.

.

Sep 27, 2017

ඉරාජ්, විකී, රොහින්යා හා ලිබරල් වමක අවශ්‍යතාවය - Iraj, Vicky, Rohingya & place for left wing liberal




විකි අළුත් කසාදයක් බැන්දම, විකීව මරාගෙන කන්න ගියපු උන් දැන් ඉරාජ් මරාගෙන කන්න යනවා. ඉරාජ් කරලා තියෙන්නේ, අර කලින් විකීව මරාගෙන කන්න ගියපු උන් කියපු කතාව ටිකක් පරක්කු වෙලා කියන එක. කොහොමත් පරණ ඒවා අමුවෙන් ගැහුවාම ටිකක් තදින් වදිනවා. ඒ වගේම සෙමත් ඇවිස්සෙනවා. ගල් හැහුවට එහෙම අවුලක් නෑ. මම කිව්වේ අරක්කු ගැන. ඉතින් පරක්කු වෙලා අරක්කු වගේ වදින දෙයක් ගැහුවාම සමහර උන් හරක්කු වගේ කුලප්පු වෙනවා. අරක්කු ගඳයි කියලා සමහර උන් කියනවා නේ. ඒ බීපූ නැති උන්. බොන එකාට අරක්කු රහයි. ආයේත් කියනවා. මම මේ කිව්වේ අරක්කු ගැන.

අපේ උන්ට මේවට මල පනින්නේ ඇයි. ඇත්තටම එහෙම දේවල් අම්මට සිරි ලංකාවේ ඕන තරම් වෙනවා. අර කෑ ගහපු උන්ට මල පනින්නේ ඉරාජ් මේක නියමෙටම කරපු නිසා. ඒ කියන්නේ අමුවෙන්ම දෙනවා. වහෙන් ඔරෝ නෑ. තේරෙන්නේ නැති එකෙක්ට උනත් දැන් කතන්දරේ තේරෙනවා. කොලු වයසේ ඉන්න උන්ට මල පනිනවා අඩෝ අපි මෙහේ වේලී වේලී ඉන්දැද්දි නාකි රිලව් කිරි කොස් කනවා නේ ඩෝ කියලා. නාකි උන්ට තද වෙනවා අපිට මේ ආතල් නෑ නේ ඩෝ කියලා. ඉතින් පිරිමි ඔක්කෝම සෙට් වෙලා ඉරාජ් මරාගෙන කන්න යනවා. හැබයි උන්, "මගේ පුංචි රෝස මලේ...., මමයි නුඹේ වියපත් බඹරා..." කියන අමරසිරි පීරිස්ව මරාගෙන කන්න යන්නේ නෑ. මොකෝ මෙතනදි ඉරාජ් ගහන්නේ පුරුසෝත්තමවාදේ ඉහලින්ම අගයන සමාකයක ප්‍රස්තුතයට. 

අනික් ආතල්ම සීන් එක. උදේ ඉඳන් රෑ වෙනකන් ජාලෙන් S E X හොයන රටක, සොසේජ් එකෙන් චීස් එන එකයි, කෙල්ලෝ කෙහෙල් ගෙඩි කන එකයි මාර සීන් එකක් වෙන එක. ගමක කෙල්ලෙක් තියා වැස්සියෙක්කත් බේර ගන්න බෑ. අපේ උන් නිසා පට්ටි ගොනාටත් තැනක් නැති වෙලා තියෙන්නේ. ගමේ ඉන්න වැස්සි හරක් හොරුන්ගෙන් බේර ගන්නවට වඩා අමාරුයි පට්ටි දාන උන්ගෙන් බේර ගන්න.  

මීට ටික කාලෙකට කලින් තවත් විකී කෙනෙක් චන්ද්‍රිකාට ගහනවා, "චෞර රැජිණ" කියලා පොතක්. ඒකේදි කිසි අවුලක් නෑ ඔක්කෝම වට වෙලා පට්ට ආතල් එකක් ගන්නවා. චන්ද්‍රිකාටත් දරුවෝ ඉන්නවා. ඇයත් මවක්. ඒකට අවුලක් නෑ මොකෝ ඒ කෙලින්නේ ගෑණියෙක්ට නේ. ඕකට ඉතින් ගම නගරේ කියලා වෙනසක් නෑ. පිරිමියෙක් නම් ඌ පොරක්. ගෑණියෙක් නම් ඒ දේටම පට්ට වේසි වෙනවා. කොහොමත් මේක පිරිමි නාවලා ගෙට ගන්න රටක් නේ. රෙද්දක් දාලා කෙල්ලන්ගේ පතිවත හෙව්වට, කොල්ලගේ නූල කැඩිලද කියලා බලන්න රෙදි නැන්දත් එක්ක, ඩෝබී මාමා හරි, හන්දියේ ටේලර් තියා මාක් ටේලර්වත් එන්නේ නෑ නේ.

රොහින්යා සරණාගතයෝ ඉඳලා තියෙන්නේ වෙන රටකට යවන තෙක් තාවකාලිකව. රාවණා බලය කියන අමු ත්‍රස්තවාදි කන්ඩායම සරණාගතයෝ ඉන්න තැන වට කරනවා. පොලීසියත් එතනට එනවා. ඒ එන ඩේසිගේ පුතා අර ත්‍රස්තවාදීන්ට තොප්පි ගලවලා වඳිනවා. ඒ මදිවට ඌ කියනවා මෙතන ඉන්නේ අධිකරණය දීපූ තීන්දුවකින්ය කියලා. එහෙම තීන්දුවක් දීලා තියෙනවා නම් අම්මගේ රෙද්දටද සරණාගතයෝ පොලීසී ගෙනියන්නේ. ගෙනියන්න තිබ්බේ අර ත්‍රස්තවාදියෝ ටික. 

ආන්ඩුව අද ඒක හෙලා දකිනවා. කොහොමත් මේ පොන්න ආන්ඩුව කරන්නේ ඔය වගේ වැඩ තමයි. ආන්ඩුවේ නපුංසක කම ගැන දන්න පොලිස්කාරයොත් ගන්නේ, ආනුඩෙවේවත් අධිකරණයේ පැත්තවත් නෙමෙයි. කැළෑ නීතිය රජකරවක උන්ගේ පැත්ත. මොකෝ උන් සිරිසේනට බය නැති උනාට මහින්ද රාජපක්ෂට ගූ බයයි. මහින්ද හෙට ආවොත් උන්ට වෙන්නේ මොකක්ද කියන දේ ආන්ඩුවේ උන් දන්නවා. 

මේක දැන් කැඳ හැලියක් න්මෙයි ගූ හැලියක්. හල්ලොලුව තනතුර දාලා යනවා. වැඩ කරන්නේ යහපාලන නියමුවෙක් ගාව. උදේ කෑම බිලක් ඇවිල්ලා ලක්ෂ 15 ක. මුන් කෑවේ මොනවද කියන්න නම් දන්නේ නෑ. ඒත් ලංකාවේ වටිනම නිලිය සබිතා කියන්න ඕන එකෙක් දන්නවා.  හල්ලොලුවගේ කොන්දට අපි ගරු කරන්නම ඕන. හල්ලොලුවත් දන්නවා මේ යන විදියට ගියොත්, මහින්ද ආපු ගමන් ඌට බඩු බනිස් කියලා. යහපාලනේ ගේන්න එකසිය ගානට කඩේ ගිය එකෙකුත් මුන් කෙලින්නේ අමු බුල් කියලා කියනවා නම් තා ඉතින් කතා කරන්න දෙයක් නෑ. අනික ඉතින් රජයේ සේවකයෝ ආරක්ෂා කරනවා කියලා ඔළුවේ අත තියලා දිවරපු නසරානියෝ, මී හරක් මහ ඇමති බේරලා අජ්ජාපන ලේඛමා මරාගෙන කනවා. අර මජ්ජම පලාත් ආන්ඩුකාරවරිය හොඳ ආන්ඩුකාර කමට නෙමෙයි. ඒයා හොඳයි රන්ජන්ගේ සෝ වල කොමඩි කෑල්ලකට. 

මහින්දට කෙල උනේ මිනිස්සුන්ගේ බඩට ගහපු නිසා. එහෙම නැතිව වෙන දේකට නෙමෙයි. මුනුත් දැන් කරන්නේ ඒක බඩු මිල අහස උසට. නීතිය බල්ලට ගිහිල්ලා. අධිකරණ තීන්දූ රෝල් කරලා පුකේ ගහගත්තු මැදගොඩ අභයතිස්සලා, අඳනේ උස්සලා උසාවියට පුක පෙන්නනවා. උසාවිය, සහතික ඇත්ත කියන රන්ජන් රාමන යකාව ඇතුලට දාන්න හදනවා. පියුමි සොසේජස් මිරිකනවා. සිරා තාම පත්තරේ බලනවා. බලලා බොම්බයි ළුෑණු වලට 100% බද්දක් ගහනවා. ගෑස් මිළ වැඩිකරන්න හඳන්න යන කොට කැබිනට් මන්ඩළේදී ගෑස් පෙන්නුවයි කියන එකා, මිළ වැඩි කරපු එක තාම පත්තරෙන් දැකලා නෑ.

යහපාලනේට ඡන්ද දීපූ අපිට දැන් ගෙවල් වල ඉන්නත් විදියක් නෑ කනක් ඇහිලා. කොහොමත් මේ වගේ ගූ ගොඩවල් කරේ තියාගෙන යන්න අපිට කිසිම උවමනාවක් ඇත්තේ නෑ. දැන් ගොඩක් උන්ට හිතිලා තියෙන දේ තමයි, දන්න යකා මීට හොඳයි කියන එක. අපි නම් එතන නෑ. ඉතින් අළුත් බලවේගයට හොඳ ඉඩ කඩක් තියෙනවා. 

ඒ මහින්දවත්, රනිල්වත්, සිරිසේනවත්, ටිල්වින්ලාවත් මූලික වෙච්චි බලවේගයක් නෙමෙයි. වෙනත් බලවේගයක්. ජෙප්පන්ට පොඩි චෑන්ස් එකක් තියෙනවා. ඒත් පරණ වමේ ප්‍රතිපත්ති උඩ නම් එන්නේ ඒකට කිසිම තැනක් ලැබෙන්නේ නෑ. දැන් අවශ්‍ය වේලා තියෙන්නේ "රැඩිකල් වමක්". ඔව්, ප්‍රංශයේ එමැනුවෙල් මැක්‍රෝන් වගේ එකෙක්. එහෙම එකෙක් නැත්නම් ඉන්න එකෙක්ට හරි එහෙම වෙන්න පුළුවන් නම් අපි ඌත් එක්ක එනවා. 

චම්පික රණවක උනත් අවුලක් නෑ. හැබයි මට පෙන්නේ උන්දැත් ලේසියට අලි නැට්ටේ එල්ලිලා නිවන් දකින්න යනවා. බලාගෙන ගියාම එහෙම එකෙකුත් නෑ.. ඔක්කෝම ඉන්නේ චීවරේට බය ලපයි සිපයි. මේ රට හදන්න නම් ඉස්සෙල්ලා මේක අනාගමික රාජ්ජයක් කරනවා කියලා කෙලින් කියන්න පුළුවන් බය නැති එකෙක් එන්න ඕන. එහෙම නැහ්නන් ජේ ආර්, චන්ද්‍රිකා වගේ හරි මහින්ද වගේ හාන්දුරුවරු මහින්දට එහෙයි කියනවා වගේ එකෙක් හරි වෙන්න ඕන. දැන් ඉන්න හාල්පාරුවා වගේ එකෙක් නම් ආත්මෙටවත් එපා. නැහ්නන් ඉතින් අර නානසාර මහ රහතන් වහන්සේ කියනවා වගේ මේ රටට අබ සරණම තමයි. 

43 comments:

  1. මෙන්න පට්ට කථාව
    //"මගේ පුංචි රෝස මලේ...., මමයි නුඹේ වියපත් බඹරා..." කියන අමරසිරි පීරිස්ව මරාගෙන කන්න යන්නේ නෑ.//

    ReplyDelete
    Replies
    1. ඒක මරාගෙන කන්නෙ කොහොම ද කියහල්ලා. ඒකෙ මාර ම මාර ආදරණීය ගතියක් තියනවා

      Delete
    2. පට්ට කතා ගොඩක්ම කියල තියනවා මේකේ :)

      Delete
  2. මම එක දෙයක් කියන්ඩද? මේ මම කියන්ඩ යන ඇත්ත කියන්ඩ තවමත් කිසිම කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ . ඉරාජ් කියන්නේ පුදුම මෝඩ මීහරකෙක්. ඔය වගේ උන් තමයි කිරි කළයක් දොවලා ඒකට ගොම මුහු කර ගන්නේ. ඉරාජ්ගේ වීඩියෝ එකේ කිරි එන සොසේජ් එකයි, කටේ ඔබන කෙහෙල් ගෙඩියේ දර්ශනෙත් නොතිබුණා නම් ඒක ඉතාම හැඟුම් බර සාර්ථක ඉදිරිපත් කිරීමක් වෙන්ඩ තිබුණා. ඉරාජ් මොන සින්දුවක් කීවද මට නම් තේරුණේ නැහැ, නමුත් වීඩියෝ ඉදිරිපත් කිරීම හා රංගනය ඉතාම සංවේදියි, ඉහලයි. එකේ සයන්න වෙනුවට පයන්න දාපු එකටත් වඩා අර ගොන් සීන් දෙක නොදා හිටියා නම් මේ මොන ප්‍රශ්ණයක් වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ සීන් එකමයි අල්ලලා යන්නේ.... වැඩි කතා බහට ලක් වෙන්නෙත් ඒක...

      Delete
    2. මටත් ඒක ප්‍රශ්ණයක් වුණේ නෑ ලොක්කා. මම කිව්වේ මේ තරම් සද්ද බද්ද නැතිව අගේ ඇති audio-visual තියෙන නිෂ්පාදනයක් හැටියට නමක් ගන්ඩ තිබ්බා අර කෑලි නොදැම්මා නම්. අපේ කහ රෙදි මදාවියන් තාමත් මේක බලලා නැතිව ඇති.

      Delete
    3. පින්තූර රචනය කොච්චර හොඳද කියනවා නම් මට තාමත් ඒකෙ මෙලෝ වචනයක් මතක නෑ

      Delete
    4. අර කවුද එකෙක් කතා කරපු එක නොදැම්මා නම් හරි

      Delete
  3. මොකක්ද මේ ඉරාජ් ගේ සින්දුව කියලා බැලුවෙත් මාතලන්ගේ ලිපිය කියවපු නිසයි. ඇත්තටම ගීතය මොකක්ද කියලා නම් තේරුනේ නෑ. අපේ ඇස මනස යොමුවෙන්නේ විඩියෝවේ යන කතන්දරේට නිසා ගීතයට මුල්තැනක් ලැබෙන්නේ නෑ. සින්දුව නම් කෙටිචිත‍්‍රපටියක යන පසුබිම් වාදනයක් වාගේ. වික්ටර් එලිපිට කරපු දේ මේ සමාජයේ බොහෝදෙනා හැංගිලා කරනවා. කරන්න බැරිවුන් තමන්ගේ දුක තනිකම සරණක් නැති කමින් පෙලෙනවා. සමහරු අසහනයෙන් මිරිකිලා පොඩිවුන් දුෂණය කරනවා. මේක ඉරාජ් සින්දුවකට වඩා චිත‍්‍රපටයක් කලානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. මේකේ නියමම ජෝක් එක තමයි විකී මරාගෙන කන්න ගියපු උන්ම අද විකීව බේර ගන්න කෑ ගහන එක...

      Delete
  4. මාතලන්, ඔබ ඔය කරන්නේ (මාතෘකාවේම ඉඩක් වෙන කර ) "ඔහුට" අවශ්‍යම දෙයයි... හිතන්න "ඔහුට" අනවශ්‍ය දේ සඳහා ඔබේ වචන මෙහෙය වන්නේ කෙසේද කියා... එනම් "ඔහු" විසින් අවුස්සන මිනිසුන් නිහඬ කිරීමට මඟක්... නිකන් නෙමේ "ඔහු"ව මේ සමාජයේ සිටියත් "ඔහු" කුමක් කලත් "ඔහුව" නොපෙනෙන නොදැනෙන ලෙස මිනිසුන් නිහඬ කරන මඟක්..

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් "ඔහු" වටහාගනිවී "ඔහුට" වැරදුනු තැන්.. ඒ වටහාගැනීම නිවැරදි සංවේදී හරවත් සංයමයකින් යුත් කතිකාවතක් ඇති කල හැකි නිර්මාණ වලට "ඔහුව" ගෙන යාවී..

      Delete
    2. නිර්මාණ කියන එවා එක දේකට සීමා වෙන්න ඕන නෑ... අනික එක එක මිනිස්සුන්ගේ රසඥ්ඥතාවය වෙනස්... නිර්මාණ ශක්තිය වෙනස්... නිර්මාණකරණය වෙනස්... ඇමරිකාවේ උන් කන්ට්‍රී සෝන්ග්ස් අහනවා වගේම ඇමිනෙමුත් අහනවා... අපේ උන්ට එක බෑ.. ඒකට ඉරාජ්ටවත් මටවත් කරන්න දෙයක් නෑ...

      Delete
    3. එහෙනම් මොකටද "රැඟුම්" පාලකයෝ ඉන්නනේ...නිදහස උනත් වල් බූරු නම් භාවිතය නිර්මාණෙන් වැඩක් වෙයිද...

      ////කරන්න දෙයක් නෑ.../// කියලා හිතනකන් රට ඔතනමයි, මිනිස්සුත් ඔතනමයි..

      Delete
  5. //ජෙප්පන්ට පොඩි චෑන්ස් එකක් තියෙනවා. ඒත් පරණ වමේ ප්‍රතිපත්ති උඩ නම් එන්නේ ඒකට කිසිම තැනක් ලැබෙන්නේ නෑ// මගේ මතයත් ඕකමයි

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ මීට වඩා මොඩ් වෙන්න ඕනා...

      Delete
    2. වමක් හදමු බන්

      Delete
  6. ඉරාජ් music industry එකේ නැතුව porn industry එකේ හිටියනම් හැමෝටම යහපතක් වෙන්ඩ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. කැමති කෙනෙකුට ඒ විදියටත් ගන්න පුළුවන්... ඉරාජ් කලින් එකක ලෙස්බියන් පෙන්නුවා මේ පාර මැචුවර් ඇන්ඩ් ඕල්ඩ් ඇන්ඩ් යංග් සැක්ස් පෙන්නනවා.... ඕවා මහ දේවල නෙමෙයි... අපේ උන් ඕවා බලලා ගිනස් පොතෙත් නම තියලා තියෙන්නේ..

      Delete
  7. Among the developing countries, India is distinguished by its proclaimed commitment to secularism as the guiding principle of state policy and action. The conception of Indian secularism is not just an intellectual abstraction; it is not a product only of logical constructions and academic debates. It acquired flesh and blood, a moral depth and intensity through the martyrdom of the foremost leader of India’s freedom struggle, Mahatma Gandhi, and through the death-defying courage of Jawaharlal Nehru in the pursuit of the secular ideal. Further, the sacrifice of countless unknown Indians who stood up for secular nationhood at critical moments in India’s national evolution has qualitatively transformed Indian secularism from an intellectual abstraction into a powerful moral force.

    https://www.mainstreamweekly.net/article432.html

    අපේ රටේ අනාගතය ගැන හිතලා වර්තමානයේ ජනප්‍රිය නොවන දේ වුනත් කරන්න පුලුවන් නේරු වගේ අභීත නායකයෙක් හිටියේ නෑ නේද? කොතලාවලට අභීත බව තිබුනට අවශ්‍ය ප්‍රමාණයට බලය තිබුනේ නෑ.
    දැන් ලංකාවට ටූ ලේට් වගේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එහෙම එකෙක් උන්නා. ඉරාජ් පොරගේ ගෝලයෙක්... නමුත් කරුමේ උනේ උන් ස්පීඩ් වැඩි උනා හැමදේකටම... ඉතින් වේගය මරුවා කැඳවයි කියන්නැහේ පොරට අන්තීමට ජනෙල් ගැට්ටේ එල්ලෙන්න උනා...

      Delete
  8. මාතා,

    මෙරටේ දේසපාලුවෝ කරන්නේ ජනතාව ගොනාට අන්දන එක.
    ප්‍රශ්නය තියෙන්නේ රටේ වැඩිහිටියොත් තවම ඇදගන තමයි ඉන්නේ
    පේමසිරි ඈපාසිංහ මහතා බණ්ඩාරනායක මහතා ගැන ලියපු ලිපියක් පදනම් කරගෙන මම මේක ලිව්වේ
    http://lankasithuwili.blogspot.com/2017/09/blog-post_27.html

    ඉරාජ් නම් කරලා තියෙන්නේ තනිකරම නෙගටිව් මාර්කටින් වැඩක් මම නම් මේ සින්දුවේ කිසිම රසයක් දකින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. රසයක් ඇත්තේ නෑ.... ඒත් ඉරාජ් දිණුම්

      Delete
    2. මාතා අටම නියම හැදින්වීමක් කළා https://atampahura.blogspot.com/2017/09/blog-post.html
      කුබියෝ,
      මම නම් මේවගේ එව්වටයි සුපිරියි කියන්නේ එහෙම නැතුව මේ ඉරාජ් ගේ ගුගොඩවල් වලට නෙමෙයි

      Delete
    3. මට නම් දෙකම මරු...

      Delete
  9. @@@@@@@@
    //කොලු වයසේ ඉන්න උන්ට මල පනිනවා අඩෝ අපි මෙහේ වේලී වේලී ඉන්දැද්දි නාකි රිලව් කිරි කොස් කනවා නේ ඩෝ කියලා. නාකි උන්ට තද වෙනවා අපිට මේ ආතල් නෑ නේ ඩෝ කියලා. ඉතින් පිරිමි ඔක්කෝම සෙට් වෙලා ඉරාජ් මරාගෙන කන්න යනවා//

    අන්න ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඇත්ත බෙහෙත් වලටත් වඩා තිත්තයි

      Delete
  10. වීඩියෝ එක නම් සෝක් බං...ඔබට සතු‍ටුය්ද දැන්..ඉරාජ් මහත්තයො..
    ජහපාලනේ නම්....ඔය් ටික හිතිලා ගොඩක් කල්...අම්මපා අලුත් කස්ටියකට චෑන්ස් එක තියෙනවා...
    සුරසේන උන්නැහේ දැක්කෙ නැතුව ඇති පොඩි ඈයො සාරි පොට අල්ලන් අව්වෙ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. නෑ එයා නයගරා බලන්න ගියා නේ පවුලත් එක්ක

      Delete
  11. මාතලන් බොස්. ඔහේ මේ කාරණා තුනම ගැන ලියනකන් බලං හිටියෙ. +++++ නෙමෙයි බං හොඳටම තේරෙන්න ලියල. මේ ඉරාජ් ගෙ සීන් එක ගැන කිහිපදෙනෙක්ම ලියල තිබ්බත් ඔහේගෙ ස්ථාවරය දැනගන්නයි කැමැත්ත තිබ්බෙ. හරියටම හරි. ඔය මියන්මාර් මිනිස්සු ගැනත් ලංකාවේ සරණාගතයන් සම්බන්ද නීතිමය තත්වය ගැනත් පැරා හොඳ පොස්ට් එකක් දාල තිබ්බ.
    ලංකාවේ නං සෙක්ස් වලට සෑහෙන ඇරියස් තියෙන මිනිස්සු ටිකක් ඉන්නව. ඒක සමාජ ජාලා වල කැපී පෙනෙන දෙයක්. මමනම් සමාජ ජාල වලින් ඉන්ස්ටග්‍රෑම් විතරයි පාවිච්චි කරන්නෙ. ඒකත් බොහොම සුළු යහළුවන් පිරිසක් ඉන්නෙ. ඒකෙත් ඉන්නව ඉන්ස්ට එකවුන්ට් හදාගෙන ලංකාවේ කෙල්ලොන්ගේ බ්‍රා වල පටියත් මෙම්ස් විදිහට ෂෙයාර් කරන පොරවල්. ඉතිං කොහොමද මේ වගේ ඇවුන්ට වඩා ගන්නවත් ළමයෙක් අතට දෙන්නෙ ???

    ReplyDelete
    Replies
    1. අපි තාම අවුරුදු 2500 ක් පසු පසින් ඉන්න රටක් බං

      නැත්නම් මේ සිවෘ කාරයන්ට කොහෙද මෙහෙම ගැම්මක්

      පාලකයෝ අමු පොන්නයෝ

      Delete
  12. මටනම් මේ බලු දේශ පාලනය එපා වෙලා ශික්

    ReplyDelete
  13. මාතා සුපුරුදු පරිදි දීලා තියෙනව වංගු ටික කෙලින්කරලම //නාකි රිලව් කිරි කොස් කනවා නේ ඩෝ කියලා. නාකි උන්ට තද වෙනවා අපිට මේ ආතල් නෑ නේ ඩෝ කියලා//

    ReplyDelete
  14. වම කොහොමත් රැඩිකල් තමයි යකූ
    ඒකනෙ වම කියන්නෙ

    ReplyDelete
  15. ගමේ ඉඳන් ප්‍රාදේශීය බබාට ඉල්ලද්දි කව්‍ෘත් හිතනවා මූ ගමේ එකානෙ ඒ නිසා ගමට වැඩක් කොරයි කියල. අන්න එතනින් තමා අපේ ඈයො ඉස්සෙල්ලාම රෙද්ද අතට ගන්නෙ. ප්‍රාදේශීය බබා ඉස්සෙල්ලාම 1000හෙන් දෙදාහෙන් වැඩේ පටන් ගන්නවා. ඊට පස්සෙ පාරවල් හදන කොන්ත්‍රාත් එකයි අරවයි මේවයි නෑවෙන උන්ට බෙදලා දෙනවා. එතනින් සුට්ටක් ගහ ගන්නවා. අයෙ ඉතින් පලාත් සභාවට යන්න ටකරන් ටිකක් , කසියා බෝතලයක් එක්ක ටේප් පටියකුට්ත් අතට දීලම චංදෙ අරන් ඉහලට යනවා.ඊට පස්සෙ ප්‍රාදේශීය ස්භාවෙන් ටිකක් හොරා කාපු එක දැන් තව ටිකක් කනවා. ඔහොම ගිහින් පාර්ලිමේන්තු ගිහින් බලේ අතට ගත්තට පස්සෙ තියන චූන් එක දැනුනාම පොරට උතුර දකුණ මාරු වෙනවා. ඊට පස්සෙ තමයි මුංට චන්දෙ දීල යවපු අපේ මහජන හරක් ටිකට තේරෙන්නේ අපිම කපාගෙන මහගෙන ඇඳ ගත්තා නේද කියලා. දැන් අර බලේ අතට ගත්‍තු මහ දේශපාලුවට කෑමෙ රහ වැටිලා රටම කාගෙන කාගෙන යනවා. හැබැයි මුන්ට එක තැනකදි සුපිරියටම ඇනෙනවා. ඒ තමන්ගේ කියන හැත්ත බුරුත්ත සේරම රෙද්ද අස්සෙ දාගෙන උන්ට සේරම බාරදීල පොර ආතල් ගන්න පටන් ගන්නකොට.ඊට පස්සෙ උන් ටික බාගෙන කන්න තිබුන වල ඉහගෙනම කන්න පටන් ගන්නවා.මේවා ඉතින් හැමදාම කරන්නත් බෑනෙ. වැඩේ චාටර් වෙනකොට ඉතින් අර මහඑකාගෙ තමයි රෙදි ගැලවෙන්නෙ. මේ දේ හැමදාම වෙච්ච සංසිද්ධියක්. කොයි ආණ්ඩුව බලයට ආවත් වෙන්නෙ මේ දේම තමයි. දේශපාලුවෝ කරන සෑම දේකටම වන්දි ගෙවන්න වෙන්නෙ උන්ව පත් කරලා ඇරපු මහජනතාවම තමයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න