයිනුත් රන්ජන් හා තෙවරප්පෙරුම වගේ උන්ට ඒවා ලැබුනේ මෛත්‍රිගෙන්ය. මහින්ද ළඟ උන් කම්බා හොරුන්ට ප්‍රබල කැබිනට් ඇමතිකම් බහුතරයක් මෙන්ම නියෝජ්ජ ඇමතිකම් ලැබුනේය. හෙට එකෙක් ආවොත් අඩුම ගානේ ඌට රාජ්ජ ඇමති කමක් හෝ ලැබෙන්නේමය.

හොරුන් අස්සේ දාගන්නා විටම මෙහෙම දෙයක් වන බව, අප නම් මුලින්ම කීවේය. එපමණක් නොව එජාපයේ උන්ද කිසිඳු හිරිකිතයකින් තොරවම හොරකම් කිරීමට පෙළඹෙන බවත්, අපි කලින්ම කීවේය. ජනතාව පැතු වෙනස කිසි සේත්ම මෙය නොවේ. පැතු වෙනස වෙනුවෙන් අද පෙනි සිටින්නේ අවංක චේතනාවෙන් ඒ වෙනුවෙන් පෙනී සිටී සිවිල් පොරවල් ටික පමණි. ඔවුන්ගෙන් සම හරක්ද ආන්ඩුවේ තනතුරු ගෙන කට පුක වසාගෙන කීයක් හෝ කෙලගනිමින් සිටිති. අනෙක් උන් සුභ නම් දොරටුපාලයාගේ කේවට්ටයන්ට අනුව ගෝරිල්ලන් හා කන පැලෙන්න කෙලිය යුතු දේශද්‍රෝහින් වී තිබේ.

රනිල්ට මෙන්ම සිරිසේනටද හොරකම නැවත්වීමේ කිසිම උවමානාවක් නැති බව හොඳටම පැහැදිලිය. අන්තීමේදි කෙල උනේ හොරුන්ට නොව හොරුන් අල්ලන්න ගිය උන්ටය. බොහෝ විට, FCID යේ උන් ගල් ගසා මරා දමන්නට මහින්ද ආපහු එන්නට ඕනා නැතිය. මේ ආන්ඩුවෙන්ම් ඒ දේ සිද්ද වීමට තිබෙන ඉඩ කඩ බෝහෝය. ඒ වෙනුවෙන් සිරිසේනගේ හඬ එන්නේ මාලිගාවත්ත ලී මෝලෙන් නෙමේය. මහින්ද අමරවීර, රාජිත සෙනාරත්න, ඩිලාන් පෙරේරා මෙන්ම පෙර පිනකට බස්නාහිර මහ ඇමති වූ එකාගේ කටින්ද එලියට එන්නේ ජනපතිගේ අඳෝනාවය. එයාට හොරු ඇල්ලිම්මේ කිසිම උවමනාවක් ඇත්තේ නැතිය. රට හැදීමේ උවමනාවක් ඇත්තේ නැතිය. එයාට හා එයාගෙ පවුලටම ඕනෑ කරන්නේ තවත් රාජපක්ෂ යුගයක් බිහිකිරීමටය.

රනිල්ගේ කියාද වෙන්සක් නැතිය. ආපු ගමන් ලීගලයිස් හොරකමකට සෙට් වෙන්නේ අවුරුදු 20 කට වඩා විපක්ෂයට වෙලා කෑ පරිප්පු වල එරියස්, එක පාරෙන්ම ගොඩ දාගන්නටය. මඤ්ඤං නීතිය හා උසාවිය මොන කුණුහබ්බයක් කීවද, "මහ බැංකුවේ ට්‍රැෂරි බොන්ඩ්" සීන් එක ඉන්ටර්නැශනල් ගේමක්ය. සත පහක් අතින් වියදම් නොකර කෝටි 100 ක් ලාබ ලබන්නේ කෙසේද යන්න ජනතාවට කියා දුන් අති ශ්‍රේෂ්ඨ හොරකමක්ය. සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි වලින් මෙහෙම පිස්සු කෙලින්න දීම, කටුනායක වෙඩි තැබීම්වලට වඩා බයානකය. අනික හොරකම් කර ත්ව දුරටත් කිසිඳු අතුරු ආන්තරාවකින් තොරව සමාජයේ ජීවත් වීමට ඉඩ දීම ඊටත් වඩා බයානකය.

මේ මුදල් සියල්ලම නැවත ලබා ගත යුතු අතර. අර්ජුණ මහේන්ද්‍රන් රටින් පිටුවහල් කල යුතුය. මන්ද ඔහු කර තිබෙන්නේ අජිත් නෙවාඩ් කඹර රාලයා සද්ද බද්දයක් නොමැතිව ගෙන ගිය හොරකමට වැට බැඳීම නොව, එය ඊටත් වඩා හොඳින් කරගෙන යාමට පටන් ගැන්මය. අනුමැතිය ලද ට්‍රෙෂරි බොන්ඩ් ප්‍රමාණයට වඩා හිතේ හැටියට ඉෂූ කර තිබෙන්නේ මහ එකාගේ උවමනාවට බව මහ බැංකුවේ නිළධාරින් පවා තහවුරු කොට අවසානය. මෙහෙම එකෙකු අතේ මහ බැංකුව තිබුනා නම් අන්තීමට ඉතිරි වන්නේ ගොඩනැගිල්ල ඉතරය.

එසේ හෙයින් බෑනාට නොව මාමාට එරෙහිවත් නීතිමය පියවර ගත යුතුමය. එසේ නොමැතිව, රනිල්ලාට මෙන්ම අජිත් පී පෙරේරා, සූජීව සෙනසිංහ, හර්ෂ හා එරාන් වැනි තවමත් යම් සැලකීමක් ඇති උන්ද, හත් පොලේ ගාගත් හොරුන්ගෙන් කොමිෂන් ගත් ඩීල්දාස රාජපක්ෂලා වාගේ කොමිස් කාරයෝ ඩීල් කාරයෝ හෝ කම්බා හොරුන් වනවාට අපට ඇත්තේ කනගාටුවක්මය.

අගමැතිට මෙන්ම ජනාධිපතිටත් අපට කීමට ඇත්තේ මෙයය. ජනවාරි 8 වන්දා හොරුන් රැලක් ගෙදර යැව්වේ, තවත් හොර රැලකට මේ රට එක එකාට උකස් තබා හොරා කන්නට නෙමේය. එතෙක් හොරා කෑ උන් අඩුම ගානේ නිවාස අඩස්සියේවත් තබා මේ රට ගොඩගැන්මටය. උන්ට දඬුවම් දෙන්නම ඕනා කියා එකෙක්වත් කිව්වේ නැතිය. උන් හිරගෙවල් වල දාන්න ගිහින් තවත් උන් ජීවිත පරදුවට තබා කට්ට කන්න ඕනාත් නැතිය. ආයෙත් උන්ට ඒ දේ කොරන්න බැරි වෙන්න ප්‍රජා අයිතිය අහෝසි කලාම අහවරය. ඒකට එක එක මඟුල් ඕනා නැතිය.

එහෙත් ඔබලා කරන්නේ තිබුන පාලනයටත් වඩා අජූත දේ බව අද ලෝකයාම දන්නවාය. පරණ හොරුන් අල්ලන්නට බිය නම්, අඩුම ගානේ දැන් කරන උන්වත් අල්ලා ගත යුතුය. කළ යුත්තේ එයම මිස, හොරුන් ඇල්ලීමට සිටිනා පිරිසට කින්ඩිය දමා ගෙදර යැවීම නොවනා බව නම් කිව යුතුමය. එහෙම සෙල්ලම් දැමීමට පැමිනියහොත් තොපිටත් පුකට පයින් ගසා ගෙදර යවනා දිනය වැඩි ඈතක නොවනා බවත් කියා සිටිය යුතුමය. මන්ද ඔයිටත් වඩා දරුණු උන්ද, අද පිස්සන් මෙන් හැම තැනම පොල් ගස ගසා යන්නේ, තොපේ බලයට වඩා අපේ බලය බොහෝම බලගතු නිසා බවද මේ මොහොතේ කියා මේ පල් හෑල්ල නවතා දමනවාය.

55 comments:

  1. ස ර ස තුමා ට ජයවේවා!

    ReplyDelete
  2. අන්තිමට කියන්න වෙන්නේ හොරු සමග හෙලුවෙන් කියා විතරය.

    ReplyDelete
  3. ඊයේ හිරු නොකළ දේ අද හිරු නොකරයි
    අද හිරු නොකළ දේ හෙට හිරු නොකරයි
    ඇයිද පායන්නේ - කාලකන්ණියා

    අබිනික්මන - මහාචාර්ය සිරිගුණසිංහ

    ReplyDelete
    Replies
    1. හිරු කිව්වේ... හිරු නිකාටද දන්නෙ නෑ...

      Delete
  4. වැඩක් නෑ බං. අරූ යවල මුං ගෙනාව. මුන් යවල තව එකෙක් ගෙනාවත් ඔච්චරම තමයි. 🙄

    ReplyDelete
    Replies
    1. මේ රට කවදාවත් ගොඩ එන්නේ නෑ...

      Delete
  5. මේරටෙ ගොබ්බ දෙශපාලනය නම් එපා වෙලා තියෙන්නෙ. එකත් හරියට ඉන්දියවෙ මෙගා ටෙලියක් වගෙ. හමදම දිනන්නෙ කප්ටියො ඩීල්කාරයො. හොද මිනිස්සු හමදාම විදවනව. බලාගෙන ඉන්න අපි මෙක කවදා හරි හොද වේ කියල. එ උනට අපි බලන් හිටියට කතව කවඩවත් ඉවරවෙන්න. ඉට කලින් අපි මරෙනව.

    ReplyDelete
    Replies
    1. අන්න ලියපන්. ඉන්දියවෙ මෙගා ටෙලියක්

      Delete
  6. මගේ යාලුවෙක් හොරාකාල මළා

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ එකෙක් වෙන්න බෑ...

      Delete
  7. චෑ චෑ චෑ, මහත්තයෝ ඔබතුමා මාතෘකාව වරද්දාගෙන නේ. ඒගොල්ලෝ ආවේ රට කන ගමන් හොරු හදන්න.

    ReplyDelete
  8. වෙන්ඩ බෑ. රට හදන්න ඉන්න එකම මොල කාරය රනිල් හොරකන් කරයියෑ

    ReplyDelete
    Replies
    1. හොරුන්ට තමයි වැඩියෙන්ම මොළ්‍රේ තියෙන්නේ...

      Delete
  9. //ජනතාව පැතු වෙනස කිසි සේත්ම මෙය නොවේ//

    වෙනසක් පතමින් අරූ එපාවෙන විට මූද, ඌව එපා වනවිට ආපසු අරූවද, උන් දෙන්නාම එපා වූවිට තවත් එකෙක්ද වශයෙන් සැමදා දේශපාලඥයෝ පසුපස කැරකෙන අපගේ ජනතාව සමාන කල හැක්කේ මී හරක් රැලකටය.
    කවුරු මොනවා කීවත් මේ හරක් රැලට උඹද මමද ඇතුළු කෝටි 2ක් වන සියලුම අම්මට සිරි ලාංකිකයන් ඇතුලත්ය. සමහරවිට මෙය අදාල නොවන්නේ අර දියවන්නාව ඇතුලේ සිටින 225ට පමණක් වෙන්නට පුළුවන. මක්නිසාද යත් මේ හරක් රැල දක්කන්නේ උන් බැවිනි.

    https://www.youtube.com/watch?v=vnXdhK9EpCE

    ReplyDelete
    Replies
    1. ජනතාව ඔක්කොම හරක් නෙමෙයි... බහුතරය හරක් කියන එක මාත් පිලිගන්නවා.. පාට පක්ෂ බේද නැති බුද්ධිමත් පිරිසකුත් රටේ ඉන්නවා... උන් බුද්ධිමත් නිසා තමයි මේ රට මේ තරමින් හරි බේරිලා තියෙන්නේ.. එකාධිපතිවරුන්ටත් කෙලවෙන්නේ... එකම දේ උන්ට තෝරගන්න වෙන්නේ කාළකන්නිභාවය අඩු එකෙක් වීම...

      Delete
  10. හොරකම, කුහක කම, ඊරිසියාව, සැකය, වලත්ත කම පන්සිල් පද වෙලා තියෙන රටක අනාගතය ගැන බයක් තියෙන්නේ. වෙන මොනවා කියන්නද..

    ReplyDelete
    Replies
    1. ඒක නිසා නේ හැමදාම කඩ කඩ ආයෙත් රකිනවා කියලා පොරොන්දු දෙන්නේ... නැත්නම් ජීවිතේට ඒක පාරක් ගත්තාම ඇති නේ...

      Delete
  11. // මුදල් සියල්ලම නැවත ලබා ගත යුතු අතර. අර්ජුණ මහේන්ද්‍රන් රටින් පිටුවහල් කල යුතුය.//

    වෙයි වෙයි. බලාගෙන හිටපන්. මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවෙ පුරවැසියෙක් නෙමෙයි, ඒක නිසා නීතිය ඌට අදාල නෑ කියලා නිදොස් කරලා නිදහස් කළත් පුදුම වෙන්න එපා හිටන්. මහේන්ද්‍රන් තනි කැමැත්තට කරපු හොරකමක් නෙමෙයි නේ.. සිරිකොතේ ලයිට් බිල ගෙවාගන්න බැරුව හිටපු අලින්ට ඉලෙක්ශන් එකට සල්ලි හොයලා දෙන්න ගහපු ගේමක් නේ..

    ReplyDelete
    Replies
    1. සිද්ධිය ගැන කිසිවක් නොදන්න ගොන් බයියකුගේ කොමෙන්ටුවකි...

      Delete
  12. රනිල් සාමාන්‍යයෙන් අවුරුදු දෙකයි නේ ඉන්නේ නේද? තව මාස හතරක් විතර තියනවා.

    ReplyDelete
  13. අපි මහ ඡන්දේ වෙලාවේ ඉන්දියාවේ උන්නෙ හොද වීකන්ඩ් එකක් එක්ක සෙට් වුනෝත ‍තව පාරක් අපිට රට ගිහින් ආතල් එකක් ගතෑකි සණීපෙට..

    මේ රට හදන්න ලියන යුනිකෝඩ් අපරාදේ ..ඊට වඩා හොදයි හොරි බල්ලෙක් නාවන එක... අඩුගානෙ පිනක් හරි පිං පොතට යනෝ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික කරන ලද අමූලික ඇත්ත... ඒත් ඉතින් වෙන මක්කා ලියන්නද...?

      Delete
  14. වැඩිය හොඳ ලිපිය ද නැහ්නං සංවාද ටිකද කියල තෝරගන්න බැරි හන්ද මම මොකුත් ලියන්නෑ

    ReplyDelete
    Replies
    1. සංවාද තමයි ලිපියක ආලෝකය...

      Delete
  15. 'රට කා හොරු රකිමු!'

    ReplyDelete
    Replies
    1. අපි හැදෙමු... හොරු රකිමු..

      Delete
  16. අපි ආවෙ රට හදන්නවා වගේ පෙන්නගෙන හොරා කන්න

    ReplyDelete
    Replies
    1. සාමාන්නියෙන් යූ ඇන් පී උන් හොරා කෑවේ රටට යමක් කරලා...

      Delete
    2. කොරපු දෙයක් කියන්නකෝ හොරාකාලා කරපු?

      Delete
    3. තාත්තගෙන් අහගන්න... මොකෝ ඔහේලා දන්න කාලෙක එහෙම ආන්ඩුවක් තිබුනෙ නෑ නේ...

      Delete
    4. ඒ උනාට බන් ඒකාලේ පල වෙච්ච පත ‍පොත පත්තර ‍එහෙම තියෙනවා... උඹ කියවලා නැද්ද?

      Delete
  17. රට හදනවා කියලා හොරා කන්න ඇවිත් තියෙන්නේ.

    ලංකාවේ දේශපාලනේ කොහෙත්තම වෙනසක් නෑ. මුහුණු ටික විතරයි වෙනස්.

    ReplyDelete
    Replies
    1. උඩ රැව්ලයි සාටකෙයි ඉතරයි අඩු...

      Delete
  18. ඔක්කොමත් හරි රනිලා හැම කතාවක් මැදටයි,අගටයි දාන හිනා යන්නෙ නැති ජෝක්ස් වලට තමයි මට මලම පනින්නෙ

    ReplyDelete
    Replies
    1. එයාට හිනා යනවනේ.... ඉතින් අපි දැනගන්න ඕන අගමැති කෙනෙක් හිනා වෙනකොට අපිත් හිනා වෙන්න... හරියට බොස් හිනාවෙනකොට වගේ...

      Delete
    2. ඔන්න වහල්කම මතුවෙන ලස්සන.... කවුද රියල්ම වහලා කියල පැහැදිලි දැන්

      Delete
    3. ජෝක් එකවත් නොදන්නා ගොන් බයිස්

      Delete
    4. ඔහොම තමා බන් ජෝක් විදිය‍ට තමා හිත යට තියෙන ඒවා මතුවෙන්නේ...

      Delete
  19. ඕක හොරකම හොරකම කිව්වට හරියට මොකද වුනේ කියලා කියන්නේ නෑනේ. කියපු ගාණට වඩා බැඳුම්කර ගත්තු එකම අවස්ථාව මේක නෙවෙයි. ඒ වගේම වැඩි පොළියට ණය ගත්තා කියන උන් පොළී අනුපාතයයි කල් පිරීම් කාලයයි අතර තියෙන සම්බන්ධතාව හංගනවා. වැඩිපුර ණය ගත්තා කියමු, ඒත් අනික් ප්‍රාථමික මිලදී ගන්නනුත් වැඩිපුර අරන් තියෙනවා. අනික දැන් ලාභය ගැන කතා කරනවනේ. ප්‍රශ්නේ මේකයි. මේ ලාභය හොර වැඩක් නම් , ඒ හොර වැඩේ කරේ කොහොමද ? නිකංම මේක අහවලාගේ සමාගම, අරයට වැඩිය අරන් තියෙනවා කියන එක වැරදි විදිහට ලාභයක් ඉපයුවා කියන එකට හේතුවක් නෙවෙයි. හොර කමක් නම් කොහොමද කරේ?

    ReplyDelete
    Replies
    1. නිව්ස් එහෙම බලන්නෙම නැද්ද... මුල ඉඳලා මෙතන ලියන්න බෑ සත්තරන්... පත්තර එහෙමත් කියවන්න...

      Delete
    2. ඒ නිව්ස් කියවලා ඔය වැඩේ වුනා කියන එක පැහැදිලි කරන්න හදපු වීඩියෝ එහෙමත් බලලා ඒවයේ නොකියන සඟවන කතාවයි මං අහන්නේ? මොකද ගෙවීමක වර්තමාන අගය ගොඩක් අය හරියට කතා කරන්නේ නෑ.

      Delete
    3. දැන් ඕක උසාවී ගියාම විසඳේවී නේ....

      Delete
  20. කෝප් වාර්තාව කියවලා බැලුවාම තේරෙනවා එතන ඉන්න කී දෙනෙකුට බැඳුම්කර ගැන කොච්චර දැනුමක් තියෙනවාද කියලා. හොඳට බලන්න ලස්සනට ලිස්සලා ගිහින් තියෙන හැටි. සමාගම ලාභ ලබලා තියෙනවා නිරීක්ෂණය වුනාලු.ඒත් ඒක වෙච්ච හැටි විශ්ලේෂණය කරන්න දන්නෙ නෑ.

    ReplyDelete
  21. වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝඩකම් නම් නෙමේ....

    ReplyDelete
  22. වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝඩකම් නම් නෙමේ....

    ReplyDelete
  23. වෙනසක් පතන ජනායාගේම මෝඩකම් මිස මේවා වෙන කාගෙවත් මෝඩකම් නම් නෙමේ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න