.

.

Aug 26, 2017

කාවඩි බයිලා - New Version





නිහාල් නෙල්සන්ගේ, "කාවඩි බයිලා" තාලයට බැති සිතින් ගයා වයා සැනසෙන්න..

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැදලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

පච්ච පාට මොණර කොලේ පඬුරු තියාලා
පුදන්න එන ගොබ්බ හරක් එලියට දමලා
හතර වටේ ගේට්ටුවල ඉබ්බො දමාලා
ඉතින් දෝශභංග වෙන්න නෙලමු යතුර සොයාලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

කතරගමේ පුද වරුනේ උඹට කියාලා
මම හතර පදෙන් ගොතන්නේ මේ කාවඩි බයිලා
හතර වටින් ඇවිල්ලා පින් පඬුරු දමාලා
කපුවෝ, නිළමේ ගොඩ දාපිය මෝඩයෝ වීලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්

බස්නායක නිළමෙට නෙලලා...

12 comments:

  1. නියම සින්දුව කාවැදී බයිලා 2017 වර්ෂන් එක
    විචාරක දියණිය

    ReplyDelete
  2. හයියෝ මාතලන් බොස්..!! උදේ පාන්දරම නැගිටල බලපු පොස්ට් එක අපරාදෙ වෙන්න විදිහක් නැහැ. හොඳට හිනා වෙලා ලේ ටික පිරිසිදු කරල දුන්නට උබට රොම්බ තෑන්ක්ස්..!!

    👊🏽

    ReplyDelete
  3. අන්න බයිලා............

    ReplyDelete
  4. හැක්.. හැක්.. මරු මේක.

    ReplyDelete
  5. ඉතා වටිනා පදමාලාවක් නිහාල් නෙල්සන් වගේ කෙනෙකුගෙ ඇහැ ගැටුනොත් මරූ

    ReplyDelete
  6. :-D
    සිසිරකුමාර මාණික්ක ආරච්චි කතරගම දෙයියො ගැන ලියපු ඒවා මතක් වුනා.

    ReplyDelete
  7. හෙක් හෙක් මේක සුපිරි මචන්!

    ReplyDelete
  8. බයිලා සුපිරි

    ReplyDelete
  9. කතරෙට දොස් එපා හරිය. මාත් එයා වගේමයි, ස්ත්‍රී පක්ෂෙ!!

    ReplyDelete
  10. //පච්ච පාට මොණර කොලේ පඬුරු තියාලා
    පුදන්න එන ගොබ්බ හරක් එලියට දමලා//

    hikzzz

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න